Saturday, May 16, 2020

එකමත් එක ‍රටක, එකමත් එක ඉස්කෝලෙක, එකමත් එක විශ්ව විද්‍යාලෙක ...

එකමත් එක ‍රටක, එකමත් එක [කාටත් අන්තර්ජාල පහසුකම්තියෙන] කාලෙක මන් ඉස්කෝලෙ යන්න පටන් ගත්ත. ඉස්කෝලෙ හරිම වෙනස්. ඉස්කෝලෙ ටීචර් ලා කියල කට්ටියක් ඇවිදින් ඉගැන්නුවෙ නෑ. ඉස්කෝලෙ වැඩිපුර කාලයක් දුන්නෙ දේවල් ඉගෙන ගන්න හැටි හොයා ගන්න. ගුරුවරු හිටියෙ ඒකට මග පෙන්වන්න. එයාල දුන්නෙ දැනුම හොයාගන්න ක්‍රමවේද ගැන, දැනුම ධාරණය කරගන්න ක්‍රමවේද ගැන දැනුම, යමක් තාර්කිකව හිතනාකාරය ගැන දැනුම. මෙටා එඩියුකේශන්

අපි උදාහරනෙකට යමු. නිකම් හිතන්නකො මෙහෙමත් කාලයක් තිබ්බනෙ. ඔන්න ගුරුතුමා එනව සමාජ අධයනෙ උගන්වන්න. ලමයි ගන්නව පොත. පලමු ලෝක යුද්දය. ලමයි දන්නවද පලමු ලෝක යුද්දෙට ආසන්න හේතුව - සරාජිවෝ [සරයීවෝ කියන්න ඇක්සන්ට් මදි] නගරෙ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ට් කුමාරයට සර්බියානුවෙක් වෙඩි තිබ්බ එක - අම්මට හුඩු දැන් මේක තමා ගේමක් නැති හේතුව. වෙන හේතු නෑ. තියෙන්නත් බෑ. පොතෙ තියෙන එක ගුරා කිව්ව එක. නිකම් ගනිතය වගේ ඉහල පේලිය සරාජිවෝ වල ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්, ඊ ගාව පේලිය ලෝක යුද්දෙ. උත්තරේ එනවට කරන්න දෙයක් නෑ.

මේ කාලෙ මතකද? අද බලන්න මිනිස්සු ෆේස්බුක් එකේ ඔව්ව කතාවෙනකොට කීයක් අතුරු කාරනා ගේනවද? කී දෙනෙක් තර්ක කරනවද නෑ මන් කියන්නෙ ඔයිට වඩා සීන් තිබ්බ ඕකම එකම හේතුව කියනන්බෑ කියල. කීයක් වෙනස් ඔපිනියන් එනවද මේ නොවිදිමත් ෆෝරම් වල. ඕක විලියොන් කයිසර තුමාගෙ සපත්තුව අස්සෙ ගල් කැටයක් ගිහින් වුන සීන් එකක් වෙන්න බැරිද?

මොකද්ද මේ වෙනස. ඒ වෙනස තමා අන්තර්ජාලය සහ දැනුම ලබන ක්‍රම වෙනස් වීම. ඉස්සරට වඩා බොහෝ දේ ග්‍රහණය කල හැකියි . දැනුම ටෙක්ස්ට් බුක් එකේ ලයින් වල තියෙන කට්ට කලු රිජිඩ් අකුරු නෙවි. දැනුම දැන් ඊට පුලුල් සහ ඒ නිසාම වේග්. සත්‍ය වගේම බොරුත් පිරිල.

ඉතින් මේ එකමත් එක කාලෙ ආයෙ ගුරුතුමා කියල දැනුම ගැන නිසි බලදාරියෙක් ඇවිදින් අර රිජිඩ් අකුරු කියදෙන්න ඕනෙ නෑ. දැන් ඕනෙ අර වඩාත් පුළුල් සහ වේග් අවකාශෙ අසම්පුර්න සහ වැරදි සහිත දැනුම උකහා ගන්න හැටි පුරුදු කරවන එක. පෙර සේ ටක්කෙට රිජිඩ් නොවෙන දැනුමක් ග්‍රහනය කර ගන්න තේරුම් ගන්න උදව් වෙන එක. විලියොන් කයිසර තුමාගෙ සපත්තුව අස්සෙ ගල් කැටයක් ගිහින් ලෝක යුද්දෙ වුනා කියල කියන එකාටත් ඒ මතය ඔප්පු කරන චලෙන්ජ් කරන එක. පන්ති කාමරේට සයිබර් ෆෝරම් එකක ස්වරූපය ගෙනියන එක.

