Tuesday, October 19, 2021

අපි අපේ ශිශ්ටාචාරයේ උපරිමය පසුකර ගිහින් ද?

[මේක පූර්විකාවක්. පෝස්ට් එකට  අදාල නෑ.  අනාදිමත් කලකට පෙර  මන් බ්ලොග් ලියද්දි  එක එක genre වලට එක එක බ්ලොග් හැදුව.  ඉතින්  මන් දාර්ශනික කතා ලියන්න බ්ලොග්  එකක්  හැදුව.  හිතට එන ඔපිනියන්ස් ලියන්න බ්ලොග්  එකකුත් හැදුව.  දැන් වැඩේ තියෙනෙන් දාර්ශනික ඔපිනියන් එකක් ආවොත් මොකද කරන්නෙ.  මෙතෙක් කලේ  එක්කො  එකකට දානව නෙවිනම් අනිකට දානව.  ඒකෙන් වෙන්නෙ එක බ්ලොග් එකකවත් කන්සිස්ටන්ට් යන්නෙ නෑ. ඒ නිස මන් දැන් දෙකටම දානව.  ඒ නිසා මේක අනිත් බ්ලොග්  එකෙත් ඇති, ගණන් ගන්න එපා.  වනන්තර අපි වවන්නෙ.  වතුවගා නෙවි. ගස් හිටවීමේ  පිලිවෙළක් නෑ]

නගරයේ කළබල වීදි වල පේව්මන්ට් දිගේ වැඩියෙන්ම දකින්න ලැබෙන්නෙ ඌබර් ඊට්ස් බයිසිකල්. එව්ව පාරෙ පදිනව අඩුයි, පළල හින්දද කොහෙද. කෝවිඩ් රැල්ලත් එක්ක හේතු දෙකක් නිසා ඌබර් ඊට්ස් වැඩිවෙලා තියෙනව. එකක් තමා ඔඩ් ජොබ්ස් අඩුම වෙලා යාම. අනික තමා මිනිස්සු රෙස්ටෝරන්ට් වලට යන්න අකමැති වීම. කෝම වුණත් මේ ඌබර් ඊට්ස් පදින බර හරියක් ස්ටුඩන්ට්ස් ලා.

ඌබර් ඊට්ස් විතරක් නෙවි, ඌබර් ඩ්‍රයිවිනුත් සමාජෙට සැහෙන්න කා වැදිලා. ඒක කෝවිඩ් නිසා ටිකක් අඩුවෙලා. ඒත් මම දන්න පෙර ඔෆිස් වල යාලුවො ඉන්නව ජොබ් එකට අමතරෙන් ඌබර් එලවන. මේක හෙණම කූල් හොබි එකක් පාස්ටයිම් එකක්ම නෙවි. සම්මත ලයිෆ්ස්ටයිල් එකක පැය අටේ වැඩ මුරයෙන් පස්සෙ තමන්ගෙ පවුලෙ අය එක්ක කාලය ගෙවන්න හෝ තමන්ගෙ හොබි එකකට කාලය දෙන්න තමා ඉතින් කියන්නෙ. එතකොට කෙනෙක් අමතර පැය ගානක් ඌබර් එළවීම සළකන්න වෙන්නෙ 1888 චිකාගෝ වල පෙළපාලි ගිය කම්කරු ජනයාගෙ කණට ගහපු පාරක් වශයෙන්ද? අමතර වෙලාවෙ බිස්නස් හදන ඔන්‍ටප්‍රිනර් උන් ඉන්නව, අමතර වෙලාවෙ ක්‍රීඩා කරන උන් ඉන්නව මියුසික් කරන උන් ඉන්නව, හොබි වලින් හම්බු කරන උන් ඉන්නව ගේම් ස්ට්‍රීමින් කරන උන් ඉන්නව. ඒ ඔක්කොගෙම පොදු කතාව තමා එයාල කරන්නෙ තමන් ආසා දෙයක්. ඉපයීම සෙකන්ඩරි. ඒත් ට්‍රැෆික් එකේ වාහන එළවීම තෲප්තියක් කරග්ත් හෙනම රෙයා එකෙක් නොවෙන්න ඌබර් එකෙන් අනාගතෙ කල් පවතින ලොකු ව්‍යාපාරයක් ඔන්ප්‍රිනර් එකක් හැදෙන්නෙත් නෑ හොබි ආතල් එකක් තෲප්ත වන්නෙත් නෑ. ඌබර් එළවන්න මධ්‍යම පාන්තික මිනිස්සු පෙළඹීම සළකන්න වෙන එකම විදියනම් මධ්‍යම පාන්තික ජීවිතේට වයිට් කොලර් රස්සාව මදි වීම කියල තමයි.

