Tuesday, June 2, 2020

ප්‍රන්ස විප්ලවය සහ මිනිහා-පොලිස්

An illustration of a crowd of women marching with various weapons


1789 දවසක පැරිස් ගැහැනු කන්ඩායමක් එකළ නගරයට බොහෝ දුරින් තිබ්බ වර්සායි රාජ මාලිගයට පාගමනින් යනව. උන් ඒ යද්දි අතට අහුවෙන කඩු පොලු කොහු ඉදල් පමනක් නෙවි කළින් දවසක රයට් එකකදි හමුදාවෙන් කොල්ල කාපු කාලතුවක්කු හේමත් ගෙනියනව.

16 වන ලුයි සහ මේරි ඇන්ටනිට් ඉන්නෙ තම පුත් කුමාරය මළ සොවින්. ළමය මැරිල තිබ්බෙ ඒ දවස් වලම [මෙ කාලෙ ළදරු මරණයක් පවුලකට නෝම් එකක්].

පැරිස් මිනිස්සු ගැහැනු සහ ළමයි ඉන්නෙ බඩගින්නෙ, ඊට හේතු වෙන කාරණා කෙටියෙන් කිව්වොත්, 1781 විතර ලැකි ගිනි කන්දෙ විදාරණයෙන් සූරයයා අවහිර වෙල අස්වනු අඩුවීම, 1789 තියෙන සුලු අස්වැන්නත් කපන්න ඔන්න මෙන්න තියල විසාල හේල් එකකින් ඩැමේජ් වීම, කලින් රජකල 15 වෙනි ලුයි ගේ සෙල්ලක්කාර පිස්සු වියදම් නිසා ආන්ඩුව බන්කොලොත් වීම, ආන්ඩුවට ණයක් වත් දෙන්නෙ නැති ගානට වැටිම, තත්වය යට ගහන්න ට්‍රයි කරන මුදල් ඇමතිගෙ එ ක්‍රියා නිසා මහ ජනය වලපල්ලටම වැටෙනකම් මේ බව නොදැනීම, රජ බිසව සතුරු රටක වීම සහ ආඩම්බර කාරියක් වීම එවකට පටන්ගෙන තිබ්බ එලිටය සහ සාමාන්‍ය මිනිහ අතර දෙශපාලන විවාදය තුලින් පෝශනය විම ආදි හේතු රාශියක්. තව ඇති.

පැරිසියෙ සාමාන්‍ය ජනයාට තමන් කිසිම තෙරුමක් නැති මිනිස්සු කියල හිතෙන එකත් තමන්ගෙ එදිනෙදා බේසික් උවමන පියවන්න අසිරු තත්වයක් පේන එකත් ඒ අතර එක්තරා පැලැන්තියක් [ඔව් හැමෝම කියවන බූර්ශුවා හෙවත් ලගදි සල්ලි හොයාගත්ත සුලු දනවතුන්] ධනය එක්ස්‍රස් කර එසටබ්ලිශ් වීමත්, විකෘති අසාදාරන ටැක්ස් සිස්ටම් වගෙ විවිද හේතු නිසත් කාලෙක සිට මෝරණ ඇරියස් එකක් තියෙනවා. මෙන්න මේක තමා ක්‍රිටිකල් ම දේ.

ගැණු යන්නෙ රජ පවුල සහ එලිටයේ පරිභෝජනයට මාලිගාවෙ ධාන්‍ය හන්ගලා තියේ කියන කටකතාව නිසා. ඒ වෙද්දි රජා මහජනයාගෙ නියොජිතය ලෙස සැලකෙන නිසා ඌට හොදවයින් දෙකක් කියල ධාන්‍ය අරන් එන්න. අර මුදල් ඇමති සහ 15 වන ලුයි නිස ආන්ඩුවට හෙනට සල්ලි සහ සන්චිත තියේ කියල මතයක් ස්තාපිත වෙලා තියෙන්නෙ.

