Saturday, February 20, 2021

ටෙක්නොක්‍රසිය ඉදිරියේ රිළා නැටුමක් නටා කෙසෙල් ගෙඩියක් ඉල්ලා ගැනීම

ලෝන් ලෝන් අගෝ සමාජය තුල බලය හෙබවූවේ සුළු පිරිසක්. ඒ සුළු පිරිසේ යහපත උදෙසා විශාල පිරිසක් යෙදෙව්ව. ඒ යෙදවීම බොහෝ විට වහලෙක් හෝ ප්‍රවේනි දාසයෙක් ලෙස. ඒ අනුව සමාජයෙ ඉහල තට්ටුව වෙනුවෙන් කඹුරන එක පහළ මනුස්සය්ගෙ යුතුකමක් රාජකාරියක් වේතනයක් නොලබන බලහත්කාරි ලෙස යොද්වන ලද ක්‍රියාවක්. ඒ ක්‍රියාව අතරෙ ලැබෙන පොඩි ඉඩකඩක හෝ ඒ නිශ්පාදන ක්‍රියාවෙන් සුලු කොටසක් පමණක් ඌට තමන්ට තියාගන්න පුලුවන්. සරළව ශ්‍රමය බලෙන් ගන්නව වේතනයක් නෑ.

දාසයා වහලා කියන කෙනා ක්‍රමිකව සේවකයා වුනාම එයාගෙ ශ්‍රමයට ගෙවන්න පටන් ගත්ත. වේත්නයක් කොන්තරත් කුලියක් වගේ. මේ වේතනය තුලින් තමන්ගෙ මූලික උවමනා සපුරා ගන්න ඔවුන්ට පුලුවන්. ඒ අනුව අලුත් තත්වයේ ශ්‍රමයට වේතනයක් ගෙවනව.

සමාජය දැන් වේගයෙන් ස්ව්‍යන්කරණය දිහාට යමින්.

මිනිස්සු රස්සා කියල කළ බර බහුතර්‍යට සිතීමේ අවකාශ තිබ්බෙ ඉතා පොඩ්ඩක් නිසා ඒව පරිගණක පද්ධති හෝ රොබෝල මගින් රිප්ලෙස් කල හැකියි. හිතන්න ගොඩක් තිබ්බ නීතිවේදින් වෛද්‍යවරුන් ගණකාධිකාරින් උන්ත් මහන්සියක් ගත්තොත් ඔටෝමේටඩ් සිස්ටම් එකකින් රිප්ලේස් කල හැකි. දැනටත් එහෙම එව්ව තියෙනව සහ හැදීගෙන එනවා. අතේ ගැටගහන ශරිරයෙ පල්ස් මනින යුනිට් එකක් හදාපු ෆිට්බිට් ලා ගූගල් විසින් ඩො බි 2.1 කට මිලට ගන්නෙ නිකම්ම නෙවි. ඔවුන් ලොවපුරා එකතු කර දත්ත සහ මේ වනවිටත් පැතිරි ජාලය සමග ගූගල් ගේ කෘතිම බුද්දි වැඩසටහන් වලට ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයකගෙ ශරිර තුලට එබි බලන්න පුලුවන්. ඒ හරහා හැදෙන ගූගල් වෛද්‍ය වරයා සාමාන්‍ය වෛද්‍ය වරයෙකුට වඩා බෙහෙවින් දක්ශ වෙන්න පුලුවන්.

ඔටෝමේශන් වදින්නෙ ඒ මට්ටමට පමනක් නෙවි බැන්කු සේවකයින් ලිපිකරුවන් රියදුරන් වගෙ අය සම්පුර්නයෙන්ම වගෙ එ රිප්ලේස් වෙන්න පුලුවන්. බොහො දෙනෙක් දැන් ඉපයීඉම් මාර්ගයක් කරගෙන ඉන්න ඌබර් ට ඔටෝනොමස් වාහන හැදුනු ගමන් ඒ මිනිස් ශ්‍රමය ඕනෙ නෑ. එසේම ඇමසන් කියන්නෙ දැන්ටමත් එයාලට ලාබයි කියල රොබෝලගෙන් එයාලගෙ මිලියනයක් පමණ වන පික් පැක් වර්ක්ෆෝස් එක රිප්ලේස් කරන එක.