ඉතින් ඒම තමා කරල තිබ්බෙ. මන් ඒ ඉස්කෝලෙන් අවුට් වෙද්දි මම දැනුම කියල එකතු කරන් උන්න සියල්ල මගේ එහා සීට් එකේ එකාගෙ දැනුම ම නෙවි. මන් ඒක දන්නෙ මොකද අපි පන්ති කාමරේ ඒ තරම් ටොපික්ස් ගැන් සන්වාද කර නිසා. අපි ස්ටඩි කලේ ටොපික්ස් අපි ඉවර කලේ කන්ක්ලුශන් වලින් නෙවි ඔපිනියන් වලින්.

මන් ලොකුවට දෙයක් නොදන්නව තමා. රිජිඩ් දැනුමක් නැති කෙනෙක් ඒත් මන් දැනුම ගන්න හැටි සහ එහි භාවිතාව ගැන හොදට දන්නව.

මම ඉස්කෝලෙන් අවුට් වුනාම මට තිබ්බෙ මෙන්න මෙහෙම තත්වයක්. දැන් කට්ටියගෙ තාර්කික සුවතාවයට මේ එකමත් එක රටේ තිබ්බෙ ෆ්‍රී එඩියුකේශමක් කියල හිතමුකො. මේ රටේ තිබබ් විස්ව විද්‍යාල කියල ජාතියක්. ඒවයෙ තිබ්බෙ මෙන්න මෙහෙම තත්වයක්.

1. එලිමෙන්ටරි එඩියුකේශන් හෙවත් මූලික අද්‍යාපනය් කියල ඒරියා එකක් තිබ්බ. ඒකෙ තිබුනෙ අප විසින් අපෙ කොලිෆිකේශන් අනුව තෝරා ගන්නා සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක මූලික දැනුම. මෙතනින් අපිට ගන්න පුලුවන් මූලික සබ්ජෙක්ට් නොලේජ් එකක්. මේක රජය විසින් පවත්වන තරග විබාග වලින් තෝරලා රජයේ වියදමින් රටට අවශ්‍ය ප්‍රොෆෙශනල්ස් ලා හදන්න නිර්මානය කරන රාමුවක්. මෙක නේවාසිකව ඉගෙන ගන්න වෙනව. මොකද විශය දැනුම වගේම විශය ශික්ශණයත් දෙන්න ඕනෙ නිසා.

2. පලවෙනි එකෙ උගන්වන සුට්ටෙන් රස්සාවක් කරන්න බෑ ඒ නිසා දෙවෙනි එක තමා ස්පෙශලයිසේශන් කියන එක. මේක විවි ඇතුලෙ හෝ ගෙදර සිට කල හැකි. වෛද්‍ය වගෙ එව්වටනම් හොස්පිටල් වල තමා ඉගෙන ගැනෙන්නෙ. මේ මට්ටමේදි රටෙ ලෝකෙ භාවිතා වෙන තාක්ශන පැරඩයිම ආදිය ගැන් කෙටි කෝස් කීපෙකින් කවර් කිරීම තමයි වෙන්නෙ. පාස් අවුට් වෙනව කියල නෑ. ඉගෙනීමේ සීමාවකුත් නෑ. මේ ස්ටේජ් එකේදි සමහර විට එක්තරා කෝටාවක් නිකම් දුන්නට එතනින් එහාට අපිට ගෙවන්නත් වෙනව, අපිට රස්සාවක් කරමින් වුනත් මේ ස්පෙශලයිසින් කරගන්න පුලුවන්. බොහෝ සබ්ජෙක්ට් වල මැරෙනකම්ම ඉගෙන ගන්නත් වෙනව. මේකත් විවි විසින්ම පවත්වා ගෙන යන පද්දතියක්.

