Wednesday, December 26, 2018

දෙසැම්බර් 26: මතකයන් ගෙන් ඔබ්බට

සුනාමිය ඇවිත් ගොස් අවු 14 කි. සුනාමිය ගැන ලියු කවි [මාත් එකක් ලියා තිබේ] තවම නැවත පළ වේ. ප්‍රතිපත්තියක් ලෙස දසවැනි සමරුවෙන් පසු ඒ ගැන කවි කතා තව දුක සීන් මැරුණු අය ගැන ස්මරණ පළ කිරීම නවතා දැමුවේ එකම දේ නැවත පළ කිරීමෙන් එහාට අලුත් යමක් නොවෙන නිසාත් සුනාමිය රෙටෝරික ප්‍රකාශයක් සහ "අපි ඒ කාලෙත් ඔය ගැන ලිව්වා" තාලේ අපේ අතීත හපන්කම් ගණයට වැටෙමින් පවතින නිසාත් ය. එහෙත් සුනාමිය සපුරා අමතක කර දැමීමට වඩා මිනිසුන් තවම ඒ නොස්ටල්ජිය බියකරු සිහිනයේ ගිලී යාම යහපත් තත්වයකි. සුනාමියක් ආයෙත් පැමිණිය හැකි බැවිනි.

ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. ඊයේ පෙරේදා සුමාත්‍රා සහ ජාවා වෙරළ දෙකට භූ කම්පනයකින් තොරව පැමිණි [ගිනිකදු ආශ්‍රිත පස් කඩා වැටීමක් නිසා හටගත්] සුනාමිය හඳුනා ගන්නට ඔවුන් අපොහොසත් විය. ඒ පුවත් අතර මා දැක්කේ සුනාමිය හඳුනා ගන්නට මුහුදේ දැමු උපකරණ සැලකියයුතු තරමක් සොරුන් සහ විනාශ කරුවන් අතින් වැනසී ඇති බවයි. භූ කම්පනයක් කම්පනයෙන් හඳුනා ගත හැකි නිසා මේ දක්වා මෙය ඉස්මතු නොවුවද, ඉන්දීය සාගර කලාපය තවමත් සුනාමියක් හඳුනාගත හැකි මට්ටමක ඇත්දැයි නොදන්නෙමු. සෑම සුනාමියක්ම හටගන්නේ භූ කම්පනයකින් ම පමණක් නොවේ.

සුනාමියෙන් ලංකාවේ ජන අවබෝධය සහ වගකිවයුත්තන්ගේ අධීක්ෂණය භූ කම්පන කෙරෙහි යොමුවිය. 2004 ට පසු කම්පන කීපයක් සිදු වූ බව [ජාත්‍යන්තර මාධ්‍ය සහ භූගෝල පර්යේෂණ ආයතන මගින්] දැන ගන්නට සහ අනතුරු ඇඟවීම් නිකුත් කරන්නට ලංකාව සමත්විය. මෙය හපන්කමක් නොවුනත් 2004 දෙසැ 26 ඇමරිකානු භූ සමීක්ෂණ ආයතනය සහ පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය එවූ පණිවුඩ නිවාඩු ගිය ඔෆිසියක ඊමේල් එකවුන්ට් එකක නාස්ති වී ගිය සුනාමිය එනවා කිව්වා එයාපෝට් එකට ගියා කියා ජෝක් හැදුනු රටට ඒකත් වැඩකි. ඒ අතර 2012 සුමාත්‍රා ආශ්‍රිත මුහුදේ සිදු වූ භූ කම්පනය අවස්තාව කළමනාකරණය කළ ආකාරය සුවිශේෂී වේ. එහෙත් භූ කම්පනයක බලපෑමෙන් තොරව සිදුවන සුනාමියක් හඳුනා ගන්නට ලංකාවට පමණක් නොව කලාපයට ද බැරි බව සතියකට පෙර ඔප්පු විය.

සුනාමිය ආ සමයේ වෙරළාසන්න ගොඩනැගිලි අඩු කරන්නට කතාවිය. ඇත්තටම කතාවූ සමුද්‍රාසන්න උද්‍යාන සංකල්පය ලංකාව වැනි ජනාකීර්ණ රටකට කල නොහැක්කකි. එහෙත් අනතුරු කලාප හඳුනා ගැනීම පලායන්නන් හට නිරවුල් උපදෙස් පළ කිරීම, ස්තානිය උස සලකුණු කිරීම, හැකි සෑම සාගරාසන්න මිනිස් වාසයක් ම ඉවත් කිරීම [සංචාරක ව්‍යාපාරය සමග එකතු වුනොත් පිරිවැය ගැටලුවක් නොවනු ඇත] වෙරළ මත ඇති ධීවර පැල්පත් ඉවත් කිරීම, සුනාමි සයිරන් පද්ධති පරික්ෂා කිරීම ආදී ලෙස කල හැකි දේ බොහෝ සෙයින් ඇත. මේවා වෙනවාද නොවේද කියා අප දන්නේ නැත. නොවන්නේ නම් මේ ස්මරණ දිනය ඒවා අධීක්ෂණය කිරීමට රජය විසින් වෙන්කළ යුතුය.

ස්මරණය කාව්‍යකරණය සහ නොස්ටල්ජියාව වෙනුවට අනාගතයට මුහුණ දීමට කලාපය සූදානම් විය යුතුය. ඊ ගාව එක වැඩි දුර නොවිය හැක.

Saturday, May 26, 2018

මතු රැකෙනා ශිල්පය මයි උගතමනා - රස්සාවක් නොලැබෙන උපාධි විනෝදාංශ බවට පත් කළ යුතු වේ

මෙම  සබැඳියේ   දැක්වෙන  වීඩියෝව  ලංකාවේ  රැකියා  විරහිත  උපාධිධාරිනියක්  කරන  කතාවක්. 

මේක බැලු බොහෝ දෙනෙක් ඇය උපහාසයට ලක් කරනවා. ඇත්තෙන්ම ඔවුන්ගේ උපහාසයට ලක්වියයුතු අදහස් සිතුම් පැතුම් තියෙනවා, ඒත් "පුංචි මල් කැකුළු" [අපි නෙවි රටේ උන්ම තමා ඕම කියන්නේ] වගේ  ඉස්කෝලෙන් එලියට එන මිනිස්සුන්ගෙන් මෙහෙම තින්කින් ස්ට්‍රීම් එකක් හදන්නේ රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් ම තමා, ඉතින් ඒ හිනාවෙන්නේ අපිටම මිස ඇයට නොවේ.

අවුරුදු ගානක් මහන්සි වෙලා යමක් ඉගෙන ගෙන ඊට පස්සේ ඒකෙන් රස්සාවක් කරන්න බෑ කියල තේරුණාම එන ෆීලින් එක ඉතාම අමාරු එකක්. විශේෂයෙන්ම ඒ උපාධිය තමන් තේරු එකක් නොවේ, තමන් විශ්ව වීද්යාලේ ගියාම තමන්ට බලෙන් පවරා දීපු එකක් වුනාම ඒ ෆීලින් එක දෙගුණ වෙනවා. ඒ විකාර තත්වය තුල ආණ්ඩුවේ ජොබ් ඉල්ලීම පෙන්ෂන් සහිත රස්සා  ඉල්ලීම, පාරේ උද්ඝෝෂණ කිරීම [සහ ඒවා මාර කැරලි කියා හිතා සිටීම] ඊට පස්සේ දේශපාලකයන් පස්සේ යාම, ඔය ඔක්කොම විකෘති. ඒත් ඒ සියලු විකෘති නිර්මාණය කලේ විශ්ව විද්‍යාලය විසින්.