අද මන් දකිනව ෆේස්බුක් එකේ සන්වාදයක දෙන්නෙක් ලියු කමෙන්ට් දෙකක්. මේ සන්වාදය මට දැන් හොයන්න බෑ, ඒ නිසා ඒ දෙන්නගෙන් අවසර ගන්නත් බෑ, ඒ නිසාම නම් දාන්නෙත් නෑ. මෙහෙම කමෙන්ට්දෙක ගන්න එක ඕකේ කියල හිතනව. මේ ඒ කමෙන්ට් දෙක.

"50-70 කාලෙ තම ඓන්න තිබ්බෙ. හොද ජොබකුයි හොද වාහනේකුයි තිබ්බ උන් රජ ආතල් එකක් ගත්තෙ ඒ කාලෙ"
"ඒ කාලෙ සපත්තු සේල්ස්මන් කෙනෙක්ටත් හොද ගෙයක් වාහනයක් ගන්න පුලුවන්කම තිබ්බ කියල කියන්නෙ"

මේ කතාව ජෙනරලයිස් කරගත්තොත් මෙයාල කියන්නෙ එයාලට ගෙවල් ගන්න බෑ වාහන ගන්න බෑ හෝ රජා වගේ ඉන්න ඕනෙ කියන එකට වඩා කාලයත් එක්ක ඔය මධ්‍යම පාන්තිකයක්ගෙ ජීවන අවකාශෙ සිහින් වෙලා ඉතුරුවෙලා තියෙන තරම ගැන කතාවක්. මේක සත්‍ය කතාවක්.

අසූව දශකයේ ඇමරිකාවෙ සමාජ ජීවිතය වෙනස් වූ ආකාරය ගැන කතාකරන්න බිද වැටුනු මධ්‍යම පාන්තික ජීවිත අළලා පටන්ගන්න කාටුන් සිරිස් එකක් තමා ද සිම්ප්සන්ස්. හෝමර් හෙවත් පවුලේ පියා බෝම පොඩි රස්සාවක් කරන්නෙ අම්ම ඉන්නෙ ගෙදර ළමයි තුනයි. මෙයාලට තමන්ගෙ ගෙයක් හා වාහනයක් තියෙනව. ඒත් මෙයාල ඉන්නෙ ම්ධ්‍යම පන්තියෙ පිට පොත්තෙ. අන්න ඒ මධ්‍යම පන්තියෙ පිට පොත්තෙ ඉන්න උන්ගෙ ජීවිත ගෙවෙන ආකාරය උන්ගෙ ගැටලු ගැන කතාවෙන්න තමා කතාව නිර්මාණය කරන්නෙ. ඒත් මොකක් හෝ හේතුවකට සිම්ප්සන්ස් ඉවෝල් වෙන්නෙ නෑ දැන් එපිසෝඩ් 32 ක් ගිහින් තාමත් යන්නෙ ඒ කතාවමයි (සිම්සන් නිතර බලන්නෙක් නොවෙන නිසා ඒක එහෙම වෙන්න කතාවෙ පැහැදිලි කිරීමක් තියෙද දන්නෙ නෑ, ඒත් ඒක මට අදාල නෑ). ඉතින් 2021 අපි මේ බලන්නෙ 1989 මධ්‍යම පන්තියෙ වාටියෙ උන්නු පවුලේ කතාව.

මාර සීන් එක කියන්නෙ ඒ පවුල අද ඇමරිකාවෙ ඉන්න හොද මධ්‍යමපාන්තික පවුලක ස්ටේටස් එකේ ඉන්නෙ. සිම්සන් පවුල එතරම් වැඩි පඩියක් නොවෙන එක ඉන්කම් එකකින් ගෙවපු ජීවිතේ ගෙවන්න අද වෙද්දි ඇමරිකන් මධ්‍යම පන්තියෙ දෙන්නම (ඒ වගෙ ජොබ්ස් වලින්) උපයලත් අමාරුයි. ඒ උපයන දෙන්නටත් අමතර රස්සා කරන්න වෙනවා. හෝමර් සිම්සන් අමතර රස්සා කරන්නෙ එදාවේලට හෙවත් එන්ඩ්ස් මීට් කරන්න නෙවි, ලමයෙක්ගෙ උවමනාවකට, හෝ මොකක් හෝ අකරතැබ්බයක් නිසා. ඒත් දැන් සෙකන්ඩ් ඉන්කම් එකත් අවශ්‍ය එදාවේලට.

මධ්‍යම පන්තියට ඔහොමනම් දරිද්‍රතා ඉරට පහළීන් ඉන්න අයට කෝම ඇද්ද? ලෝක සම්මුතියෙන් දරිද්‍රතාවය කියන එක මනින්නෙ රටේ ගෙදරදොර මධ්‍යස්ත ආදායමෙන් බාගෙට අඩු ආදායම් ලබන්නන් කියල. මේ දරිද්‍රතා ඉර ට පහළ ඉන්න ප්‍රතිශතය මහ ලොකුවට වෙනස් වෙලා නෑ. ඒත් ඒ ඉරට පහළින් ඉන්න මිනිහෙක් එදිනෙදා ජීවිතේට කරන්න තිබ්බ දේවල් ටික මහ ලොකුවට වෙනස් වෙලා තියෙනව මේ වෙනකොට. පෙරට වඩා බෙහෙවින් අසීරුයි, ඒ වගේම ඒ ආදායමෙන් ඔවුන්ට ලබාගතහැකි දේත් පෙරට වඩා සීමිතයි.

ඕකත් එක්ක නිර්මාණය වන සන්කිර්ණ අර්බුදයකට බොහො රටවල් ගිහින් තියෙන්නෙ. තව ඇමරිකන් කොමඩියක් ගමු, බිග් බෑන් තියරි. ඒ කතාවෙ අතිශයින්ම අභව්‍ය සිද්දිය දන්නවද? නිළියක් වෙන්න හිතන් මාසෙට ඩොලර් දෙසියක් ද කොහෙද ගෙවාගෙන පන්තිත් යන කෙල්ලෙක් වේටර් රස්සාවක් කරල එල් ඒ වල පැසඩීනා කියන අෆ්ලුවන්ට් නේබර්හුඩ් එකේ ස්ටුඩියෝ අපාට්මන්ට් එකක ජීවත් වීම. ඒක සාමාන්‍ය වේටර් රස්සාවක් කරන කෙනෙකුට මේ මොහොතෙ ඉම්පොසිබල්.

පෙර සදහන් කළ 50-70 කාලෙට ආපහු යාමේ සිහිනය බොහො දෙනෙකුට එන හේතුව මේකයි. ඇත්තෙන්ම 60 කියන්නෙ පළමු ලෝකෙට මාරම හොද දශකයක් වෙන්න ඕනෙ. ලෝක යුද්ද ඉවර වෙලා ලෝකය නැවත ඕඩර් එකකට සකස් වෙලා ආර්තිකයන් පිකප් කරගෙන ආවට ජීවන වියදන් අහස උසට නැගල නෑ. මිනිස්සුත් මාර ඇචිව්මන්ට් ගත්ත කාලයක්. කලාව ගත්තත් අලුත්ම මානයකට යනව. මානව චින්තනය තදින් වෙනස් වෙනව. අපි අතේ ඒ කාලෙට වඩා දැන් ගැජමැටික් තියෙනව තමා. ඒත් ඒක ජීවිතේ යහපත් බව ගැන මිම්මක් නෙවි. මේ ශිශ්ටාචාරය විනාස වුන දවසක අනාගත ශිශ්ටාචාරෙක ඉදන් මේ ගැන අධ්‍යනය කරන කෙනෙක් ඔයාගෙ ගේම්ස් වල ග්‍රැෆික් කොලිටිය මත නෙවි ශිශ්ටාචාරයේ උපරිමය හෙවත් සීනිත් එක නිර්ණයකරන්නෙ. හැටේ සිට මේ දක්ව අපෙ ප්‍රගතිය තරමක් ඉන්ද්‍රජාලික එකක්.

