Tuesday, March 16, 2021

බයවෙන්න එපා, ඊලොන් මස්කුයි බිල් ගේට්සුයි ඇවිත් ප්‍රශ්න ඔක්කොම විසදල ඔයාලව බේරල දෙයි.

 ඉතිහාසය ගැන කතා කරන  ඕනෙම කෙනෙක්  පෙර  රජවරුන් ගැන  සන්තෝස වෙනවනෙ. රුවන්වැලිසැය  හැදුවෙ කවුද? සීගිරිය හැදුවෙ කවුද?  පරාක්‍රම සමුද්‍රය හැදුවෙ කවුද? මේ  ප්‍රශ්න  වලට  නිශ්චිත උත්තරයක් තියෙනව. කිසියම් කෙනෙක් ඉන්නව.

ඊජිප්තුවෙ  ෆාරාවෝ  වරුන්ගෙ  නිම්නය  මුර කරගෙන ඉන්න  ඒකශෛල  ඒ කිවෙ ගල් කෑලි  පූට්ටු නොකල  තනි  ගලෙන් කල  දැවැන්ත  ස්ඵින්ක්ස්  ප්‍රතිමාව  ගන්න. ඕක තමයි ලෝකෙ ලොකුම  සහ මෙතෙක් හමු වූ මුල්ම  ඒකශෛල  ප්‍රතිමාව.  මුල්ම එක ලොකුම එක බවට පත් කරන එක  ලේසි නෑ.  එයා  මුර කරන නිම්නයේ  අහසට  එසවෙන පිරමීඩ  හදන්න  අතිවිශාල ශ්‍රමයක් වැය වෙලා  තියෙනව.  දශක  ගානක් දහස් ගානක් මිනිස්සු  ගම්මාන හදාගෙන ඒ අවට පදින්චි වෙලා  කළ  නිර්මාණ.

අපි දන්නව මහා  ඇලැක්සැන්ඩර් පර්සියානු   අධිරාජ්‍ය්‍යයෙ  අනුප්‍රාප්තිකයා  වෙලා  හෙලනිස්ටික්  සන්ස්කෲතික ලක්ෂණ  ආසියානු කලාපෙටම යවන්න  දායක වුණා.  ඇලෙක්සැන්ඩර්ට ඕනෙ වුණා  ඩේරියස්  ට පහර දෙන්න ඔහු පස්සෙ පන්නන්න. අවසන ඉන්දියාවෙ ප්‍රාදෙශිය  රජෙක් එක්ක හැප්පෙන්නෙ.  සීසර් ට ඕනෙ  වුනා ගැලික්  පෙදෙස්  ඔක්කොම සුද්ද කරලම දාන්න. මේ  හැම කතාවෙම ඉන්නව  වීරයෙක්. මිනිහට  තියෙනව ඉලක්ක.

එයා  මාර බලවත්,  එයා  සේරම තීන්දු  ගන්නව. එයාට උපදේශකයින් ඉන්නව. හැබැයි  තීන්දු ගන්නෙ එයා.  එයාගෙ මතේට. ඒ කෙනා තනි මතේට ගන්න තීන්දු තීරණ  වලින් ඒ රටේම  ඉදිරි  වසර  විස්සක විතර කාලෙ නිර්ණය වෙනව. කල් හිටින හොද වැඩ කල අය වීරයෝ වෙනව.  දුර්දාන්ත වැඩ කල අය දුශ්ටයෝ  වෙනව.

මේ කාලෙ ජීවිත මාර සැපවත් ද? මේ කාලෙ ජීවිත ඉතාම දුක්බරයි.  කෙතරම් ද කිව්වොත් ඒක කියන්න පවා ඒ අයට ඉඩක් තිබිල නෑ.  ඒ මිනිස්සු බොහෝ විට මැශින් වල පාට්ස් වගෙ  අර මහා පුරුශයාගෙ උවමනාවක් ඉශ්ට  කරන්න කඹුරල මැරිල ගිහිල්ල. ඒ කෙනා එහෙම මැරිල යන උන් ගැන වොරීඩ් නෑ. උන්ට නමක් නෑ. මූණක් නෑ.  වීරයා සහ ඔහුගෙ ඉලක්කය පමණයි ඉතිහාස පොතේ  ලියවෙන්නෙ.

මොනවද මේ ඉලක්ක?  මහ පත ගල් ගෙඩියකින් දේව  රූපයක් අඹන එක?  වීරය මලාම  වළලන්න ස්කයි ස්ක්‍රේපර්  සුසාන  ගොඩනැගිල්ලක්  හදන එක? මේ  ක්‍රියා  නරක එව්ව නෙවි මේව තමයි ඓතිහාසය පුරා විද්‍යාව කියල  අප ආඩම්බර වන්නෙ.  ඒත් මේව එතරම ඒ කාලවල  මිනිසුන්ගෙ එදිනෙදා  ජීවිත  වලට යහපතක් කරලත් නෑ.  ඒත් වීරයා ගෙ තනි පුද්ගල ලෝක දැක්මෙ මේ කියන නිර්මාණය මාර ලොකු එකක්. හෙන වටින එකක්.  ඒකනෙ ඉතින් දාස් ගානක් මිනිස්සු දාල දශක  ගානක කෙරෙව්වෙ. 

කතාවෙ තියෙන ප්‍රශ්නෙ  මොකද්ද?  "වීරයගෙ ලෝක දැක්ම",  හෙවත් තනි මිනිහෙක්ගෙ ලෝක  දැක්ම.

තනි  මිනිහෙක්ගෙ ලෝක දැක්මෙන් ලෝකය ඉස්සරහට  යන එක  නරකම නෑ.  මේකෙ ලියු කොලෝසල්  වීරයො  සීසර් ල ඇලක්සැන්ඩර් ලා කළ  දේවල්  ඒ තරම් වේගෙන්  කරන්න බෑ එයාල  මහජන මතයන්ට  ඉඩ  දුන්නනම්.  මහජන සුබ සාධනය ගැන හිතුවනම් චන්දයක් ගානෙ  මිනිස්සුන්ට සහන දෙමින් උන්නනම්.  ඔය මොකවත් නොකර කෙලින්ම  තම ඉලක්කය කරා  කඩාබිදගෙන යන ගමන ඉක්මන් වේගවත් සාර්තක එකක්.  

ඉලක්කයට යන්න නියම ක්‍රමයක් 
තනි මිනිහෙක්ගෙ ලෝක  දැක්ම. හැබැයි  ඒ ඉලක්කයෙ  තේරුමක් තියේද  ඒකෙන් වෙන ප්‍රශ්න  තොගයක් නිර්මාණය වෙනවද කියන එක වෙනම කතාවක්.

හරි ඉතින් අපි ඔය කියන ලෝකෙ  වෙනස්  කළානෙ.  ඒ කරල අපි හැදුව අලුත් ලෝකයක්.  ඒකෙ  සීසර් ල ඇලෙක්සැන්ඩර් ලා උන්නු තැන්වල ඉන්නෙ මහජනය තෝරපු  නියෝජිතයන්.  තේරීමට පෙර  උන් දෙන  සැලසුම් ඉලක්ක ආදිය  මහජනය සලකා  බලල තමයි තෝරන්නෙ.  මහජන සහබාගිත්වයෙන් කෙරීගෙන යන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. අපි පත්කරන ආණ්ඩුව. ජනාදිපතිල  අගමැතිල මන්ත්‍රීල ඇමතිල.

ඔන්න දැන් අපිට වඩාත් මහජනයට යහපතක් වෙන දේවල් කෙරේ ඉලක්කගත වෙනන් පුලුවන්.  ඒත්  ඉස්සර වගෙ නෙවි පොඩි දෙයක් කරන්නත්  හෙනම  බියුරෝක්‍රටික  රමුවක් අස්සෙන් යන්න වෙනවා.  ස්ලෝ.  ලොකු දේවල්  වෙන්නෙ නෑ. පට්ට  දූශණ. හොරකම් වන්චා. මොකද ඉලක්ක අයිති  පොදු මහජනයට. ඉතින් නියෝජිතය බලන්න  පුලුවන් මාටිය පාරක් ගහන් සද්ද නැතුව ඉන්න.  

ඒකනෙ ඉතින් ස්ෆින්ක්ස් ප්‍රතිමාවක් ආයෙ මලාට නොහැදෙන්නෙ.

ඒ කතාවත් පරණයි.  දැන් අලුත්ම  කතාව තමා ඒ  ලෝකය තුල  ධනය ඒකරාශි කරන්න ගත්ත කීප දෙනෙක් අතට  අර නියෝජිත ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු වල බලය  යමින් තියෙන්නෙ. ආණ්ඩු නිකම්ම ග්‍රාමසේවකලා  වෙමින්.