ඒ ගැනුන්ට පොඩි විරෝදයක් එනව මුලදි. දෙගොල්ල කාලතුවක්කු රවුමක් තියාගන්නව. එකෙක්ද මන්ද මැරෙනව [මතක නෑ]. ඒත් මාලිගයෙන් අණක් එනව තමන් එයාලගෙ නියොජිතය නිසා වෙඩි තියන්න එපා කියල. එයාලට ඇතුලට යන්න ලැබනව. රජ පවුල රහසිගත ස්තාන වල සැගවෙනව. එයාල මාලිගේ රේඩ් කරල ධාන්‍ය හොයල ඒකෙත් නැහැ කියල දැක්කම ආපහු යනව. ඇත්තටම රජාත් ඒ ගානටම බන්කොලොත්.

මෙන්න මේ රේඩ් එක සිග්නිෆිකන්ට්. සාමාන්‍ය මිනිහට මාලිගේ කියන්නෙ ලොකු බක්කක් නෙවි කියන්න. ඕකෙන් පස්සෙ මිනිස්සු මීට දශකයකට කලින් දෙවියන්ගෙ නියෝජිත කියල හිතා උන්නු ඒ වෙද්දි එයාලගෙ නියෝජිත ලෙසින් උන්නු රජාව මාලිගේටම ගිහින් පැරිසියට එක්ක ගිහින් තනතුරෙන් පහ කරල වාසගමකුත් දීල [රජුන්ට වාසගම් නෑනෙ] තව ටික කාලෙකින් ගිලටින් කරල දානව.

පොයින්ටෙක මේකයි. බලය ආයුද සහ රජකම පවා හිමි වන්නෙ තනතුර දරන්නට නෙවි. දහසය වන ලුයි කියන්නෙ දහසයවන් ලුයි නමින් අභිශේක කල කුමාරයට නෙවි. ඒ කුමාරය විසින් ආරුඩ කරගන්න තනතුරක් ඒක. ඒ තනතුර සම්මුතියක්. ඒ සම්මුතිය කැඩුනම අර බලය තිබ්බට වැඩක් නෑ.

දහසයවන ලුයි කියන්නෙ මිනිස් ඉතිහාසෙ උන්නු ශිශ්ටම රජෙක් බවත් ජන මතයට හිස නමන්නෙ ජීවිත අවදානම් නොතකා බවත්, පොරට ඕනෙමනම් කෙලල දාන්න තිබ්බ බවත් ඒම කරන්න කියල රජ පවුලෙ උන් කිව්ව බවත් ඇත්ත. ඒත් ඌ කොහොම කලත් තනතුර තියෙන්නෙ ජනයා - එවකට පැරිසියෙ නාගරික සාමාන්‍ය ජනයා - ඒ එස්ටබ්ලිශ්මන්ට් එක පිලිගන්නකම් පමණයි.

රායිට් දැන් මෙතනට ආවොත්, ඔව් වයිට් හවුසිය රේඩ් කරන්න ට්‍රයි කරනව. ප්‍රෙමිසස් වලට පවා මිනිස්සු එනව. ට්‍රම්පා හැන්ගිලා තියෙනව. ඉරාකෙ ගම් පිටින් දූලි කර දාපු සිරියාවට කොල්ලො දම්මල ගස්සපු වියට්නාමෙට කෙමිකල් රේන්ස් දාපු බල කේන්ද්‍රය ලයිව් බුලට් එකක්වත් ෆයර් කරන්නෙ නෑ. ඇයි ඒ. පෝටස් උන්නැහෙත් තනතුරක්. 1789 ප්‍රන්ශෙටත් වඩා අද ඒ තනතුර වග කියන්නෙ මහජනයාට. සම්මුතියක්. සම්මුතිය කඩා ගන්න බෑ. 16 වන ලුයි තරම්ම නිහතමානි මිනිහෙක් නම් ඔය ක්‍රවුඩ් එකට කතා කරන්න ගිහින් කුනු බිත්තර පාරක් හෝ කන්න තිබ්බ. ට්‍රම්පා අන්ඩපාලයා නිසා ඌ හැන්ගුනා.