3. සමහර සබ්ජෙක්ට්ස් තියෙනව ඒවට ස්පෙශලයිසින් කරන්න බෑ. ඒ වගේම ඒව ප්‍රොෆෙශනල්ස් ලා හදන්නෙ නෑ. රජය කියන්නෙ ප්‍රොෆෙශනල් කෙනෙක් නොහදන විශයකට කෙනෙකුව මැන්ඩටරි ලෙස අනුයුක්ත කරන්න සහ රජයෙන් නේවාසික සිසුවට ගෙවන්න ඕනෙ නෑ. ඒකට අර අහවල් තරග විබාගෙ ඕනෙත් නෑ. ඒ සබ්ජෙක්ට් මුලු රටටම නොමිලේ ඔන්ලයින් දෙනව. ඕනෙ කෙනෙකුට ඒ කෝසස් කල හැකි. දැන් ඔය විශ්ව විද්‍යාල වල නේවාසික උනාමනෙ සිසුන් ගාන සීමා කරන්න එතකොට කටෝෆ් මාක් දාන්න ඕනෙ. දැන් මේව ෆ්‍රී ඔන්ලයින් කලාම මේ සබ්ජෙක්ට් වලට සීමා දාන්න ඕනෙ නෑ. ඒ හරහා රටේම දාර්ශනික අධ්‍යාපනය ලෙවල් අප් කරගන්න පුලුවන්.

ඔන්න ඔහොම රටක් ගැන හීනයක් තියෙනව. බෝම දුර හීනයක්.

හරි හරි දන්නව තාම ඉස්කෝල බරගානක් අත හෝදන්න වතුර නෑ, ටොයිලට් නෑ. අන්තර්ජාල දාගන්න කතාව ඉම්ප්‍රැක්ටිකල්.

ඒත් ඒකනෙ කිව්ව්වෙ මේක දුර හීනයක්.

හැබැයි ලෝකය මේ දිනවල පසු කරමින් ඉන්න පැරඩයිම වෙනස්කම් එක්ක තවදුරටත් අර්තවත් ආයතන රාමු ලෙස පවතින්න නම් පාසල් සහ විවි වලට මේ වෙනස හෝ මෙවැනි තවත් වෙනසක් කරන්න වෙනව.

මගේ කතාව අඩුපාඩු සහිතයි. ඒකයි කතාවක් වගෙ ලිව්වෙ. මේක මට එක පෝස්ට් එකකින් තනියම ලියන්න පුලුවන් එකක් නෙවි. මේක මෙහෙම්ම වෙන්න ඕනෙත් නෑ. ඒත් මේකට අවශ්‍ය මතය සමාජගත කරන්න විතරයි මට අවශ්‍ය

හොලිස්ටික් පොයින්ට්ස් හයිලයිට් කලොත්.

1. මෙටා එඩියුකේශන්

2. රිජිඩ් ෆැක්ට්ස් වෙනුවට පුලුල් එහෙත් වේග් දැනුම

3. කන්ක්ලුශන් වෙනුවට ඔපිනියන්

4. ප්‍රොෆෙශනලිස්ම් පමනක් නේවාසිකව ශික්ශනය සහිතව

5. ස්පෙශලයිසින් කියන එක සබ්ජෙක්ට් එකට ආවෙනික කෙටි කෝස් වලින් ජීවිත කාලෙ පුරාම.

6. ප්‍රොෆෙශනල් නොවෙන සියලු විශය හැකි සියලු දෙනාටම ඔන්ලයින් විවෘත කිරීම.

ආ උපාදි සහතිකේ නේද? ඒක ලොකුවට රෝල් කරලා ...

.

.

.

පරිස්සමට තියන්න. පුලුවන් වෙලාවක ලැමිනේට් කරගම්මු.

1 comment:

  1. සිංහලෙන් මේ විදියට හිතනවා දැක්කමයි.
    ++++++++++++++++++++

    ReplyDelete