ටෙක්නොක්‍රසිය  සහ මොනෙයොක්‍රසිය.  තාක්ශණ  හෝ  මූල්‍ය  ආයතන ජාල  හරහා ධනයත්  ඉන් පසු  බලයත් ඒකරාශි  කරගන්න අය විසින් ලෝකෙ පාලනය කිරීම.

මෙතනදි එයාල පාලනේ කරනව කිව්වට ඒකෙන් කියන්නෙ නෑ  දේශපාලකයන් වගෙ  පාලනේ කරනව කියල.  එයාල ට  තියෙනව අයිඩියාස්  එයාල ඒව පැළ  කරනවා.  ඒවට  ඩොලර් වක්කරනව.  ඒ ක්‍රියාදාමයතුල ලෝකෙ වෙනස් වෙනව  අපිට හිතාගන්න බැරි තාලෙට.  ඒ වෙනස තමා  එයාලගෙ පාලනේ.

ප්‍රශ්නෙ තියෙන්නෙ  කතාවෙ ෆ්ලෝ  එකේ අපි ආපහු ගිහින්. තනි පුද්ගල ලෝක  දැක්මවල් වලට. තනි පුද්ගල සැලසුම්.  මහජන නියෝජිත ආණ්ඩු  ග්‍රාම සේවක ගානට වැටුනම ලොකෙට   දැනෙන  යමක් වෙන්නෙ ඒ  තනි පුද්ගල සැලසුම් වලින්.

ඔව් මේ කියන්නෙ බිල් ගේට්ස්  ගේ  කෝවිඩ්  එන්නත්,  ඊලොන් මස්ක්  වරින්වර ලෝකෙ ප්‍රශ්න වලට  ගේන උත්තර, බීසෝ  බ්‍රැන්සන් සකර්බර්ග් වගෙ කට්ටිය ලෝක ප්‍රශ්න  විසදන්න හදාගෙන ඉන්න සන්විධාන  - ආන්න එව්ව ගැන  තමා  කියන්නෙ.

මේව  වේගෙන් කෙරෙන වැඩ.  සැහෙන  කවරේජ්  ලැබෙනවා.  මේවේගෙන් ආණ්ඩු වලට වැඩ කරන්න බෑ.

හැබැයි  මේවත්  අර ස්ෆින්ක්ස්  පිලිමෙ  මහ  පිරමීඩ ඊස්ටර් දූපතේ මහ  ගල් පිළිම  වගෙ ලොකු රෙලික් ලෙස  ඉවර වෙන්න පුලුවන්. තනි පුද්ගල  දැක්මක් නෙ. තනි මතනෙ.

ලෝකෙ ප්‍රශ්න විසදන එකත් ලේසි වැඩක් නෙවි.  හද්සියෙම  කෲශි   විශාරදයෙක්  වෙන්න  වෙනව.  තව කෙටි කාලෙකින් බලශක්ති නිශ්පාදනය,  වයිරස්  වලට එන්නතක් හැදීම, අප්‍රිකාවේ මැලේරියාව, ... ඔන්න ඔහොම.  ටෙක්නොක්‍රසියෙ  ටොප් සීට් එකත්  මේව ඔක්කොම මාස්ටර් කරන්න ඕනෙ.  රාජ කුමාරයන්ට දිසා පාමොක් ල දාල  ඔක්කොම ශිල්ප  උගැන්නුවෙ මෙ සියල්ලෙන් සෙස්සන්ට වඩා ඉහලින් ඉන්න.  

ඉතින්  මේව කරද්දි  එලියට පණින  එක  දෙයක්  තියෙනව. ඒ ඊගෝව.  සීසර්  ඇලක්සැන්ඩර් කාලෙ   උන්ගෙ මහ ඉලක්ක  වලට යන ගමන් ප්‍රශ්න කල උන්ට බොහෝ විට  ඔලුව  වෙන තැනක දාල  යන්න  සිද්ද වෙන්න ඇති. ඒ කාලෙ උන්නු රාජාන්ඩුවෙ සී ඊ ඕ ලා වගෙම තමා  අද ඉන්න ටෙක්නොක්‍රසියෙ  මහාධිරාජය්නුත්. ඊගෝවලින් සමානයි.