මේක වුණෙ එකොහොමද? අපි අර අතීතෙට යන කතාව ගත්තොත්, ඔය කතාව කියන කිසිවෙකුත් 60 දශකෙ ඉන්දියාවට චීනෙට කොරියාවට වියට්නාමෙට අප්‍රිකාවට යන්න මලාට හිතන්නෙ නෑ. ජපානෙටවත්. ඔය හැම තැනකම වගෙ එක එක ආකාර වල මානව ඛේදවාචක විසින් මහජනයා පාගාගෙන ජීවිත ඉතාම දුක්බර ලෙස ගෙවමින් තිබ්බෙ. ලන්කාව විතරක් ගත්තත් ඔය ආපහු යන සිහිනෙ තියෙන්නෙ කොළඹ එවකට ඉහළ යයි සම්මත සමාජෙට යාම. ගමක උන්නනම් ඔය කියන කාරෙකක් තියාගෙන ගෙයක් තියාගෙන ඉන්න සිහිනෙ සාර්තක කරගන්න පුලුවන් ඉතා සුලු පිරිසකට පමණයි. ඉතින් ලන්කාවෙ මොකද වුණේ කිව්වොත් නිදහස් අධ්‍යාපනය සහ ලෝකෙට විවර වීම නිසා ඒ දේවල් ගන්න බැරි අයත් ඒව ගන්න මට්ටමට ආව. සම්පත් සීමිතයි නෙ ඉතින් සමාජෙ බර පිරිසක් එම්පවර් වෙනව කියන්නෙ ඊට කලින් එම්පවර් වෙලා උන්නු අයගෙ පවර් එක පොඩ්ඩක් හෝ අඩුවීමක් වෙනව කියන එක. බැලන්ස් එකක්නෙ තියෙන්නෙ. ඒ වගේම ඉල්ලුම හා සැපයුම අතර බැලන්ස් එක නිසා ගොඩ දෙනෙක් මේ දේවලට ඉල්ලුම් කියනකොට ඒව ලබාගන්න යන වියදම ඉහළ යනව. ලෝක මට්ටමෙත් වුණේ ඕකමයි. අර කිව්ව ඉන්දියාව චීනෙ කොරියාව වියට්නාමෙ සහ තව විශාල ප්‍රමාණයක් රටවල් පිකප් වෙලා ආවම පෙරකී පරිදි සම්පත් බෙදීමෙ බැලන්ස් එකත් එක්ක ඒව සුලබව තිබ්බ පළමු ලෝකෙට ඒව අඩුවෙන් ලැබෙන්නෙ අනික ඉල්ලුම ඉහල යාම නිසා ඒ සම්පත් වලින් උවමනා සපයා ගන්න යන වියදම වැඩියි.

ඒකයි සිම්සන් පවුල හා බිග් බෑන් තියරියෙ පෙනිගෙ කතාව දැන් සමාජෙට ලබාගන්න බැරි අභව්‍ය එකක් වෙලා තියෙන්නෙ. පනහ හැටේ දශකය ගැන අපිට රොමෑන්ටික් තාලෙට හිතෙන්නෙ. දැන් අර ඌබර්ඊට්ස් බයිසිකල් පදින ස්ටුඩන්ට්ස් ලට අපි කියන්නෙ මොකද්ද? මහන්සිවෙලා ඌබර් ඊට්ස් කරලා ඉගෙන ගනිල්ලා ඊට පස්සෙ උඹලට හොද රස්සාවක් අරගෙන කාරෙකක් හේම අරගෙන කාර් ගෙවල් වල ලෝන් බේරන්නයි ස්ටුඩන්ට් ලෝන් තියෙන රටවල ඒව බේරන්නයි ඌබර් ටැක්සි දුවන්න පුලුවන් කියලද?

මේක ශිශ්ටාචාරයේ කඩා වැටීමක් ද ? ශිශ්ටාචාරය කියල මන් කියන්නෙ පුනරුදයෙන් පටන් ගෙන යටත්විජිතවාදය ඔස්සෙ ලෝකෙ පුරා ගිය යුරෝපා මූලික ශිශ්ටාචාරය, ඒක තමා ලෝකෙ බහුතරයක් රටවල් ෆොලෝ කරන්නෙ කැමත්තෙන් හෝ අකමැත්තෙන්. අපි මේ දකින්නෙ ඒකෙ අවසානයද?