කොවිඩ් 19 තුල අපි දැක්ක ලෝක බෝලෙ ශ්‍රමය විකුණන අයගෙන් කී දෙනාද අත්‍යාවශ්‍ය කියල. අපි දැක්ක එසේ අනවශ්‍යයි කියන් මිනිසුන්ට අත්වන ඉරණම. මේක ඉතා කුඩා දෙයක් ඔටෝමේශන් හෙවත් ස්ව්‍යන්කරණ ක්‍රියාවලිය තුල වෙන තත්වයට.

ලෝකය සමස්තයක් හැටියට මේකට මුහුණ දෙන්නෙ කෝමද? ඉතාම පැහැදිලිව කෝවිඩ් 19න් විසින් අපට ප්‍රි ප්ලේ එකක් දෙනව. මිනිසුන් ජොබ්ලස් වෙල ඉපයීම් නැවතීම ලෝකයට දරාගන්න බෑ. එතනදි අපි දකිනව රජයන් මැදිහත්ව මිනිසුන්ට කිසියම් හෝ දීමනාවක් දෙන හැටි. අපි දකිනවා එහෙම දීමනා දෙන එක තරමක් හෝ ව්‍යාකූල වෙන තැන්වල මිනිස්සු කෝවිඩ් අවදානමත් නොතකා බලයට එරෙහිව එක්‍ රැස් වෙන හැටි කැරළී ගහන හැටි. මේ තාම මාසෙකට අඩු කාලෙක ජොබ්ලස් තත්වෙක.

හැබැයි මේ විරෝදය එන්නෙ ඔටෝමේශන් එකට එරෙහිව නෙවි. කාලෙකට ඉස්සර මන් ඉගෙන ගන්න කාලෙ එක්තරා විවි ක ඒ නගරයේ දුම්‍රිය පද්ඪ්ඃඅතිය ඩ්‍රයිවර් ලා නැතුව දුවන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් යුනියන් පවර් එක නිසා සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය වුනා. ඒත් දැන් එහෙම නෑ, සිස්ටම් ඔටෝමේට් වෙන එක ගැන කවුරුත් විරුද්ද වෙන්නෙවත් නෑ. මෙන්න මේ චින්තන වෙනස පමණයි අවශ්‍ය. සෙස්ස ඉබේම වෙනව.

සම්හරු කියන්නෙ එතකොට ඒ මිනිසුන්ට අලුත් දේවල් ඉගෙන ගන්න වෙයි කියල. මන් ඒ අදහසට කැටිගරිකලි එකග නෑ. එදා පටන්ම වුනෙ තාක්ශණය විසින් සමහර අසිරු කම්බර්සම් රස්සා ඔටෝමේට් කරද්දි මිනිසා අලුත් එව්ව හදාගෙන ඉස්සරහට යන එකනෙ. ඒත් මේ වෙන්නෙ එහෙම රැකියා උපදවන අවකාශයක් නැති තැනෙක ඔටෝමේශන් විසින් මිනිසා කරන බහුතරයක් එව්ව සුලු කාලෙකින් රිප්ලේස් කිරීම.

එතකොට මොකද කරන්නෙ. මිනිස්සු සනසන්න සිද්ද වෙනව. ජීවිකාවක් දෙන්න වෙනව. ආන්ඩු වශයෙන් තරමක් දෙයක් කළ හැකි. එත් සියල්ල පිනට දෙන එක ලොජිකල් නෑ. මේ කෝවිඩ් 19 විරැකියා අර්බුදේම ඔබ දකිනවා සහනාධාරයකින් සනස්සන්න බෑ. ඔකියුපේශන් කියන්නෙ සල්ලි පමණක් නෙවි කරන්නත් යමක් තියෙන්න ඕනෙ.