මතකනෙ  තායිලන්ත  ගුහාවක  ලමයි හිර වුණාම ඊලොන් මස්ක්  දවසින් රෙස්කියු පොඩ් එකක් හදන්නම් කිව්ව. කියු තාලෙටම ඒක හදුවනෙ.  හදල  ගෙනාවම  එතන උන්නු එක්ස්පර්ට් ඩයිවර් කෙනෙක් ඒක එපා කියනව. මොකද ලමයි  මුදා ගනන් එක  ඉතා පටු  සියුම් තැන් වලින් යන නිසා මේ උපකරණය ශුවර් නෑ. ඒත්  මස්ක් ගෙ  හැසිරීම් ඊට පස්සෙ  අවුල් යනව. මහන්සි වෙල  දවසින් හැදුවෙ එහෙම විසික් කරන්න නෙවි.  මේක  ඇවිල්ල "මගෙ සොලුශන් එක".  මේක මට කෙරෙන්නම ඔනෙ. ඊගෝව  නිසා  මස්ක් හැසිරෙන්නෙ ළමයි  ගුහාවෙ ඉන්න පොඩ්  එක  ටෙස්ට් කරන්න වගෙ. අන්තිමට  අර මනුස්සයට බැනල පස්සෙ වන්දියක් දීලයි ශේප් වුනේ.

මෙන්න මෙහෙම තමා  සීඊඕ ල ප්‍රශ්න  විසදන ලෝකෙ දුවන්නෙ. එයාල ගෙ කුඩා ලෝක දැක්මෙන් සහ කෙටි කාලිනව ගන්න  විශය දැනුමෙන් "එයාලට ඕනෙ එක" තමා කරන්නෙ.  ඒක  හරිම  දේ ද අදාල නෑ.  ඊගෝව නාසිසිටික් උවමනාවන්. එයාල   ගේන විසදුම  ස්මාරවිට අලුත් ප්‍රශ්න රාශියකට මූලයක්  වෙන්නත් පුලුවන්.

ඉතින්  ටෙක්නොක්‍රසිය  කියන්නෙ  ආයෙ  සීසර් ල ඇලෙක්සැන්ඩර් ලගෙ කාලෙට  ගිහින් තඩි ගල් පිලිම පිරමීඩ් වගෙ  රෙලික් හදන කාලයක්. ඒක  ඇතුලෙ  මහජනය ඉන්නෙ පාලකය තෝරන්න නෙවි. මහජනයට  ඒකෙ ලොකු සේ  එකක්නෑ.  පිරමීඩ හදලම මැරිල ගිය මූන නොදන්න නම නොදන්න උන් වගේ තමා. සී  ඊ ඕ මහාධිරාජයගෙ  නාසිසිටික් ඉගොස්ටික්  ඉලක්ක වෙනුවෙන් කඹුරල මැරිල යන එක තමා  මහජනයගෙ භුමිකාව.

ඉතින් 
බයවෙන්න  එපා,  ඊලොන් මස්කුයි  බිල් ගේට්සුයි  ඇවිත්  ප්‍රශ්න  ඔක්ක්කොම විසදල  ඔයාලව බේරල දෙයි. ස්පයිඩර්  මැනුයි බැට්මැනුයි  ඇවිත් හොරු ටික අල්ලල නගරෙ මිනිස්සු බේර ගත්ත වගේ.




7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හොඳයි. මේ බ්ලොග් එක, බ්ලොග් සින්ඩිවල රේඩාර් වලින් මිස් වෙන එක ගැන ගැනයි, කනගාටුව. අපේ අනාගතය තීරණය කරන ටිකදෙනා/ මේ දේශපාලන ක්‍රමය, ලෝකය වඩා යහපත් තැනක් කරාවිද යන්න මේ ඩොකියුමෙන්ට්‍රියෙ සාකච්චා වෙනවා.

    The New Corporation

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ එල්ලගෙන ඉන්නේ. සුජීවගේ නේද බ්ලොග් එක

      Delete
    2. Thanks බස්සා for the documentary and thanks සුජීව for an interesting article.

      Delete
    3. @ Ajith
      ඔව් සුජීවගෙ තමා. මාත් බ්ලොග් රෝලෙ එල්ල ගත්තා. සිංහල බ්ලොග් දියවෙලා යන මේ කාලෙ, මෙහෙම හිතන්න වෙනම මානයක් දෙන ලිපි දැකිමත් සතුටක්.

      @ කෞශල්‍ය
      My pleasure.

      Delete
  3. ටිකක් වෙනස් කියැවීමක් . මම ඒකට කැමැතියි , ඒක තමා එක විධිහකට වෙන්නේ. නමුත් බිල් ගේට්ස් ගේ වැඩ පිළිවෙලට මගේ අකැමැත්තක් නම් නැහැ

    ReplyDelete