Friday, April 2, 2021

ප්‍රශ්න තුනක්

ලන්කාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්න තුන මෙන්න මේවා ලෙස මම තුමා හදුනා ගන්නව.

1. විනිමය හිගය:

අපි ඉන්න ආර්තික මොඩලෙ රටක් කියන්නෙත් පවුලක් වගෙනෙ. රටේ බාහිර ගනුදෙනු වෙනුවෙන් රට (නෝට්: ආන්ඩුව නෙවි රට, මුලු රටේ මිනිස්සු සමාගම් ඔක්කොම) විදෙස් විනිමය උපයන්න ඔනෙ. ඒව වැය කරල රටට අවශ්‍ය දේවල් ගෙන්ව ගන්න පුලුවන්. ඒ කිව්වෙ අතමිට සරුවෙ තරමට තමා වැය කල හැක්කෙ. අතමිට කිව්වෙ විදෙස් විනිමය. එක්කො තමන්ගෙ දුප්පත් කම සලකල රටේම හදන දෙයක් කාල බීල විදල ආතල් අරන් රටේ තියෙන හිග පාඩු කටු කමින් දුකම ජීවිතේ තේමා ගීතෙ කරන් ඉන්න ඔනෙ. නෙවිනම් තමන්ට පිටින් ගන්න ඔනෙ ආතල් වලට සැහෙන ගානක් රටට උපයා ගන්න ඕනෙ.

ලන්කාවෙ මිනිසුන්ගෙ ආසා ගැන අවබෝදයන්, අවශ්‍යතා වල ස්වරූපයන් තරමක් ලොකුයි. ඒකට උන් උපයන විදෙස් විනිමය ගොඩක් පොඩියි. ඉතින් තමන්ට ඕනෙ දේවල් සපුර ගන්න හැමෝටම ඕනෙ නිසා ලොකු ගැප් එකක් තියෙනව. ඕක තමයි විනිමය හිගේ.

ඔය ගැප් එක පියවන්න රටේ නැති සෙල්ලම් දානව. සිරිමල 70-77 පෝලිම් යුගේ හැදුවෙ පෝලිම් වලට ආසාවට නෙවි එයාල කලේ මෙන්න මේ විනිමය හිගේ 0 කරනෙක. ඒත් ඒකෙන්වුනේ රටේ බොහෝ දේවල් හිග වීම අඩු වීම කෝටා කරන්න වීම. ඊට පස්සෙ නායකයින් ඩොලර් එන ආර්තික මොඩල හැදුවා. ආයෝජන කලාප, සන්චාරක කරුමාන්තෙ, සන්වර්ධන ව්‍යාපෲති වලට ගන්න ණය, එදා වේල පියවන්න ගන්න ණය, ශ්‍රමිකයන් රට යැවීම. මේ සමහර එව්වයෙන් ලොකු වාසි තිබ්බ. තව සමහර එව්වයෙන් වුනේ අනාගත වසරවල ණය වාරිකයකුත් වැඩිපුර වියදමක් වීම පමණයි. එසේම ආඅයෝජන කලාප හෙවත් ස්වෙට් හවුසස් වල සේවක සේවිකාවන්ගෙ ප්‍රශ්න, ශ්‍රමිකයන් කිව්වට බහුතරේ ගෲහ සේවිකාවන් ගිහින් ඇතිවෙන ප්‍රශ්න කුඩු වෙලදම් ලෝක වානිජ මගඩි හෙවත් මනි ලෝන්ඩ්‍රින් වල සෙන්ටර් එකක් වීම වගේ දහසක් ගැටලු ආව. මේ දවස්වල ආනයන නතර කිරීමක් කරන්නෙත් මේකයි ඒත් ආනයන නතර කලාම ඒ එක්කම අපනයනත් වැටෙනවනෙ අමුද්‍රව්‍ය නැතුව. ඉතින් ඒ වැඩේ කෝවිඩ් අර්බුදේ අවට මාස කීපෙට සෙට් වුණාට හැමදාම කරන්න බෑ. දිගකාලිනව වෙන්නෙ අපනයන ආදායම ඊටත් ලොකුවට වැටීමයි. දැන් මේ මොහොතෙ ලන්කාව ඉන්නෙ අන්න ඒකෙ මාජින් එකේ.