ඇමරිකාවෙ වෙන්නෙ විප්ලවයක් ද? නෑ ඇමරිකාවෙ වෙන්නෙ ඇනකික් රයට්ස් සීරිස් එකක්. ඒත් ඒ ඇනකික් රයට්ස් සීරිස් එක අස්සෙ ස්ටෙප් එකෙන් ස්ටෙප් එක මිනිස්සුන්ගෙ එස්ටබ්ලිශ්මන්ට් එක එක්ක තියෙන සම්මුතිගත පිලිගැනීම දෙදරන්න පුලුවන්. මට කියන්න තියෙන්නෙ ප්‍රන්ශ විප්ලවෙ කියන්නෙත් විප්ලවයක් නෙවි දිගට වෙච්ච රයට්ස් සෙට් එකක් පමණයි. පැහැදිලි ඇනකික් රයට්ස්. නායකයෙක් සැලසුමක් නෑ. අද හිතෙන එකට අද ගැහුව. 1789 ප්‍රන්සෙ වෙන්නෙ රයට්ස් සහ ගිනිතැබිම් වෙඩි තැබිම් පමනයි. එතන සිට අවු 10 ක් වෙන්නෙ එකිනෙකාට චෝදන කරගෙන කරන බෙලිකැපිම් පමණයි. ප්‍රන්ශ රයට් සහ ඝාතන සීරිස් එක කිව්වත් වරදක් නෑ. ඔලුවක් නැති විප්ලවයක්.

ඒත් එතන මිනිස්සු එස්ටබ්ලිශ්මන්ට් එක එක්ක තිබ්බ විස්වාසය පලුදු වුනා. සමස්ත එස්ටබ්ලිශ්මන්ට් එකම කලප්ස් වුනා. ඒ කලප්ස් එක ඇතුලෙ ලොකු චින්තන වෙනසක් වුනා. ඇත්තෙම්ම ප්‍රන්ශ විප්ලවේ කියන්නෙ ඒ චින්තන වෙනසට.

ඇමරිකාවෙ චින්තන වෙනසක් වෙනවද ? ඔව්. ශුවර් එකටම. ඉස්සරම කලු උන් කිප සීයක් බ්ලැක් ලයිව්ස් මැටර් කියාගෙන ගිය එකෙ දැන් ඉන්නෙ සුද්දො කල්ලන්ට වඩා දාස් ගානින්. දැන් කලු සුදු බේදෙට වඩා තියෙන්නෙ පැරිසියෙ මිනිස්සු වගේ සමාජියව මාජිනලයිස් වෙච්ච උන් සහ එහෙම නොවෙන උන් අතර වෙනසක්.

මේකෙන් ප්‍රන්ශ විප්ලවෙ දශකය වගෙ ඇනකික් කාලයක් එන එකක් නෑ ගිලටින් එන එකක් නෑ. ඒත් ජන සම්මුතිය ටික ටික මෙහෙම කඩා වැටුනොත් හෙමිහෙමින් දිගුකාලිනව පද්දතිය පිරිහෙනවා. ඇමරිකාව වෙනස් වේවි. ඇමරිකාව කියන 1770 ගණන් වල මිනිස්සු - අති සාමාන්‍ය මහජනය - බිහිකරාපු උන් විසින් මේන්ටේන් කරන් ආපු සම්මුතිය, හෙවත් මහේශාක්‍ය කතන්දරය [සෑම රටක්ම කතන්දරයක් පමනයි] ක්‍රමයෙන් දුබල වේවි. කතන්දරයක් වෙනුවට කන්ස්පරසියක් වේවි මිනිස්සු සම්මුතිගතව අදහන්නක් වෙනුවට සැකෙන් බලන්නක් වේවි.

මේ කතා වලට ජෝජ් ෆ්ලොයිඩ් හෝ නම නොකියයුතු පොලිස් මරුවා අදාල නෑ . ඒ දේවල් වෙද්දි උන් ගැන සදහනක් වත් නොවෙන්නත් පුලුවන්. පැරිසියෙ වර්සායි රේඩ් කල වෙලේ ගැනු එකෙක් හෝ දෙන්නෙක් වෙඩි කෑවද? උන්ගෙ නම් දන්නෙ කවුද? මතකවත් නෑ. ඒ මරණ ඒ රයට්ස් ප්‍රන්ස විප්ලවය නෙවි. නොවන්නෙත් නෙවි.

මේකත් ඒ වගෙ තව ඉන්සිඩන්ට් එකක්. තව ටික දවසක් ඇදෙයි, පැරුණු හිත් තවත් පාරවා හෙමිට යට යයි. ආයෙ එස්ටබ්ලිශ්මන්ට් එකෙන් තව පිස්සුවක් කෙලිනකම්.