මන් මෑත කාලෙ බලාපු ලස්සනම යු ටියුබ් සීරිස් එකක් පෝල් කූපර් ගේ ෆෝල් ඔෆ් සිවිලයිසේශන්ස්. පෝල් ඉතිහාස දත්ත විශ්ලේශනය සහ කතාව කීමට එහායින් දෙයක් කරනව. ලෝකෙ උපරිමයන්ට ළගා වෙලා විවිධ හේතු නිසා බිද වැටුණු ශිශ්ටාචාර බිද වැටෙන්න ආසන්න මොහොතෙ මිනිස්සු ලියු දේවල් කියු දේවල් වලින් අරගෙන ඉතාම හැගුම්බර නාට්‍යමය අවස්තාවක් හදනවා අපි ඒ ශිශ්ටාචාරෙ කෙනෙක් නම් මේ කඩාවැටීම කෝමද දැනුනෙ කියන එකට. පෝල් ගෙ ෆෝල් ඔෆ් සිවිලයිසේශන් එකේ කඩා වැටෙන ශිශ්ටාචාරවල අවසානෙ තිබ්බ ලාක්ශනික ස්වරූපයන් අපි ඉන්න මේ ශිශ්ටාචාරෙත් දැන් පේනව. කිසිම දෙයක් සදාකල් මෙහෙම පවතින්නෙ නෑ, මේකත් තව එක ශිශ්ටාචාරයක් පමණයි. ඉතිහාසෙ තිබ්බ දැවැන්ත ශිශ්ටාචාරත් ඒවයෙ සීනිත් එකේදි මෙහෙම තමයි ෆීල් වෙන්න ඇත්තෙ. ඒව කඩා වැටිල තියෙන්නෙ සුලු සිද්දි වලින්. ඒත් කඩා වැටෙන්න ගත්තාම නතර කරගන්න බෑ. අපි ඉන්නෙ එහෙම තැනකද?

නෙවිනම් අපි ඉන්නෙ පැරඩියම් ශිෆ්ට් එකක් ලග වෙනන් පුලුවන්. උදාහරනෙකට කාර්මිකරණය සෞඛ්‍ය අන්ශවල දියුනුව ආදිය නිසා ලෝකෙ - විශේශයෙන් යුරෝපෙ - ජනගහනය වැඩිවත්ම එවකට තිබ්බ සාම්ප්‍රදායික කෲශි උපක්‍රම වලින් වවල කන්න දෙන්න ඉඩම් ප්‍රමාණවත් නොවීම නිසා ලෝක යුද්ද ඇතිවුණා කියල කියනවනෙ. ඒත් හරිත විප්ලවය විසින් ගොවිබිමක අස්වැන්න විශාල ලෙස ඉහල දමන නව ප්‍රබේද හදනවත් එක්කම ඒ ගැටලුව අවසන් වෙලා යනවා. ආහාර සුරක්ශිතතාවය ගැන අපි තාම ඉන්නෙ හරිත විප්ලවය විසින් නිර්මාණය කළ ඒ අලුත් පැරඩියම් එකේ.

ඔය දෙකෙන් වෙන්නෙ මොන එකද කියල නිරවුල් නෑ. ඒත් පෙර කී කතා සියල්ලෙ තියෙන පණිවිඩේ මේ වෙද්දි සමහර ජිමික්ස් වලින් අපි ඉස්සරහින් ඉන්නව කියල අපිට හිතුනට අපි යන්නෙ අනිත් අතට කියන එක. සීනිත් එක පහුවෙලා. සීනිත් එක පැන්නම ශිශ්ටාචාරය ඉන්න උන්ට මල වනයක් වෙනව. ඒකෙ නඩත්තු බිල ගෙවාගන්න ඉන්න උන්ට අමාරු වෙනව. පැරඩයිම වෙනසක් නොකලොත් ඒක වැටෙන්නෙ ඒකෙම බරට. අපි ඉන්නෙ ඒ මොහොතෙ නෙවිද?


27 comments:

  1. හ්ම්...👌🤔
    https://www.youtube.com/watch?v=eIQCKLAoPnY

    ReplyDelete
    Replies
    1. හ්ම්..නේන්නං...උඹත් අර පහල ඉන්න අධිකරණ සංඝනායක, බුරාභිධාන උන්නාංසෙගෙන් බණ පදයක් අහපං, හිටගෙනම සෝවාන් වෙතෑකි. බ්ලොග් තන්හාවෙන් මිදිලා, ලඟ එන වින්ටරේදිවත් ශිශිර-තාරකා නිද්‍රාවට යන්න පිංවත. ඒවං මේ සුතං සුනඛං..

      Delete
    2. බස්සා තැන්ක්ස්. ඒක පට්ට. ඒක කලින් පෝස්ට් එකට ගෙනියන්න ඕනෙ.

      මන් ඒ විඩියොව කලින් දැකල නෑ ඒත් එයා කියන්නෙත් මගෙ කතාව වගෙම එකක්.

      එයා කියන ඉන්ෆොමේශන් ඊරා කතාව මගෙ පරන පෝස්ට් එකක් එකක් සමපාත වෙනවා

      Urban Legend

      Delete
  2. // අඩෝ බුරා. කෝ බන් උඹ කොහෙද හිටියෙ. මේක හරියන් නෑ පුතා උඹ දන් බ්ලොග් අස්සෙන් බහින්න ඔනෙ. නෙවිනම් වෙන්නෙ මෙහෙම අපි මීමුරේ ආපු වෙලාවට උඹ එක්ක කිතුල් වඩියක් ගහල යන සීන් එක වගේ. මේක හෙන ස්ලෝ මීඩියම් එකක් බන් මේ දිහාවෙ එවෙනව අඩුයි. එෆ් බී ගෲප් අස්සෙ මීට වඩා සීන් කතා වෙනව. මන්නම් දැන් එව්වයෙන් ගනන් ආදර්ශයත් අරගෙන තමා බ්ලොග් වලට දාන්නෙ. අනික බ්ලොග් තියන් ඉන්නෙ පස්සෙ දවසක රිෆර් කරන්න. 2010 බ්ලොග්වල අපි කරපුව ආයෙ කෙරෙන්නෙ නෑ මචන් //

    කලින් පෝස්ට් එකේ දාපු කමෙන්ට් එකට මෙතැන උත්තරයක් දෙඤ්ඤං. නැත්තං සුජීව ඒක දකින එකක් නෑ නෙව.

    Facebook ආපු මුල්ම කාලෙ හදාපු මගෙ අකවුන්ට් එක අවුරුදු දහයක් විතර තිස්සෙ පාවිච්චි කරලා දැන් අවුරුදු කීපෙකට කලින් මකලාම දැම්මා සුජීව. මට ඒක එපාවෙලාම ගියා. දැන් නිදහසේ ඉන්නවා. මම බ්ලොග් වුනත් වැඩිය පාවිච්චි කරන්නෙ නෑ. අවුරුදු දෙක-තුනක් බ්ලොග්වලිනුත් අයින් වෙලා ඉඳලා ආයෙමත් මේ එහෙන් මෙහෙන් ඔලුව දානවා. තව කොච්චර කාලයක් එහෙම ඉඳියිද දන්නෙ නෑ ඉතිං. ඉස්සර කාලෙ වගේ වාද-විවාද කරන්නත් කිසිම ආසාවක් නෑ. දැන් වයසයිනෙ බං. පොතක් පතක් කියවන් ඉන්‌න එක තමා ලොකුම සන්තෝසෙ. කාලෙකට පස්සෙ උඹව දැක්කහම ලොකු සතුටක් දැනුනා. :-D

    ReplyDelete
    Replies
    1. අඩෝ මූත් මෙහෙ එන්නෙ ඉද හිට. මන් හරියට කියන්නම්. අපි නිවාඩුවට මී මුරේ ගියාම දැනට වනගතව ඉන්න බුරත් අහම්බෙන් එහෙට ඇවිත්.

      එල.

      බ්ලොග් වල සීන් එක ඒකෙ ස්වරූපෙ බන්. මේව හොය හොය කියවන්න එපැයි. හොය හොය උහ්තර දෙන්න ඕනෙ.

      එෆ් බී එකෙ එ ඉතින් තමන් කැම්ති දේවල් විතරක් කරන් ඉන්න පුලුවන්. තියෙන ඔක්කොටම උත්තර නොලිය


      එනිවේස් ආපු එකේ පොඩි චැටක් දාමු. අපි ඉන්නෙ මේකෙ සීනිත් එක පන්නල ඩවුන් කර්ව් එකේද?

      Delete
  3. IMO paradigm shift is more possible than an entire fall of civilization..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. බිලියන හතක් එක්ක කලප්ස් වෙන ඉඩ වැඩියි ඉස්සරට වඩා. ඇයි මුන් ඔක්කොටම ඕනෙ දේවල් සපයන්න ඕනෙනෙ. මේ දවස්සල යන සප්ලයි චේන් කලප්ස් එක දුර ගියොත් ඒකමත් ලොකු ඉශු එකක්. අමතක කරන්න එප අ අරබිය ඇනකි මරා ගැනිල්ලක තිබ්බෙ පහුගිය දශකෙ. අයිසිස් ආවෙ සිරියාවෙ පොඩි නියගයක් මත

      Delete
    2. උඩ බස්සගෙ කමෙන්ට් එක බලන්න

      Delete
  4. මේ පෝල් කූපර් ගේ බ්‍රෝන්ස් ඒජ් කලප්ස් එපිසෝඩ් එක

    The Bronze Age Collapse - Mediterranean Apocalypse

    ReplyDelete
  5. එසේ ද විය හැකියි පිංවත, එසේ නො විය ද හැකියි...