අනික ආන්ඩුවට ම බහින්න බෑ දිගුකාලිනව. එතකොට ටෙක්නොක්‍රසියට තමා මැදිහත් වෙන්න වෙන්නෙ. මේ ඔටෝමේශන් ඩ්‍රයිව් එකේ කෙළවර ඉතුරුවෙන හැම සමාගමක්ම සමුපාකාර සන්ගමයක් ම කෙළවර වන්නෙ ටෙක්නොලොජි ආයතනයක් වෙලා. අනාගත ටෙක්නොක්‍රසිය කියන්නෙ ගූගල් මයික්‍රොසොෆ්ට් වගේ කීපයක් නෙවි ෆාමර්ස් යුනියන් ෆොන්ටෙරා වගෙ සාමුහික ආයතන පවා ටෙක්නො ආම් එකක් හදාගන්නව. අන්න ඒ සමුච්චිත ටෙක්නොක්‍රසියට සිද්ද වෙනව මිනිස්සුන්ට පවතින්න යමක් දෙන්න.

ඉස්සරින්ම එයාල මිනිසුන්ට එක දෙයක් දේවි එනම් මූලික අවශ්‍යතා රශියක මිල පහල යාවි. ඔටෝමේශන් වල මූලික හේතුවත් අඩු පිරිවැය. අඩු කියන්නෙ ඔල්මොස්ට් නතින්. ඉතින් සමාගම් කොච්චර ලාබ අට්ටි ගැහුවත් කාගෙත් අනාගත යහපත තකා ඒ වාසිය මිනිස්සුන්ටත් බෙදනවා. ඒ අඩු වියදම් තත්ව යටතෙ මිනිසා පවත්වා ගන්න ඒ සමාගම් දීමනාවක් දේවි.

නිකම්ම දෙන එකක් නෑ. ඒ වෙනුවෙන් කරන්න මොකක් හෝ මෝඩ පහේ විකාර වැඩකුත් පවරා දේවි. නිකම්ගේම් එකක් ගහනව වගෙ විකාරයක්. යුටියුබ් චැනල් එකක් දුවනව වගෙ විකාරයක්. ඔන්ලයින් මාකටින් වගෙ විකාරයක්. මේවයෙන් වෙන වාසිය ලොකුවට මනින්න පුලුවන්කමක් නෑ. බොහොවිට අපි ඔව්ව කළා කියල සමාගම් වලට ලොකුවාසියක් කියල නෑ. ඒත් මේව ඕනෙ අර රැකියා විරහිත උන් පවත්වා ගන්න. අන්න ඒක මත උන්ට ගෙවීම් ලැබෙයි අඩුවන මූලික වියදම දරාගෙන ඉන්න.

ඉන් සිම්පල් අර කිසිම වේතනයක් නොලබා නිශ්පාදන ක්‍රියාවලියෙ උන්නු වහලාගෙන්, කරන මෙහෙවරට වේතනයක් ලද සේවකයා දක්වා වෙනස් වෙච්ච සාමාන්‍ය මනුස්සයට ඉස්සරහට උරුම වෙන්නෙ නිශ්පාදන ක්‍රියාවලියට දායකත්වයක් අනවශ්‍ය තත්වයකට. තව දුරටත් ඔබේ ශ්‍රමය අනවශ්‍යයි. ඒත් වේතනයක් දෙන එපයි. ඉතින් අවසන් පලය වෙන්නෙ වැදගත් ශ්‍රම දායකත්වයක් නොදී නිකම් වේතනයක් ලබන එක.

ඔව් ෆ්‍රෙන්ස් සුපර්ස්ටාර් තරග යුටියුබ් චැනල ඔන්ලයින් මාකටින් ටික්ටොක් ඔව්ව තමයි අනාගතේ. ටෙක්නොක්‍රසිය ඉදිරියේ රිළා නැටුමක් නටා කෙසෙල් ගෙඩියක් ඉල්ලා ගැනීම.

2 comments:

  1. ඔබ වැදගත් කරුනක් මතු කරනවා. නමුත් ශිශ්ටාචාරය විසින් දිගටම මනුස්ස ප්‍රජාව ටෙස්ට් කරමින් නේද ඉන්නේ? එතකොට ඒ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම කියන කැටගරිය අපි නැති වෙලා යන දවස වෙනකම විවුර්තව පවතීවි. ඒ වැඩේට creative mind තියෙන මිනිස්සු හැමදාම ඔනෙ වෙයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete