Saturday, January 13, 2018

සිංගප්පුරු කතන්දර - 1 කොටස

සිංගප්පූරුව වකිමි හත්සිය ගානක ජනගහනය මිලියන දහයක් පමණ වන ඉන්දුනීසියා සහ මැලේසියා රටවලින් වටවූ දූපතකි. ලෝක සිතියමක් ගෙන එකවරක් බලා මේ දූපත දැකගන්න බැරිය. විශාලත්වය අඩු කමත් වඩා පැහැදිලි වෙනත් දූපත් මැද අහුමුල්ලක් වීමත් නිසාවෙනි.

ලෝක සිතියමක් අතට ගෙන බලන ඕනෑම කෙනෙකුට නොවරදි පෙනෙන ඉන්දීය සාගරයේ මැද වගේ පිහිටි සිගප්පුරුව වගේ සිය ගුණයක් පමණ විශාල දෙගුණයක් පමණ මිනිසුන් සිටින පැහැදිලි දූපතක් ඇත. අනාදිමත් කලෙක සිට ලෝ වැසි බොහෝ ජනයා විවිධ නම් වලින් ඒ දූපත හඳුනා ගත්තේ ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන කාටත් එය වැදගත් සන්ධිස්ථානයක් බැවිනි. ටොලමි ගේ මුල් සිතියම් වල එය ඉන්දියාව තරම්ම ලොකුවට සටහන් වූයේ එහි ස්තානිය වැදගත්කම ටොලමිගේ යුගයේ උන්ට දැනෙන ආකාරය නිසාය. අන්න ඒ දූපත ශ්‍රී ලංකාව බව මේ ඇපල් හෙල්ප් ලයින් එකට දැන්විය යුතුවේ.

ලංකාව සංවර්ධනය කිරීමට දේශීය ස්ව්‍යන්පෝෂිත කෘෂි කොමියුනිස්ට් ලිබටේරියන් ජර්මන් රුසියන් ඇමරිකන් බ්‍රිතාන්‍ය ආදී විවිධ සුරංගනා කතා දේශනා කරන උදවියට අප කියා සිටි එකම දෙයනම්, වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පුරුව ගිය දුරෙන් 1/10 යාමට මුළු ලංකාවම නොව එහි එක නගරයක් සූදානම් කරන්නේ නම් සංවර්ධනය යනු නොවැලැක්විය හැක්කක් බවයි. ඒ කතාවට සාක්ෂියක් ලෙස මේ පින්තුරය ලබා දිය හැකිය. 2018 [හෝ 2017] දවසක කෙනෙක් මෙසේ විමසන තැනට අප අපව පත්කර ගත්තේ මන්දැයි විමසන තැන ඒ සංවර්ධන කතාව බේස් කල යුතුය.

Image may contain: text

3 comments:

  1. My (late) father wasn't happy about the name change from CEYLON to SRI LANKA in 1972. His point was, that we lost our identity in the world, due to that name change. I thought his idea was just politically motivated due to his political views, but when I migrate to Aus. in 1990, I realize that, I was wrong. Within a couple of days after I set foot in Melbourne, I had this conversation with an old couple, and they have no idea where in the world is the country called SRI LANKA. I immediately told them it was the country that called CEYLON sometime ago. Then the old man said, I was in Kandy, and Trincomalee almost a year during the war. His wife also visited the Colombo harbour when she migrated to Aus. after the war. Furthermore she said I still call 'COLOMBO' the most beautiful place on earth, because after leaving Colombo, our ship sailed almost 2 weeks nonstop to get to Perth, so fond memories of Colombo still with me. So, the name change from Ceylon to Sri Lanka also contributed to the above situation.

    ReplyDelete
    Replies
    1. thanks for the comment. Agree that the name change is one major reason. But I think Ceylon is past. SL should have made ts name on its own. It should not have relied on 1950-1970 old relationships. It has nothing worthy to mention than 96 ODI and 2014 T20 cricket wins. Outside of cricket world there is no mention of the nation [2000 Susssie could have been had she won gold]

      My point is that

      Delete
  2. 2003 දී මියන්මාර් වලදී මට මේ දේම උනා.. ශ්‍රී ලංකා කියුවට අපි හිටපු හෝටලේ ගෑනු කෙනා දැනගෙන හිටියේ නෑ.. ඉන්දියාවට පහලින් තියෙන බුදු හාමුදුරුවන්ට වඳින රට කියල බොහොම අමාරුවෙන් තමයි කියල දුන්නේ.. (ඊට අවුරුද්දකට විතර පස්සේ පටායා වලදී රෂියන් කෙල්ලෝ දෙන්නෙකුට කියල දෙන්න ඊට වඩා අමාරු උනා.. ;) ) අනේ අපොයි කියල හිතෙන්නේ අන්න ඒ වගේ වෙලාවට මෙයා..

    ReplyDelete