ආයෙමත් ප්‍රශ්නෙට ආවොත් උගත්කම බෝම වැඩි සාක්ශරතාව ඉහල රටේ මිනිස්සු ගොඩක්ම මධ්‍යම පන්තියට වෙල කරන්නෙ එක ඩොලර් එකක්වත් උපයන විදිහෙ වැඩ නෙවි. හැබැයි උන්ගෙ ආතල් වලට උන්ගෙ නඩත්තුවට ලොකු ඩොලර් ගොඩක් ඕනෙ. ඒ හිගේට උපයන්නෙ සමාජියව කොන් කරන කාන්තා මූලික පාර්ශ්ව තුනක්. තේ වැනි අපනයන වගා ආශ්‍රිත සේවකයන්, විදෙස් ගත වූ හවුස්මේඩ් මූලික ශ්‍රමිකයන්, ගාමන්ට් ඇතුලු අපනයන කර්මාන්ත වල සේවක සේවිකාවන්.

ඒත් මදි.

2. කොළඹට කිරි අපිට කැකිරි ප්‍රශ්නය සහ ඉඩම් අර්බුදය:

ජවිපෙ ලාන්කිය ලිටරේචරේට දූනු වටිනාම දේ කොළඹට කිරි අපිට කැකිරි කියන ටර්ම් එක. ඇත්ත්න්ම මේක ආවෙ උන්ගෙ බොක්කෙන් මොකද උන් නිර්මාණය වුනෙත් තනිකරම මේ ප්‍රශ්නෙ නිසා. ඉඩම් අර්බුදේ කියන්නෙ සපත්තුවට කකුල වගේ කකුලට සපත්තුව වගෙ ඕකටම ඈදිලා තියෙන තව එකක්.

ලන්කාවෙ සමාජෙ ඇතුලෙ ලෝක මේන්ස්ට්‍රීම් එකෙ සිග්නල් වැඩ කරන ඒකෙ ලියුම් බෙදෙන ඒක එක්ක ඔන්ලයින් ඉන්න මිනිස්සු ඉන්නෙ හරි ටිකයි. බොහොවිට භුගෝලියවම කොළඹ සහ නගරාශ්‍රිතව. කෙලින්ම මේන්ස්ට්‍රීම් ලෝකෙ දේවල් එක්ක අනුගත වෙලා නිදැල්ලෙ ඉස්සරාට යා හැක්කෙ මේ සුලුතරේට පමණයි.

ඉතිරි බර ගොඩක් මිනිස්සු ඒ වගක් දන්නෙ නෑ. සල්ලි නෑ ඉගෙන ගෙන නෑ උනන්දුවක් නෑ කරන්නෙ නෑ නෙවි සිරාවටම දන්නෙ නෑ. බහුතර ග්‍රාමවාසි මිනිස්සු තමන් සමාජෙ කොටස් කාරයින් ලෙස මේන්ස්ට්‍රීම් ලෝකෙට සෙට් වෙලා ඒකෙ පවතින්න අවශ්‍ය දේවල් ඉගෙන ගෙන ඒකෙ උවමනා වලට උපයාගෙන ලස්සනට ඉන්න විදිය දන්නෙ නෑ. නොදන්න කම නිසා බොහෝ දෙනා කරන්න ඔය ත්‍රී වීලර් එකක් කරකල කොහෙ හරි පොඩි රස්සාවක් කරල කීයක් හරි හොයන් ඉන්න එක. ඒකත් ලොකු දෙයක් නෙවිනම් හන්දියෙ රස්තියාදු ගහගෙන හවසට බීල වැටුනු තැන්වල කියල උන්ගෙ අම්මල ගැනු කියන්නෙ. ලමයි කරන්නෙ ආට්ස් කරල පෝලිමේ කැම්පස් ගිහින් සින්හලයි බෞ සන්ස්කෲතියයි තව මොකද්ද දෙක තුනකුයි ඉගෙන ගෙන එලියට ඇවිත් “ආණ්ඩුවෙන්” එයාලට පවතින්න රස්සා ඉල්ලමින් උද්ඝෝශණ කරනෙක.

මේ සුලු මිනිසුන්ගේ නොවටිනා දායකත්වයනුත් ආර්තිකේ ම තමයි. ඒත් බහුතර ජනගහනෙ මේ සරල නොදන්නා කම නිසා ලන්කාව රටක් ලෙස අර ලෝකෙ මේන්ට්‍රීම් එකට් දායක කරන ප්‍රමානෙ පොඩ්ඩයි. දැක්කනෙ ඉතින් පලවෙනි ප්‍රශ්නෙ ඩොලර් හිග වෙන්නයි හිගේට ගැනු සෙට් එකකට මාරාන්තික රස්සා කරන්නයි හේතු වෙන්නෙ ඒකයි. මේ තඩි කුට්ටියක අඩු දායකත්වය.