ඕකට දැනටමත්  රස්සා කරන හාන්සිපුටු විද්වතුන් දෙන උත්තරේ තමා, සමහර විෂයන් තියෙන්නේ රස්සා කරන්න හෙවත් වෘත්තිකයන් හදන්න නෙවි, ඒවායෙන් වෙන්න ඕනේ චින්තකයන්, දාර්ශනිකයන්, ශාස්ත්‍රීය බුද්ධිමතුන් හදන එක. හරි, එහෙමම කියමුකෝ ඉතින් එහෙනම් මොකටද ඒ උපාධියට ජොබ් ඉල්ලන්නේ? රටටත් වැඩක් නැතිනම් වාණිජ ලෝකෙටත් වැඩක් නැතිනම් ඇයි කවුරුහරි ජොබ් දෙන්නේ?

ඊටත් වැදගත් ප්‍රශ්නය නම් රස්සාවක් කරන්නත් බැරි, සමාජයට බුද්ධිමය දායකත්වයක් දීනත් බැරි කෙහෙම්මල් උගන්වන්නේ ඇයි? ඕවා ඕනෙමනම් විනෝදාංශයක් ලෙස ඉගෙනගන්න බැරිද? මිනිසුන්ගේ වටිනා කාලය මේ බහුබූත ඔළුවට පටවන්න කා දමන්නේ ඇයි?

ඇත්තම කිව්වොත් ඊට තියෙන්නේ වෙනත් හේතු දෙකක්. එකක් තමා මේ විශ්ව විද්‍යාල වල අරටු බැහැල ඉන්න එසේම ලෝකයට වැඩක් නැති බූත උගන්වන ලෙක්චරර් පරපුරේ වෘත්තීය පැවැත්ම උදෙසා මේවා පවත්වාගෙන යන්න ඔවුන්ට බලය තියෙන ඒ ආයතන කෙරෙහි කරන බලපෑම. අනික තමා වත්මන් සමාජය වෙනුවට් වෙනත් යුතොපියන් සුරංගනා කතාවක් එක්ක ජීවත් වෙන විවිධ විශ්ව විද්‍යාල සිසු කල්ලිවලට ඒ වෙනස හෙවත් වාණිජ ලෝකයේ අරමුණු වෙනුවෙන් තෘතියික අධ්‍යාපනය වෙනස් කිරීමට ඇති විරෝධය. සමහරවිට මේ කාන්තාවත් ඒ මතයම දරන්න ඇති දැනුත් දරනවා ඇති.

මේවා මෙහෙම වෙද්දී කලා අංශයේ වැදගත් රැකියා ජනනය කරන ක්ෂේත්‍ර වන ටීචින් විෂුවල් ආට්ස් ඇඩ්වටයිසින් වගේ ක්ෂේත්‍රවලට නිසි නිපුනතා නැති කමින් නොගැලපෙන අය බඳවා ගැනෙනවා හෝ පුද්ගලික පාටමාලා සැපයෙනවා. ලංකාවේ උපාධිධාරී ගුරුවරුන් කීයකට අධ්‍යාපනවේදී කියන ස්පෙෂලයිසේෂන් එක තියේද? වෙනත් රටවල නම් ඒක අත්‍යාවශ්‍ය යී බොහෝ ගුරු තනතුරු උදෙසා. ඉන්දියාවේ එය සුලබව තියෙනවා.

ඔය කාටත් ඔප්ෂන් දෙකයි තියෙන්නේ, දෙකම කරන්න බෑ එකක් තෝරන්න වෙනවා.

1. විවි වල "වෘත්තිකයන්" වෙනුවට සෝ කෝල්ඩ් "බුද්ධිමතුන්" බිහි කරන හෙවත් රටේ කිසිම රැකියා අවශ්‍යතාවක් නැති බහුබූත විෂයන් උගැන්වීම නවතා කෝස් එක ඉවර වුනාම  පවතින වාණිජ ලෝකයෙන් නිකම්ම 
රස්සාවක් ලැබෙන තත්වයට කලා වැනි උපාධි වෙනස් කිරීම

2. "වෘත්තිකයන්" වෙනුවට සෝ කෝල්ඩ් "බුද්ධිමතුන්" බිහි කරන එකනම් වෙන්න ඕනේ දේ, ඒ බුද්ධියත් අරගෙන උපාධිය අරගෙන ගිහින් කුලියක් මලියක් කරලා ජීවිතේ ගැටගහගන්න එක. මොකද වෘත්තිකයෙක් වෙන් හොඳ නැත්නම් උපාධියෙන් වෘත්තියක් දෙන්නත් හොඳ නෑනේ.

ඔය දෙක ඇරෙන්න වෙනත් විකල්ප නෑ.

සමාජයට වැදගත් ගුණයහපත් දැනුමැති මිනිහෙක් හදන්න ඕනේ පාසලින්. තෘතියික පද්ධතිය කල යුත්තේ රටේ ශ්‍රම අවශ්‍යතා සමාජීය බුද්ධි අවශ්‍යතා සපුරන එක. සිම්ප්ලි කෝස් එක කල කෙනාට  එලියට ආවම රස්සාවක් නැතිනම් ඒ කෝස් එක වැඩක් නෑ. එහෙම වෘත්තික අරමුණක් නැතුව තනිකර දර්ශනවාද කලා ආදී දේවල් හදාරණ පිරිසක් ඉන්න ඕනේ නම්  ඒ සෙට් එක වෙනුවෙන් ජාතික ධනය වැය කිරීම නාස්තියක්, අවශ්‍ය නම් ඒවා ඔන්ලයින් කෝසස් වගේ තියන්න පුළුවන්, කැමති  කෙනෙකුට  කරන්න. එසේම ඒක   වොලන්ටියර් ලෙස මිසක් 
විශ්ව විද්‍යාලයට ගියාම නෝ චොයිස් තාලේට හදන්න හොඳ නෑ, ඔය කාන්තාව  වීඩියෝ එකේ කියන්න වගේ උන්ව කැම්පස් ගෙන්නලා උගන්වන එකෙන් උනුත් කැපකිරීමක් කරනවනේ අවුරුදු ගානක්. ඊට පස්සේ උන්ටත් ඕනේ රස්සාවක්. සොරි ඔයා අපි හැදුවේ දාර්ශනිකයෙක් වගේ හිත හිතා ඉන්න ඔයාට ජොබ්ස් නෑ කියන්න බෑනේ. ඉතින් එහෙම මිනිස්සුන්ට දෙන්න ඕනේ වෘත්තික අවකාශ මිස දාර්ශනික අවකාශ නෙවි.