    ReplyDelete
  6. මේ පෝස්ට් එක කලින් දාලා තිබුනා නෙහ්🤔 ඒක දාලා තිබුනේ මේකෙම නෙමේ ද?
    මේකෙ නෙමෙ නම් දාපු තැනට යන්න ලින්කුවක් එවන්ටෝ

    ReplyDelete
  7. මම පෝල් මේසන් ගේ පෝස්ට් කැපිටලිස්ම් ආදී පොත ටික කියවනවා මේ දවස් වල. ඔය ශිෂ්ටාචාරය වැටීම ගැන එපමණ විශ්ව්සයක් නැහැ. අපි අභ්‍යවකාශ දෙවන යුගයට වඩා නිවැරදි ලෙස එළඹිලා ඉන්නේ කියල තමයි මගේ හැඟීම. අනිවශ්‍ය අය හැලෙන්න නියමිතයි

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය අය හැලෙන්නෙ කෝමද කියන එක මත රදා පවතිනවා.

      ඉස්සරින්ම මේක කැපිටලිස්ම් මාක්සිසම් හුටපටයක් ලෙස මන් හදුනා ගන්නෙ නෑ. ඇඨ්හ්තෙනම් අපි අද ඉන්නෙ ඔය සිස්ටම් වල හයිබ්‍රිඩ් එකක. ඒකෙත් බොහෝරටවල පාලනය පව්තින්නෙ ලෙෆ්ට් ලීනින් සහ රයිට් ලීනින් මේන් ෆෝස් දෙකක් අතේ. ඉතින් මිනිස්සු බලය දෙපැත්තට මාරුකරල අධික ධනවාදය හා අධික සමාජවාදයෙන් වෙන හානි වලකා ගෙන කරගෙන යනවා. ඒක සැහෙන්න ස්ටේබල් මගෙ හිතේ.

      ඉතින් ඔය අනවශ්‍ය අය හැලෙන්නෙ කෝමද? ඔන්න ඕක උඩ තමා කලැප්ස් කතාව තියෙන්නෙ. කලැප්ස් එකක් අනිවාර්‍යයෙන්ම ට්‍රාන්සිශන් එකක්. කොස්ට් එක ඉම්පැක්ට් එක තමා ක්‍රිටිකල්.

      ඕනෙනම් බ්‍රෝන්ස් ඒජ් කලැප්ස් එකත් ගනන් පුලුවන් ට්‍රාන්සිශන් එකක් ලෙස. හිටයිට් මයිසිනියන් සහ එව්වයෙ වැසල් ස්ටේට්ස් සම්පුර්නෙන්ම වදවෙලා ගියා. ඊජිප්තුව කට් ඩවුන් වුනා. එතන තිබ්බ ග්ලෝබල් ට්‍රේඩ් ඉකොනොමිය බිද වැටුනා. හැබැයි සමගාමිව යටපත් වී හුන් ඇසිරියානුන් දියුනු වෙලා ඇවිත් ලොකු අධිරාජ්‍ය්‍යක් හදනව. ඊට පස්සෙ බැබිලෝනියන් උන්ත් ඒකම කරනව. ග්‍රීසිය පැත්තෙනම් සහස්‍රයක් වගේ ලොස්ට්. මධ්‍යධරණි වෙරලේ කැනනයිට් නගර වඩාත් බලවත් වෙනව පහුවෙද්ඩි බොහොවිට ඔවුන් ෆිනෝශියානුන් වෙනව. යුදෙව්වොත් (ඊස්‍රායලයිස්ට්) බලවත් වෙනව. මේ කට්ටිය ලෝකෙ වෙනම යුගේකට ගෙනියනව. ඒත් කලින් තිබ්බ එක කලැප්ස්. ස්මූත් ට්‍රාන්සිශන් එකකුත් නෙවි ලේ හැලුනු කෝලාහාල් භීම යුග කීපයක් එක්ක.

      ඒ නිසා ඔයා කිව්ව වැදගත්ම දේ තමා අනවශ්‍ය අය හැලෙන හැටි.

      Delete
    2. බදවේ මට හිතෙනව ඔය අ "ශිශ්ටාචාරයේ බිදවැටීම්" කිව්වම කියන්නෙ කෲශි යුගයෙන් පටන් ගත් මානව ශිශ්ටාචාරෙ කියල. නෑ මන් කියන්නෙ ඒක නෙවි. මන් කියන්නෙ පුනරුදයෙන් පටන් ගෙන කොලෝනියල් කාලෙ ලෝකෙම පැතිරිලා අද ලෝකෙම පාලනය කරන වත්මන් ශිශ්ටාචාරය

      Delete
    3. අජිත් මහත්මයා, වෙනසක් වෙනව නම් අනිවාරෙන් එක කොටසක් හැලෙන්නම වෙනවා නේද?