ඕකට බලපාන එක ප්‍රදාන හේතුවක් රටේ ජනගහනෙ රට පුරාම විසිරි ඉන්න එක. එහෙම නැතුව නාගරික කිපෙකට සන්කේන්ද්‍ර වුනානම් අර මේන්ස්ට්‍රීම් එකේ එලිය වැටෙනව සිග්නල් වදිනව උන්ට. බහුතර ජනගහනෙක ඩොටේ භාවය නිසා උන්ට මේ සිග්නල් එක කට් ඕෆ් වෙලා තියෙන්නෙ. අනික ඒ විසිරිය නිසා රටේම ඉඩම් යෙදවෙන්නෙ එදිනෙද ජීවිතේ හෙවත් ඩ්වෙලින් වලට ගෙයක් දොරක් හදාන ගමක ඉන්න තමා රටේ මුලු ඉඩම වගේ යෙදවෙන්නෙ. ඒ නිසා ගොවියට ගොවිබිම් අහිමි වෙනකොට ඌ කැලේ කපන එක තමා වෙන්නෙ රටේ වනන්තර වැස්ම අඩුවෙන්න වගේම භුමියෙන් කෙරෙන ඉපයීම අඩු වෙන්නත් මේ විකාර ජන විසිරිය බලපානවා. ඒ විසිරිය නිසාම උන් නිකම්ම ගොන් වෙල ඔහෙ වැටෙන දෙයක් කාල ඉන්නව.

ඕකනෙ ඉතින් ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්න මිනිසුන්ටත් චින්නු ඇවිත් ෆැක්ටරි දාන්න අක්කර 15000 ඉල්ලුවම පාරට බහින්න හිතුනෙ. අර මොකද්ද එකෙක් කෝච්චි එන්ජින් හදන්න එනෝ කිව්වම කොහෙද ඉඩම් තියෙන්නෙ කියල ඇහුවෙ. කොහෙද ඔහොම ඉඩම් තියෙන්නෙ මිනීස්සු පදින්චි කැල්ලක් මැද්දට සෙට් නොවෙන?

3. ආර්තික බලය විමධ්‍යගත නොකිරීම:

ඔය දෙවෙනි ප්‍රශ්නෙම දිගුවක් කියන්නත් පුලුවන්. රටේ ආර්තික බලය කොළඹ මූලිකව කොළඹ කේන්ද්‍රව පවතින්නෙ. සෙසු නගර පලාත් ආදිය සියල්ලට යන්නෙ කොළඹ බ්‍රාන්චස්. ඒව තියෙන්නෙ කොළඹින් ගන්න තීන්දු වලට හූමිටි තියන්න. මේකෙන් රටේ බර පිරිසක් ඒලියනේට් වෙනව, ඔක්කොම පාටිය කොළඹ උන් නටන කොට සෙසු උන් තොපි ඕන මගුලක් කරගනිල්ල කියල දෙන දෙයක් කාල කියන දෙයක් කරල නිකම් ඉන්නව. ඒ නිසා මුළු රටම යැපෙන්නෙත් කොළඹින්.

මෙන්න මේ ආර්තික බලය විමධ්‍යගත වෙන්න ඕනෙ. ඒකට අවශ්‍ය සමහර නෛතික තත්වයන් ලිහිල් වෙන්න ඕනෙ. කොළඹ සියල්ලෙ තීරන ගන්න එක වෙනුවට සියල්ලෙ රෙගියුලේටරි බොඩි එක වෙන්න ඔනෙ බලය බෙදිල එන ඒකක වලට තම තමන්ගෙ කුඩා ප්‍රදේශ වල සන්වර්ධනයට කෙලින්ම දායක වෙනන් අවකාශ දෙන්න ඕනෙ. කොළඹ ඒව මොනිටර් කළාම ඇති.

ඕවට ඕනෙ කරන ආයෝජන මන්ඩල ස්ටොක් එක්ස්චේන්ජ් එහෙමත් ඒ පාලන ඒකක වලට වෙන් වෙන්ව ලබාදෙන්න ඕනෙ. උන්ට වෙනම සීබීඩි හදාගන්න ඉඩ දෙන්න ඕනෙ. බේසිකලි එව්වයෙ ඉන්න උන්ට ආයෙ කොළඹ එන්න ලොකුවට හේතු තියෙන්න ඔනෙ නෑ.