එක්ස් කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න තිස්සෙම කියනවා ඔහු දැනුම නිර්මාණය කිරීමේ කටයුත්තෙන් ලංකාවේ අකඩමියා එක පරාජය කළා කියල. ඒ කිව්වේ ඔවුන් විනෝදාංශයක් [හා දේශපාලන අරමුණක්] ලෙස දර්ශනවාද ගැන කියවීමෙන් එක්රැස් කල දැනුම ඒ අංශවල ඇකඩමිය එක ඉක්මවා ගියා කියන එක. එහි සත්‍යතාවය කුමක් වුවත් ඒකෙ ඉන්වර්ස් ඒකයි වැදගත්, පිරිසකට පොත් කීපයක් කියවා දාර්ශනික සංවාද කරලා බීට් කල හැකි තරම් සුළු දෙයක් උගන්වන්න ඔය සමහර ආට්ස් වගේ කෝසස් වල මනුස්සයෙකුගේ ජීවිතේ වටිනාම අවු 3, 4 ක් කා දාල කරන්නේ. එව්වා එක්ස් එවුන් කල තාලෙට කරගන්න දීල ජාතික ධනයෙන් රටේ දරුවන්ගේ කැපවීමෙන් උගන්වන එව්වා සියල්ල 
වෘත්තීය දිහාවට ගෙනගියා නම් හරි.

සිම්ප්ලි අපිට රස්සා දියව් කියල එකෙක් කෑගහනවා කියන්නේ උන්ට කෝසස් හදාපු 
විශ්ව විද්‍යාලයෙ අවුලක්, හරිනම් කෝස් එක කරන්න ඕනේ රස්සා තියේ නම් පමණයි, නෙවිනම් වෙනස් කල යුතුයි.

මතු රැකෙනා  ශිල්පය මයි උගතමනා කියල  තින්කින්  වෙනස්  කරගන්න  සුදුසු  කාලේ  ඇවිත්.

ප.ලි.


කට්ටිය අර රැකියා විරහිත උපාධිධාරීන්ට බණින තරම වැඩියි මගේ හිතේ. මේක තනිකරම ඒ ඉන්ඩිවිජුවල්ස් ල ගේ වරදක් කරලා මුහුණුවර පෙනුම කතා විලාශය ඉලක්ක කරගෙන කරන අදහස් දැක්වීම් අස්සේ කියවෙන්නේ නෑ ඒ මිනිසුන්ට අවුරුදු තුන හතරක් කිසියම් අරුත්සුන් දෙයක් "බලෙන්" [ඔව් බලෙන් තමා] උගන්නපු බව. දැනටත් බැච් කීපෙකට ඒ වැඩේ කරමින් ඉන්න බවත් අනාගතෙත් එහෙම කරන්න නියමිත බවත්. එතකොට අපි මේ දකින්නේ ඩෙංගු රෝගීන් වගේ අපේ සිස්ටම් එක ජෙනරේට් කළ ආසාදිතයන් පිරිසක්. වසරින් වසර ඉලක්කම ඉහල යනවා.

ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා හෝ ඔවුන් කියන දේ හරි කියා කියනවා නෙවි. ඒ වගේම ඔවුන් වයලන්ට් නම් ඔවුන්ව වයලන්ට් තාලෙට මර්ධනය කරන්න වේවි. හැබැයි වරද ඔවුන්ගේ කියන තැන අපි කරන්නේ ප්‍රශ්නය අමතක කරන එක.

මනුස්සයෙකුට උපාධියක් කරලා ඉවර කලාම එකෙන් රස්සාවක් කරන්න බැරිනම් වරද විශ්ව විද්‍යාලේ නේද? එතකොට ඒ සිසුවාට ඒ විශ්ව විද්‍යාලය සහ ඒ කෝස් එක ඇරෙන්න වෙනත් උසස් අධ්‍යාපන විකල්ප දෙන්නේ නැතිනම් හෙවත් ඒකම කරන්න ෆෝස් කලානම් වරද රටේ නොවේද? එක උපාධිධාරිනියක් පිස්සු වගේ කියෙව්වට, ඇත්තටම "බලෙන්" තමා එයාලව ඔය විෂයේ උපාධිධාරීන් කරලා තියෙන්නේ. අවුරුදු ගානක් නාස්ති කර අපට වෙනත් විකල්ප නොදී මේ වැඩක් නැති ෆීල්ඩ් එකෙන්ම අප උපාධිධාරීන් කලේ ගෙදර ලගින්නද කියන එක ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේද?

කට්ටියක් කියනවා ගෙදරදී තව මොනවා හරි ස්ටඩි කරන්න තිබ්බලු. ඒ වාක්‍යය තුල ම ෆේලියර් එක තියෙනවා. උපාධියේ කරන දේවල් රටට අනවශ්‍යයි කියල තියෙනවා. ඔබ හිතන්නේ උන් ගෙදරදී මොකුත් ස්ටඩි කලේ නෑ කියලද? කරපු උන් ඇති, උන් එතන නැතිව ඇති. හැබැයි වෘත්තීය අධ්‍යාපනය සෙල්ෆ් එඩියුකේෂන් එකක් වෙන්නේ නෑනේ. කරගන්න ලෙහෙසි නෑ. ඔය බැරිවෙච්ච උන්. ඔක්කොම දේවල් ගෙදර ඉගෙන ගන්න නම් මොකටද විවි දුවන්නේ.

උන්ට ඔන්ටප්රිනර් කරන්න කියනවා. දැන් ඔයිට වඩා ඩිමාන්ඩ් තියෙන ඉංජිනේරු වගේ ක්ෂේත්‍ර වලින් පාස් අවුට් වෙන කීයක් ඔන්ටප්රිනර් කලාද? ඔන්ටප්රිනර් ස්ටාටප් කියන එව්වා වංචා ටැක්ස් ෆ්රෝඩ් කියල හිතන වල් වැදිච්ච බහුතරයක් උපාධිධාරින් ජොබ් කම්ෆර්ට් එකේ සැනහෙන රටක් ඕක . අනික ඔන්ටප්රිනර් කියන්නේ රස්සාවක් නැති හැම එකාටම ගෙදර ගිහින් කරන්න හැකි එකක් නෙවි. සීයක් කලොත් එකෙක් ගොඩ යයි. අනික ඊට මූල ධනයක් ඕනේ ටික කලකටවත්. උත්තරේ නම්, ඔව් සාර්ථකව ඔන්ටප්රිනර් කල කීපෙකුත් ඇති. උනුත් ඔතන නැතුව ඇති.

ආයේ කියනවා අවුල් බව දන්නවා නම් ඩිග්රි එක පටන් නොගන්න හරි දාල යන්න තිබ්බලු. සීන් එකනම් ඒ ස්ට්‍රීම් වල ඔක්කොටම අවුල් නෑනේ, සමහර සබ් ස්ට්‍රීම් වල උන් ගොඩ. කාලකන්නි විවි පද්ධතිය නොකරන්නේ ඒ වගේ දේවල් හෝ වෙනත් අලුත් දේවල් වැඩියෙන් හඳුන්වා දී ගොඩයන ප්‍රමානේ වැඩි නොකරන එක. අනික එහෙම දාල ගිය උන් හැලිච්ච උන් ඉන්නවා. උන් ගියාම විවි ඒ අනවශ්‍ය කෝස් වහල දන්නේ නෑ වෙන සෙට් එකක් ගන්නවා. මේ ඒ සෙට් එක.