      එතකොට ඔය විදියට හැලෙයි වගේ දකින්න පුලුවන් වෙන්නෙ මොන වගේ කණ්ඩායමක් ද?

      Delete
  8. ඔව් ගොඩක් දේවල් ඇත්ත.
    මේවා හැමෝම එකතු වෙලා කතා කල යුතු දේවල්.

    ඇත්තටම ලෝකේ ජනගහනය දරා ගන්න තරම් බැරි වෙලා ලු.ආහාර ප්‍රශ්නයත් ඒකියන්නෙ වැඩි වෙනවා. එතකොට තමයි ජාන වෙනස් කරපු ආහාර කරලියට එන්නෙ.

    අනික 2050 වගේ වෙද්දි දැනට තියෙන තත්ව දිගටම තිබුනොත් ලෝක වැඩිහිටි ජනගහනය 2ගුන වෙනවලු. ශ්‍රම බලකාය අඩු වෙලා, එතනත් ගොඩක් ගැටලු ඇති වීමේ සම්භාවිතාවක් පවතිනවා.

    අනික රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය වගේ තාක්ෂණික අංශවල දියුණුව එක්ක සම්ප්‍රදායික රැකියා අවස්ථා ගොඩක් අහිමි වීමකුත් වැඩි වෙන්න පුලුවන්.

    මේ දේවල් එක්ක කොරෝනා කියන්නෙ එක අතකින් ජනගහනය පාලනය කරන්න ආපු දෙයක් ද මන්ද. එහෙමත් ගන්න පුලුවන්.

    මේ දශකය බොහොම තීරණාත්මක දශකයක් වේවි කියලා තමයි අදහස. ලොකු වෙනස්කම් රැසක් වේවි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දැන් මන් ආවෙ ඔය ගැන ලියන්න කොමෙන්ට් එකක්.

      ජනගහනය අඩු වීම ඕකේ, රොබෝ හා ඔටෝමේශන් වලින් ශ්‍රමික හිගය පිරිමහන එකත් ඔකේ. ඒත් ඔය තත්වය එන්නෙ ඇයි? සමහර මිනිසුන්ට දරුවෙක් හදන්න කසාද බදින්න බෑ ඔවුන්ට ලබාගන්න තියෙන ජීවිතේ අතුලෙ, බැරිකමටයි නොකර ඉන්නෙ. ඒ දෙක ලක්සරියක් වෙමින්.

      ශිශ්ටාචාරෙ බර අදින්න මිනිසුන්ට උන්ගෙ මූලික බයෝලොජිකල් උවමනා පවා පසක තියන්න වෙලා. ඒකයි මන් කියන්නෙ අපි ඉන්නෙ පීක් එක සීනිත් එක පහුකරල කියල. ශිශ්ටාචාරෙ දැන් අපේ පස්සෙන් ගල්‍ රෝලක් වගේ එලවගෙන එන්නෙ.

      Delete
  9. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "7. බර කතා බහ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  10. අහම්බෙන් ආවේ. ඔබ ලියන දේ අනර්ඝයි . ස්තුතියි

    ReplyDelete
  11. මේක තමා අලුත්ම තත්වෙ .

    දියුනු යයි සම්මත මේ රටවල මේ සමාජ කොට්ටාශ දරුවන් නොහදන්නෙ ඇයි? සමහර මිනිසුන්ට දරුවෙක් හදන්න කසාද බදින්න බෑ ඔවුන්ට ලබාගන්න තියෙන ජීවිතේ අතුලෙ, බැරිකමටයි නොකර ඉන්නෙ. ඒ දෙක ලක්සරියක් වෙමින්.

    මේ බලන්න එක කොම්පැනියක පඩි වැඩි කර ගමන් මිනිස්සු කසාද බදල ලමයි හදනව.

    ශිශ්ටාචාරෙ බර අදින්න මිනිසුන්ට උන්ගෙ මූලික බයෝලොජිකල් උවමනා පවා පසක තියන්න වෙලා. ඒකයි මන් කියන්නෙ අපි ඉන්නෙ පීක් එක සීනිත් එක පහුකරල කියල. ශිශ්ටාචාරෙ දැන් අපේ පස්සෙන් ගල්‍ රෝලක් වගේ එලවගෙන එන්නෙ.

    ReplyDelete