අර හම්බන්තොට මූදු වෙරෙළෙ වැලිකැට ගානකට ඉන්දියන් සමාගමට දුන්න සීන්නෙක තියෙන්නෙ. ඕකෙ අයිතිය තියෙන්න ඕනෙ ඒ මිනිසුන්ට තීන්දුව ගන්න ඔනෙ හම්බාවෙ ආර්තික ආයතනයක්. බලය තියෙන්න ඕනෙ හම්බාවට ඒක තීන්දු කරගන්න ගානට. හැබැයි මේ ඉන්දියන් සමාගම මගෝඩිස් කෙනෙක් නම් අන්න එතකොට කොළඹ කට්ටිය බැහැල හම්බාවෙ ආයතනය කතා කරල ඩීල් එක සමතයට පත් කර දාන්න ඕනෙ. එහෙම නැතුව කොළඹට ඕනෙනම් වැලියු ඇඩ් කර අපනයනය කරනන් එයාලත් ඒ ගානට වැඩියෙන් ගෙවල වැලි ගන්නව මිසක. මේ රටේ ඔක්කොම තීන්දු ගන්නෙ අපි ඔක්කොම කරන්නෙ අපි කියාගෙන යන්න බෑ. ඒකෙ තමයි සෙසු රටේ උන් පොල්කුඩු වෙන්නෙ.

මන් කොහෙද මන්ද දැක්ක කාතන්කුඩි ලු ලන්කාවෙ ලොකුම මාකට් එක. ඒකෙ ඔක්කොම විකුනන්නෙ ඉන්දියන් හොරබඩුලු. ඔය කතාවෙ අවුල් වචනෙ මොකද්ද දන්නවද? “හොර” කියනෙක. කාතන්කුඩියෙ උන් පට්ට ලෙස වෙළදාමට දක්ශ නම් උන්ට විකුනන්න බඩුත් ලන්කාවෙ හදන්නෙ නැතිනම් අපිකරන්න ඔනෙ කාතන්කුඩියට ඉන්දියාවෙන් බඩු ගේන්න තියෙන විදි ලිජිටිමට් කරල පුලුවන් තරම් පිටරට උන්වත් එතෙන්ටම යවල පුලුවන් තරම් ඉන්දියන් බඩු ගානක් තියාගෙන විකුන ගන්න එකනෙ. දැන් ඔය සින්ගාවෙ මුස්තාෆ සෙන්ටරේ එහෙම දුවන්නෙ ඒ ක්‍රමේට නේද?

ආර්තික බලය බෙදෙනවා නම් ඒ ඒ පලාත් වල මිනිසුන්ට එක එකා කියනකම් ඉන්නෙ නැතුව උන්ගෙවැඩ ටික කරගන්න පුලුවන්නම් ඔය බලේ බෙදන්න වෙනම රටවල් දෙන්න කියන වාර්ගික ඉල්ලීම් පරම්පරාවක් දෙකක් යනකොට ඉබේම අහෝසියි.

අන්න එතකොට රටේ තරගෙ ඇතිවන්නෙ ඒ බල ව්‍යුහයන් අතර වැඩියෙන් සන්වර්දනය වෙන්න. එක්සාම්පල් ඕනෙනම් චීනෙ බලන්න. චිනෙ ප්‍රාන්ත අතර තරගය තමා ආයෝජන ඔතරම් යන්න හේතු වෙන්නෙ. ඒ තරගය බලපානව ප්‍රාන්ත ලොක්කට කොමි පක්ශෙ ඇතුලෙ තියෙන සේ එකටත්.

2 comments:

  1. මේ බ්ලොග් එක ගොඩක් වැදගත්. මේ බ්ලොග් එකට නිතර ලියන්න.සතියකට දේක තුනක්වත් ලියනවනම් හොඳයි.

    තව පොඩි වැරදි වගයක් තියේ. ටෙක්නොක්‍රසි කියන වචනෙ තේරුම ඔබ එම වචනයට දී අැති තේරුම නෙවෙයි. ටෙක්නොක්‍රසි කියන්නෙ යම් ක්ෂේත්‍රයක දක්ෂයාට එම ක්ෂේත්‍රයේදී ප්‍රමුකතාව ලබා දීම. මෙරිටොක්‍රසි වලම අත්තක් තමයි ටෙක්නොක්‍රසි කියන්නෙ.

    ReplyDelete
  2. මේ බ්ලොග් එකේ ලිපි දෙකක් අතර කාල පරතරය සෑහෙන වැඩියි. නිතර කියවන්න දෙයක් තියෙන්න ඕන

    ReplyDelete