වෙනස්වෙන ක්‍රියාදාමය දිගටම වෙනව යටින්, හිත්වල.

ඉස්සර බෙදුනෙ කෝමද?

අප්‍රිකානු සම්භවය ඇති මිනිස්සු වහල්ලුන්ගෙන් පැවතෙන. දුප්පත් සමාජියව සන්ස්කෘතිකව පසු ගාමි. යුරෝපියානු සම්භවය ඇති මිනිස්සු සල්ලි කාර බිස්නස් හිමි උගත් ඉහල පාන්තික....

ඒත් දැන් ....

දුප්පත් මිනිස්සු, ක්‍රමයෙන් සමාජියව අවලන්ගු වෙන. හරියටම පැරිසියෙ නාගරික සාමාන්‍ය මිනිස්සුන්ට දැනුනා වගේ, තමන් අවලන්ගු බව දැනෙන මිනිස්සු. අනිත් පැත්තෙන් එස්ටබ්ල්ශ්මන්ට් එක. ඉස්සරින්ම ධනයේ ඊට පස්සෙ බලයේ අන්තිමට ටෙක්නොක්‍රසියේ ඉන්ෆොක්‍රසියේ මනාව ස්තානගත වෙච්ච ඒ තුල බලවත් වෙන සමාජය. යුටියුබ් හදන ශෙයාස් ගන්න ඒ මත ව්‍යාපාර හදන මිනිස්සුන්ට එරෙහිව යු ටියුබ් එකේ වදුරු නැටුමක් නටා හිට්ස් වලින් කීයක් හෝ හොයාගන්න පෙලැන්තිය.

අන්න ඒ දෙක අතර වෙනස මායිම් කරන පොලිසිය.

දැන් ගහගන්නෙ ඒ දෙගොල්ල. වර්ණ භේදය නෑ නෙවි. තියෙනව. ඒත් මැරුණ එකා අපේ එකෙක් කියල හිතන්නෙ උගේ හමේ පාට උන් නෙවි ඌ උන්නු බිමේ පාට උන්. දූවිල්ලට ලග උන්. දූවිල්ලක් පමණක් වෙන උන්. අප්‍රිකානු සම්භවය ඇති පොලිස් කාරයින්ට යුරෝපියානු සම්භවය ඇති උනුත් ගල් විසික් කරනව.

මිනියාපොලිස් .... ටක්කෙමට කිව්වොත් මිනිහා පොලිස්.... තව ටිකක් එහාට ගියොත් නිකම් මිනිහට එරෙහිව පොලිස්සිය, ආයතන, එස්ටබ්ලිශ්මන්ට් එක, ටෙක්නොක්‍රසිය.

යුරෝපියානු සම්භවය ඇති කොල්ලෙක් ස්කේට් බෝඩ් එකකින් සී එන් එන් එකේ වීදුරු බිත්තියට ගහද්දි අප්‍රිකානු සම්භවය ඇති පොලිස් කාරයින් ඒක ගාඩ් කරන තැන තමා කතාවෙ තීරනාත්මක ට්විස්ට් එක තියෙන්නෙ.

ඒ ඇට්ලන්ටා වල. ඒත් ඒ කොහෙ වුනත් මිනිහා-පොලිස්. ඒක තමා මේකෙ දෙපැත්ත.

ආවෙ කොහෙන්ද මූලය මොකද්ද හමෙ පාට මොකද්ද කියනවට වඩා, මේන්ස්ට්‍රීම් එකේ ඉන්නෙ කොතනද කරන්නෙ මොකද්ද, තමන්ගෙ පදනම මොකද්ද, ටෙක්නොක්‍රසියෙ මෙහෙයවන්නෙක් ද, වදුරු නැටුම් නටන්නෙක් ද, කියන එකයි බෙදුම.

ජෝජ් ෆ්ලොයිඩ්. අදාළ නෑ. මිනිහා-පොලිස්. ඒකයි අදාල.

නිකම් මිනිහා-බලවත් මිනිහගෙ පොලිස්සිය.

ෆවුන්ඩේසන් එක ඉරි තලමින්.

1 comment:

  1. මල්ලි පන්සලේ ප්‍රංශ රටේද?

    ReplyDelete