සමස්ත කතාව කෙටි කලොත්, ඔය විදිහේ රටට අනවශ්‍ය පාටමාලා සිසුන්ගේ ඇඟේ බලෙන් ගහනකම් ඔය මොන විදිහට මොන මනුස්සය ගොඩ ගියත් සිස්ටම් එක වෙන එකෙක් ඇදලා අරගෙන ඒ අනවශ්‍ය කෝස් එක බලෙන් පොවනවා. ඔය සෙට් එක වෙන විදිහකින් ගොඩ දැම්ම නම් වෙන සෙට් එකක් අද ඔතන ඉන්නවා.

මේක ඒ ඉන්ඩිවිජුවල්ස් ල ගේ වරදක් නොවෙන්නේ ඒකයි.

අනික් කාරණේ ලංකාවේ ආට්ස් කරන අය කැම්පස් යනවා හොඳටම වැඩියි. ඉන්ටේක් අඩු කරලා රටට වැඩක් ඇති වෙනත් ක්ෂේත්‍ර ගන්න ඕනේ. ඒ සඳහා පාසල් මට්ටමින් උසස්පෙළ විෂයන් ඔක්කොම රට පුරා අවේලබ්ල් නෑ.

නතර කල යුත්තේ විවි පද්ධතිය විසින් ඔය පිරිස නිර්මාණය කිරීම. ඔය පාරේ ඉන්න සෙට් එක දැනටමත් ඩෙංගු ආසාදිතයන් වගේ. මැරෙන්න අරිනවද ජාතික ධනය නාස්ති කර නිකම් පඩියක් දීල ඩෙංගු ලෙඩ්ඩුන්ට ලේ දිදී බේරාගන්න හදනවා වගේ බේරා ගන්නවාද කියන එක නෙවී වැදගත් ගැටලුව. ලබන අවුරුද්දේ මීටත් වඩා වික්ටිම්ස් ලා ගොඩක් ඔතනට එවන විවි පද්ධතිය හෙවත් රෝග නිධානය වෙනස් කරනවද කියන එක. ඒක තමා දැන් කතිකාව වෙන්න ඕනේ.

අර කූඹියෝ එකේ කියන්න වගේ යන්තම් ජොබ් කට්ටක් අරගෙන ලීස් කරලා වාහනයක් අරන් නාගරික බ්ලොක් එකක ණය වෙලා ගෙයක් හැදුවා [හෝ කරන්න හිතා ඉන්නවා] කියල මුන්ට ටෝක් දෙන අනිත් කට්ටිය ලොකු සීන් නෙවි. උනුයි අනික් උනුයි අතර වෙනසක් නෑ. ඒ වගේම ඔය ටෝක් දෙන උන්ව අරගෙන ගිහින් කසිකබල් උපාධි කෝස් එකකට දාල "ඔයාල වෘත්තික නෙවි චින්තක හෙවත් ලොරි ටෝක් දාර්ශනික වෙන්න" කියල තෙලක් බෙදුවනම් මේ කට්ටියත් අද ඔතනම තමා.

Sunday, May 6, 2018

සිංගප්පුරු කතන්දර - 2 කොටස

කාලෙන්  කාලෙට  සුඩෝනිම්  එක  මාරු  කරන මේ  දවස්සල  Bentha Max කියල  ඉන්න අපේ  හිතවතා  දිග  පෝස්ට්  එකක්  දාල  අහනවා  ලංකාව  දියුණු   කරන්නේ  කෝමද  කියල. 

මම සාමාන්‍යයෙන්  ඔය  රට  හදන  හැටි  ගැන  කරන කතා  වල  තේරුමක්  දකින්නේ  නෑ.  ලෝකේ  රටවල්  ගැන  ඉස්කෝලේ  උගන්නද්දී කිව්වේ  සංවර්ධිත  රටවල්  සහ  සංවර්ධනය  වෙන  රටවල්  කියල  දෙගොල්ලක්  ගැන,  ඒ  දැනුම  වැරදියි. සංවර්ධිත  රටවල්  සහ  සංවර්ධනය  වෙන  රටවල්   වලට  අමතරව  මළාට  සංවර්ධනය  නොවෙන  කියල  වර්ගයකුත්  තියෙනවා.  ඒ  තමා  ලංකාව  ඉන්න  තැන.  

ඒත්  බෙන්තට  උත්තරයක්  දෙන්න  එපැයි. අනික  මේක  මාර  කොර  වෙන  ප්‍රශ්නයක්  නෙවි, ඇත්තම  කිව්වොත්  හෙණ  සරල  උත්තරයක්  දෙන්න පුළුවන්.  සරළ කෙටි උත්තරයක්.

1. අපි ජෙනුයින්ලි ලෝකයට විවෘත රටක් වෙන්න ඕනේ චින්තනයෙන් සහ සත්‍යාවබෝධයෙන්. ලෝකෙන් උතුම් රටක්ය  පට්ට පොරවල් ඉන්න රටක්ය කියල  නෙවි සාමාන්‍ය අසරණ රටක් බව හිතන්න ඕනේ. අවුට් ඔෆ් නෝම් වැඩ නොකර ලෝක සම්මතය කරා එන්න බලන්න ඕනේ.

2. සින්ගා වගේ වාණිජ නගරයක් හදන්න ඕනේ. එසේම සංචාරක කර්මාන්තය වාර්ෂිකව අපේ ජනගහනයට සමාන වෙනකම් නගා සිටුවන්න ඕනේ දාගැබ් සීගිරි බලන්නයි අලි බලන්නයි කොල්ලෝ ගහන්නයි නැතුව අර වාණිජ නගරෙන් බඩු ගන්න එන කන්සියුමර් ටුවරිසම් ෆෝකස් කරන්න ඕනේ. උන් එයාපෝට් එකෙන් එලියට නොගියත් කමක් නෑ, එයා පෝට් එක ඇතුලේ සැහෙන මුදලක් වැය කරලා යනවනම් ඇති. එයාපෝට් එකක් ඒ නගරේ එහෙමම හදන්න ඕනේ. ෂොපින් මෝල්ස්  හොටෙල්ස්
  එක්ක 

3. චීන ආර්ථික ප්‍රසාරණයේ නැවත බහාලුම් සහ සැකසුම් කරන සෙන්ටර් එකක් වෙන්න ට්‍රයි කරන්න ඕනේ.

4  බලය විමධ්‍යගත කරන්න ඕනේ, හැබැයි ඔය දෙමල රජ කරන ආදී වාර්ගික ගොන්  ආතල් නෙවි, ආර්ථික බලය. හැම දිස්ත්රික්කයකම් සී බී ඩී එකක් හදන්න ඕනේ, වෙන වෙනම ස්ටොක් මාකට් දාන්න ඕනේ වෙනම චෙම්බර් ඕෆ් කොමර්ස්, ඒ ඒ පලාත්වල ආයෝජන වල ක්‍රියාකාරී බලය ප්‍රාදේශීය එකක වලට දීල ආණ්ඩුව නියාමනය කරන්න ඕනේ. කර්මාන්ත ටැක්ස් උන් උන් පාලනය කරන්න ඕනේ. උන්ගේ තරගේ හදන්න ඕනේ

5. 
ආර්ථික එන්ජිම් කික් ස්ටාට් වුනාම සමාජ සුබ සාධනය රජයේ ඉලක්කය වෙන්න ඕනේ.

Sunday, April 22, 2018

කඩදාසි සෙල්ලිපි

මම පොත් කියවන්නේ අඩුවෙනි. කියෙව්වොත් සයි ෆයි පමණි. ඒ ද ඉස්සරය. කසාද බඳින්නට සහ ගෙදරට නෙට් ඇක්සස් ලැබෙන්නට පෙර කාලෙය. මෑතදී කියවීමට ගත් උත්සහ බොහෝ සෙයින් ව්‍යර්ථ විය. කරන බාග කියවීම් සයිබරයේය.

මට කඩදාසි පොතක් ලියන්නට නම් මලාට නොසිතේ. සයිබර පොතක් [කින්ඩ්ල් වැනි] ලියන්නට සූටි ආසාවක් ඇත.

කියවීම සම්බන්ධ කාරණා මත සෙට් වන මගේ ලාංකීය නොවන මිතුරන් අතර විසි ගණන් වල ඉන්න උන් කඩදාසි පොත් කියවන්නේ නැත. උන් පොත් කියවීම් කියන්නේ පොත වොයිස් එකකින් කියවෙන ලෙස දාගෙන එදිනෙදා වැඩ කිරීමයි. හතලිස් පනස් ගණන් වල උන් කඩදාසි පොත් කියවා ඇත්තේ උන්ගේ විසි ගණන් වලදී ය.

කඩදාසි පොත් ලියන මගේ මිතුරියක් අද කියූ පරිදි සත් වසරක ඇගේ ලේඛන උත්සාහය විකිණී ඇත්තේ කොපි 2000 කි. මීට ටික දිනකට පෙර කඩදාසි පොත් ලියන තවත් මගේ මිතුරෙක් එවැනිම ඉලක්කමක් පළ කළේය.

මිනිස්සු කඩදාසි පොත් කියවන්නේ නැත්තේ උන්ගේ අමන කමට අධම කමට නොවේ. ඒක ඔය රටේ අවුලක් නොවේ. මිනිසුන් කඩදාසි පොත් කියවන්නේ නැත්තේ ඒ කාල ස්ලොට් එකට වෙනත් දේ ආ නිසාය. දර්ශීය උදාහරණය ලෙස මා ම සැලකුවොත් ඒ කාල ස්ලොට් එකට මට බිරියක් දරුවෙක් කුටුම්බයක් ඒ සියල්ලට වඩා අන්තර්ජාල සම්බන්ධයක් ස්මාට් ෆෝන් එකක් ලැබී ඇත. ඉස්සර කෝච්චියේ පොත් කියවූ මුත් ඒ කාලයට ද කෝච්චියේ ෆේස්බුක් කියවීම බාධා කරයි [පහුගිය සති දෙකේ ඔබ සියල්ලන් මගේ වෝල් එක මත දමන සැරසිලි ඉග්නෝ කර අමාරුවෙන් එක පොතක් කියවන්නට සමත් වීමි].

මිනිස්සු කඩදාසි පොත් කියවන්නේ නැත්තේ කඩදාසි පොත් උන්ගේ දින චරියාවට ෆිට් නොවන නිසාය. කියවන්න වෙනත් විකල්ප ක්‍රමවේද තියෙන නිසාය. ඒ අතර කඩදාසි පොත් කියවන්නෙක් වීනම් ෆේස්බුක් ඉග්නෝ කර කෝච්චියේ කියවන මාවැනි එකෙක් පමණි. පබ්ලික් ට්‍රාන්ස්පෝට් විනාඩි 45 පැය වගේ කාලයක් රස්තියාදු වෙන එහෙත් ඉඳගෙන කියවන්න තරම් සුවපහසු සිඩ්නි වැනි තැනක පමණි.

මේක සමාජයේ රටේ හෝ නව පරපුරේ අමන කම ලෙස කියන්නට කීප දෙනෙක් උත්සහ කරනු ඇත. ඒ සියල්ලන් හතලිස් පනස් හැට දශක වල ඇත්තන් බව ඔවුන්ට සිහිපත් කල යුතු වේ.

ලංකාවේ සමාජයේ උගත්කම ඉහල සාක්ෂරතාවය සහ කඩදාසි පොත් අතර ඇති සම්බන්ධය ඔබ සිහිපත් කරනු ඇත. ජාතික මට්ටමේ පොත් සල්පිලක් වාර්ෂිකව කරන ආගමික රිචුවල් වැනි පොත් දොරට වැඩුම් කරන රටකි ලංකාව. එහෙත් ඒ සියලු තැනට එක්රැස් වන්නේ සමස්තයෙන් සුළු පිරිසකි. එක්කෝ ඉහල වයස් පරපුරු වල කඩදාසි පොත් වලට බැඳුනු නොස්ටල්ජීය ආදරයක් ඇති අයයි. නොවේනම් කළා අංශයෙන් ඉගෙන තවම ලංකා ඉපැරණි සිලබස් නිසා දශක කීපයක් පස්සෙන් ඉන්න අයයි. එහෙමත් නැතිනම් විවි හෝ වෙනත් මගින් කිසියම් දේශපාලන කල්ට් එකකට පිළිපන් අයයි. මේ සියල්ලේ සමුච්චිත පලය ලෙස මගේ හිතවතියට පොත් 2000 ක් සහ මගේ හිතවතාට තවත් එවැනිම ගණනක් විකුණා ගත හැකි විය.

ඔබ දෙදෙනාම මේ ඉලක්කම් වලට ස්තුති වන්ත විය යුතු වන්නේ ඔබ කරන ක්‍රියාව වත්මන් ජීවන රටාවෙන් ඉවත් වූ දෙයක් බැවිනි. ලංකාව සෙල් ලිපි ලිවීමේ ඉදිරියෙන් උන් රටක් වුවත් දැන් ඔබ සෙල් ලිපි ලියා කඩේ වික්කොත් ඒවා කියවන්නේ පුරා විද්‍යා ලෝලීන් පමණි, ඔබ ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.

මිනිස්සු දැන් පොත් කියවන්නේ වෙන වැඩක් කරන ගමනය. ඒ ෆෝන් එකේ ඇප් එකක එය කියවෙන්නට දාලා ය. ඔබේ පොත් එතනට තවම පැමිණ නැත.

ඇමසන් කින්ඩ්ල් ගැන ලියන්නට ගොහින් දැනගත් පරිදි ඔබේ සිංහල ලියමන් වලට තවම එතනට එන්නට තාක්ෂණය නැත.

මේ නිසා විය යුත්තේ ලේඛකයින් සහ ප්‍රකාශකයින් මේ යුගයට ගැලපෙන තාක්ෂණික ගැප් එක පියවා වර්තමානයට ගැලපෙන සේ "පොත්" පළ කිරීමයි. ඒ සඳහා වෙහෙසීමට අවශ්‍ය ශක්‍යතාවය ඔබට ඇත. උදාහරණයකට සිංහල යුනිකෝඩ් නිර්මාණය කලේ වසර 12 කට පමණ පෙර ස්වෙච්චා වෘත්තික සමූහයක් විසිනි.

මේ අවු අස්සේ ඔබටම ගැලපෙන ඔබේම යහපාලන රජය මේ අමාරුවෙන් කඩදාසි පොත් ලියන පළ කරන විකුණන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් හිඟන මාකට් එකෙන් 14% වගේ ගානක ටැක්ස් එකක් ගහයි. මෙය මේ රජයේ බංකොලොත් බව ගැන කදිම සාධකයකි [රජය එය පත්කළ ජනයාගේ ප්‍රතිමූර්තියකි]. එහෙත් ඊට එරෙහි වෙනගමන් උන්ට උන්ගේ ගල් යුගයේ ටැක්ස් එක තියා ගන්න දී ඔබ කඩදාසි පොත් වෙනුවට නව ප්‍රකාශන ක්‍රමවේද කරා සංක්‍රමණය වන්න. ඒ සඳහා මේම නව බද්ද හේතුවක් කරගන්න.
ප.ලි. මේ බ්ලොග් සටහන ඊට පස්සේ දැනගන්න ලැබුණු Poth ඇප් එකට කැප කරන්න කැමතියි

Tuesday, April 10, 2018

ටෙක්නොක්රසිය සහ අතත්‍ය වටිනාකම්

ඈ විටෙක ව්‍යායාම පුහුණු කරන්නිය. විටෙක වීගන් ජීවන රටා ප්‍රචාරය කරන්නීය. හරිත පුරුදු අගයන්නීය. සත්ව හිංසනය ගැන කතා කරන්නීය. ගී ගයන්නීය. සමාජ විචාර ඉදිරිපත් කරන්නීය.

ඇයට ව්‍යායාම පුහුණු කරන්නට බැරිය. ගී ගයන්නට ද බැරිය. යහපත් අනාගතකාමි දිවියක් ගැන ඇගේ බොහෝ අගනා ප්‍රචාරයන් බොහෝ දෙනා තුල ඇති කලේ ප්‍රහර්ෂයකි.

එහෙත් ඇයට සැලකිය යුතු ග්‍රාහක පිරිසක් හුන්හ. ඕකිට පිස්සු කියා බොහෝ දෙනා කීව ද අද වෙනකම් ඒකිට පිස්සු කියා ඔප්පු කරගන්න හැකියාවක් නැත.

අපි  ඇයට  සුළු  විවේකයක්  දෙමු.

ඉන්දියාවේ ගංගොඩක උපන් නූගත් කෙල්ලක් වන දින්චක් පූජා ට ද   සින්දු කියන්නට බැරිය. මෝටර් බයික් පදින්නට හැකිමුත් හෙල්මට් නැතුව මෝටර් බයික් පැදීම නිසා පොලිසිය ඇය සොයයි. දින්චක් පූජා ගේ දරාගත නොහෙන ගායනා කටෝර බව නිසා අසන්නා අවුස්සන ගායනා වේ.

දින්චක් පූජා ට ගයන්නට චිත්‍රපට රේඩියෝ හෝ වේදිකා විවර නොවේ. එහෙත් ඈ අතිශය ජනප්‍රිය තරුවකි. ඇයට තමන්ගේ ටීම් එකක් පවා ඇත.

ශෘති ආනන්ද් හැඩ ඉන්දියානු කෙල්ලකි. තව හැඩ වෙන්න කැමතිය. ඇමරිකාවේ ඇන්ග්ලෝ ජනගහනය ඉක්මවන්නට වෙර දරන ඉන්දීය පරිගණක වැඩසටහන් සැකසුම් කරුවන් අතර තවත් එකියකි. ශෘති යු ටියුබ් ආවේ මේකප් දාන හැටි බලා ගන්නය.

ටික කලකින් ශෘති වෘත්තියෙන් සමුගත්තාය. ඒම අංශයේම සේවයේ නියුතු සැමියා ද සේවය හැර ගියේය. දෙදෙනා නැවත ඉන්දියාවට ගිය අතර දැන් ඔවුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හයර් කර සිටිති. ශෘති හෝ සැමියා කිසිම තැනක රැකියා කරන්නේ නැත.

බොහෝ දෙනෙක් දන්නා පරිදි ඉරාජ් වීරරත්නට ද ගී ගයන්න ඒ හැටියට බැරිය. ලියන්න තනු නිර්මාණය කරන්න එහෙමත් බැරිය. ඉරාජ් ස්ටේජ් නැග සින්දු කියනවා මෑතකදී කවුරුත් දැක නැත. මිනිහා ලොකුවට සීඩී වල සින්දු දමා විකුනන්නේ ද නැත. වාණිජ සිනමාවේ නමක් හිමි පියෙකුගේ පුතෙක් වුනත් සිනමාවෙන් උපයන්නේ ද නැත.

එහෙත් ඉරාජ් සංගීත නිෂ්පාදකයෙක් ලෙස විශාල ධනයක් උපයන බව කියවේ.

නම් ලිස්ට් එක දිගු කල හැකිය. මේ කියවන ඔබ ද ලියන මා ද මේ කතාවේ කොනකට පැටලී ඇත.

දින්චක් පූජා සින්දු කියාගන්න බැරිව ඒත් සින්දු කියන්නේ ඇයි? ඇගේ කටෝර හඬ ට ඇති වෙළඳපොල කුමක්ද? ඈට දොර විවර කල සංගීත මාධ්‍යය කුමක්ද?

පූජා තමාගේ ටීම් එකක් හයර් කරගෙන ජනප්‍රිය තරුවක් වන්නේ යු ටියුබයේ ගී ගැයීමෙනි. මිනිස්සු පූජාගේ ගී අහන්නේ ඒ කටෝර බව නිසා මේ මොන මගුලක් ද කියන හැගීමෙනි. එහෙත් ගැටලුවක් නැත. විචාරකයා කෙසේ කීවත් වීව් එක පමණක් වටී. ඒ වීව්ස් වලින් ඉන්දියාවේ ගංගොඩක හැදුනු නූගත් කෙල්ලක් තමන්ගේ මීඩියා ටීම් එකක් පවා පවත්වා ගෙන යාමට සමත්ය.

ශෘති ආනන්ද් මේකප් දාගත්තාය. යු ටියුබ් එකෙන් බලා ගත්තාය. ඊට පස්සේ දවසක් එයා මේකප් දාන හැටි යු ටියුබ් එකට දැම්මාය. දිග කතාව කොට කළහොත් දැන් ඒ මේකප් වීඩියෝ වලින් ඉන්දියාවේ ජනප්‍රිය වූ තරුව ඇමරිකාවේ පරිගණක රස්සාවට සමුදී සැමියා ද අස් කරවා ගෙන පස් දෙනෙකුගෙන් යුත් ටීම් එකක් සමග ඉන්දියාවේ සිට තමන්ගේ යු ටියුබ් චැනලයක් නඩත්තු කරන්නීය. තමන්ගේම නිෂ්පාදන  බිහි  කරන්න සිහින දකින්නීය.

ඉරාජ් ගැන මා ලියන්න අවශ්‍ය නැත.

මිනිසුන් සතු වටිනාකම් පවතී. ගල් යුගයේ කුඩා මෙවලමක් බෙලි කට්ටක් සිප්පි කට්ටක් වටිනා දෙයකි. බෙලිකටු අහුරකට බොහෝ මිනිස් අවශ්‍යතා සපුරා ලූ කාලයක් තියෙන්න ඇත. ස්වභාවයෙන් හැඩ වූ සිප්පි කට්ටක මූල්‍ය මය අගය දකිනා ගල් යුගයේ මිනිසෙක්, මුදල් නෝට්ටුවක වටිනාකම හඳුනා ගනීද? බැංකු කාඩ් පතක භෞතිකව නොපෙනෙන මූල්‍ය අගයක් කොහේ හෝ පරිගණක පද්ධතියක වෝල්ට්  පහේ දෙකේ අර්ධ සන්නායක පැටර්න් අස්සේ ඇතැයි පිළිගනීද?

මිනිස් වටිනාකම් කාලය සමග වෙනස් වේ. එහෙත් බොහෝ විට මිනිස් අවබෝධයන් තිබ්බේ ඒ වටිනාකම් වල විකාශයට පස්සෙනි. ඒ නිසාම බොහෝ දෙනා ඒවා දැක්කේ ප්‍රමාද වී ය. ඔබ ඔබේ අතත්‍ය වටිනාකම් හඳුනනවා ද? ඉන්දියාවේ ඉන්දියාවේ ගංගොඩක හැදුනු නූගත් දින්චක් පූජා තරම් ඔබ ඒවා අවබෝධ කරගෙන තිබේද?

මා මේ කතා කරන්නේ සයිබරය හරහා ලැබෙන නිකම් ප්‍රසිද්ධිය ගැන නොවේ. බ්ලොග් වල එක එක විකාර ලියා ෆේස්බුක් එකේ "ෆන්" ගන්න ගිහින් එහෙම ප්‍රසිද්ධියක් අප බොහෝ දෙනෙකුට ඇත. ආ මේ අරු නේද කියා අහම්බෙන් මිනිස්සු හඳුනා ගැනෙන අවස්ථා, අඩෝ ඕකව මන් දන්නවා ඕක අහවලා නේද කියන අවස්ථා ලොකු සීන් නොවේ. ඒවායින් වටිනාකම් ලැබේනම් ඒ හර්දයාංගම ආතල් පමණි. මං කියන්නේ මේ අතත්‍ය පැවතුම් හරහා මුදල් ගලා ඒම ගැනයි. ඔබේ ෆේස්බුක් එකවුන්ට් එක හෝ යු ටියුබ් චැනලය කොටස් වෙළඳ පොලේ ආයෝජිත වත්කමක් වගේ ඔබට උපයා දීම ගැනයි. කොටස් වෙළඳපොළට රිංගන්න නම් ආයෝජනයට  මුදල් අවැසි මුත් මේ වැඩේට යන වියදමක් නැත.

ඔබේ දේපොළ සහ වටිනාකම් අතරට ඔබේ බ්ලොගය, ෆේස්බුක් ප්‍රොෆයිලය, ඉන්ස්ටග්රාමය හෝ ට්විටරය එහෙත් නැතිනම් යු ටියුබ් එකවුන්ට් එක ඔබ එකතු කර තිබේද? එය ඔබේ බූදලයට ඇතුළු කිරීමට සාමාන්‍යයෙන් පරපුරක් පස්සෙන් සිටින නීතිවේදීන් නම් සමත් නොවනු ඇත. එහෙත් වඩාත් වැදගත් කතාව නම්, මේ දේවල් ඔබට සපයා දෙන සමාගම් වත් ඒවා එතරම් වටිනා දේවල් ලෙස සලකන්නේ නැතිවීමයි.

දෙවියන් වහන්සේ එදිනෙදා අහර සපයන ක්‍රිස්තියානි ආගමික සංකල්පය මෙන් ඔබේ අතට මේ දේවල් නිකම්ම සපයන්නට සකර්බර්ග්, බ්රින් පේජ් වැනි ප්‍රකොටිපතින් දානපතින් නොවේ. ඔවුන් ඔබට ඔබේ අතත්‍ය පැවැත්ම නොමිලේ ලබා දුන්නේ ඔබ විකිනීමෙනි. ඔබ ලවා ඔබ යෙහෙන් විකුණා ගන්නට ඔවුන් ඔබට පොඩි කොමිස් එකක්  ලබා දී ඇත. ඒ කොමිස් එක මත ඔවුන් ඉපයූ කොටස කීයද කියා ෆෝචුන් 500 සඟරාවකින් කියවා ගත හැකිය.

කොටින්ම ඔබේ අතත්‍ය වටිනාකම් ඔබේ වත් නොවේ. ඔවුන් විසින් ම පනවන ඇතැම් නීති මත ඔබේ ෆේස්බුක් ගිණුම අවලංගු කල හැකිය. ඔබේ යුටියුබ් චැනලය ෆිල්ටර් හෙවත් දැන්වීම් ආදායමෙන් තොර කල හැකිය. මෙය හුදෙක් ප්‍රකාශනයේ නිදහස පමණක් නොවේ. බ්ලොග් ලියු මුල් කාලේ ඇඩ් සෙන්ස් දාගෙන අවුරුදු ගානකට ඇමරිකන් සත කීපයක් ඉපයූ මා වැන්නන් හට නම් මේ ප්‍රකාශනය ගැන ගැටලුවක් පමණි. එහෙත් ටීම් එකක් දාගෙන මෝට බයික් එකේ සින්දු කියමින් යන දින්චක් පූජාට හෝ හස්බන්ඩ් රස්සාවෙන් අස්කර තමනුත් අස් වී රටත් හැර ගොස් ටීම් එකකුත් හයර් කරගෙන සිටින ශෘති ආනන්ද් ට මෙය ඊට එහා දෙයකි. ඔවුන්ගේ ගිණුමක් අවලංගු වුවහොත් එය ජීවිකාව වැලකීමකි. ව්‍යාපාර අවහිරයකි. පවුල් කීපයක් බඩ ගින්නේ තැබීමකි.

ඒත් එසේ වුවහොත් ඔවුන්ට නඩු දැමිය හැකිද? ඔවුන්ට ඔවුන්ගේ ගිණුම් අයිතිද? නැතිනම් තවම ඒවා සමාගම් පිනට දීපුවාද? ඔබේ එකවුන්ට් බ්ලොක්  කරන නීති  සම්මත  කර  ඇත්තේ  අහවල්  පනත  යටතේ  ද?  අහවල්  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා  වගන්තිය  යටතේ  ද?  උන්ගේ  එකවුන්ට්  නිසා උන්ට   ඕනේ මගුලක්  කල හැකිද?

මහා රජානෝ සියල්ල ජනයාට සැපයු, සියල්ල රජාට හිමි වූ කාලේ නම් බත් වේලක් කන්න මහා රජාගේ බිමේ ගොයිතැන් කර මහා රජාගේ පංගුව මාලිගාවටම උස්සන් ගොහින් දී ඉතිරි වන සොච්චම මහා රජාට පින් දෙමින් බුදින එක සාමාන්‍ය තත්වයකි. ටෙක්නොක්රසිය හෙවත් සමාගම් පාලිත ලෝකය තවම ඇත්තේ එතනය.

ඔබ යු ටියුබ් වලින් උපයන්නේ නම් ඔවුන් දැන්වීම් වලින් උපයන මිල ට සාපේක්ෂව වීව් එකකට ඔබට ගෙවන මිල හෙට්ටු කරන්නට ඔබට හැකිද? සාමාන්‍ය වෙළඳ පොලේ නම් එය එසේය. ඔබ ගනුදෙනුවකදී ඔබේ කොටස ගැන අනෙක් පාර්ශ්වය සමග ගිවිසුම් ගත වේ. කොටින්ම ඔබේම පින්තුරය විකුණන වෙළඳ දැන්වීම් ලෝකයේ වුවත් නළුවා හෝ නිළිය සිය මිල ඩිමාන්ඩ් කරයි. එහෙත් ඔබේ අතත්‍ය පැවතුම් විකුණන සයිබර ලෝකේ ඔබට හෙට්ටු කිරීමේ අයිතියක් ඇද්ද? දෙන ගානක් අරගෙන ඔහේ ඉන්නවද?

දැන් අපි අර නතර කළ  තැනට යමු. අපි විවේකයක් දුන්  ඒ කාන්තාව නැවත කැඳවමු.

ඇගේ නම නසීම් ය. නසීම් නජාෆි අග්ධම් ය. ඉරාන සම්භවය සහිත බහයි ආගමික කෙල්ලකි. ඉරානයේ බහයි ආගම තහනම් නිසා ඇමරිකාවට පලා ගිය පවුලක කෙල්ලකි. ඈ විටෙක ව්‍යායාම පුහුණු කරන්නිය. විටෙක වීගන් ජීවන රටා ප්‍රචාරය කරන්නීය. හරිත පුරුදු අගයන්නීය. සත්ව හිංසනය ගැන කතා කරන්නීය. ගී ගයන්නීය. සමාජ විචාර ඉදිරිපත් කරන්නීය.

ඇයට ව්‍යායාම පුහුණු කරන්නට බැරිය. ගී ගයන්නට ද බැරිය. යහපත් අනාගතකාමි දිවියක් ගැන ඇගේ බොහෝ අගනා ප්‍රචාරයන් බොහෝ දෙනා තුල ඇති කලේ ප්‍රහර්ෂයකි. එහෙත් ඇයට සැලකිය යුතු ග්‍රාහක පිරිසක් හුන්හ. ඕකිට පිස්සු කියා බොහෝ දෙනා කීව ද අද වෙනකම් ඒකිට පිස්සු කියා ඔප්පු කරගන්න හැකියාවක් නැත.

නසීම් ට පිස්සු නැතත් ඇය පිස්සු වට්ටවන සිදුවීම වූයේ යු ටියුබ් අතිනි. ඔවුහු ඇගේ චැනලය අවහිර කළහ. සීමිත වීව් ලබාදුන් ඒවාටද දැන්වීම් ෆිල්ටර් කර තිබුණි.

එතන උල්ලංඝනය වූයේ නසීම් ගේ ප්‍රකාශන අයිතිය පමණක් නොවේ. මේ දක්වා උසුළු විසුළු මධ්‍යයේ වුව විවිධ සංකල්ප ජනගත කරමින් තරමක ප්‍රසිද්ධියක් දිනාහුන් ඇයගේ ආදායම වැසී ගියේය. මෙය හරියටම ඔබේ බැංකු ගිණුමේ ඔබේ පවුලේ වත්කම් විකුණා මුදල් තැන්පත් කල පසු බැංකුවෙන් ඒ සල්ලි ඔබේ අයිතීයෙන් පැහැර ගත්තා වැනි දෙයකි. ඉපයීම් වැසූ පසු නසීම් ගේ අතත්‍ය වටිනාකම අරුත් විරහිත දෙයකි.

එතැන් සිට සිදු වූ කිසිවක් කිසිවෙකුත් එකඟ වන දේවල් නොවේ. එහෙත් පද්ධතිය සමග මළ පැන යකා නැටු පළමු එකා හෝ ඒකීය නසීම් ම නොවේ. 
නීති නැති තැන මත ගැටුම් සමනය  වූයේ  අතේ  පයේ හයියෙනි. නොවේනම්  අවි  බලයෙනි.   කතාව කෙළවර වන්නේ යු ටියුබ් ආයතනයේ සේවක පිරිසක් වෙඩි කා රෝහල් ගත වීමත් සියතින් ම වෙඩි තබාගත් නසීම් දිවියෙන් සමුගැනීමත් සිදුවීමෙන් පසුවය. 

නසීම් ට පිස්සු කියා තවම ඔප්පු කර නැත. එහෙම කියන්නට ඕනා අය ඇතැයි සිතමු, එහෙත් එසේ කරගත හැකි වී නැත. ඇය ඉරාන සම්භවයකින් යුතු කෙනෙක් වුවත් ඇමරිකන් ජීවන රටා විවේචනය කලත් කාටත් ලෙහෙසි ත්‍රස්තවාදියා කියන ලේබලය තවම ගසා නැත. මේ කිසිවකින් තොරව අපි නසීම් අවබෝද කරගන්නේ කෙසේද? මේ වැඩේ කරන්නම ආයුධ පුහුණුවක් ගෙන පෙර දවසේ රෑ සිට එතන රැක සිට ඇය කල ප්‍රචණ්ඩ අශෝභන දුර්දාන්ත එහෙත් අපිට නොතේරෙන වැඩේ අපි දාන්නේ කොයි පෙට්ටියට ද? නසීම් ට හිමි වර්ගීකරණය තවම බිහි වී තියේද?

මේ ආණ්ඩු විරෝධී සටනක් නොවේ. අධිරාජ්‍යවාදයේ අරගලයක් නොවේ. ධනපති පන්තියට එරෙහි නිර්ධන සටනක් නොවේ. ප්‍රධාන ධාරාවට එරෙහි ධාරාවෙන් අපගමනය වූවෙකු ගේ ප්‍රතික්‍රියාවක් නොවේ. මේ වෙඩි වැදුනේ ටෙක්නෝක්රසියටය. මේ ඉල්ලන්නේ තවම අපට පවරා ඩී නැති අතත්‍ය වටිනාකම් ය. කළු කෝට් දැම්මට තවම පරපුරක් පස්සේ ඉන්න නීතිවේදීන් තවම නොහඳුනන අපේ යුටියුබ් රයිට්ස් ගැනය. හෙවත් මගේ එකවුන්ට් එක බ්ලොක් කලාම උසාවි යාහැකි තවම පනවා නැති නෛතික පදනම් ගැනය. මගේ අතත්‍ය වටිනාකම් වල ඉපයීම් වලට මට හෙට්ටු කරන්න ඇති අයිතිය ගැනය.

ඒවා ලෝකයා අතර බෙදී යන දවසක, ගල් යුගයේ සිප්පි කටු එක්ක ගනුදෙනු කරන වත්මන් ලෝකයා මේ අලුත් දේ ග්‍රහණය කල දිනක, අතත්‍ය වටිනාකම් සැබවින්ම ඔබේ වන දිනක නසීම් ලෝකයට කෙසේ සිහිපත් වේ ද?

ඊ ගාව අරගලය ටෙක්නොක්‍රසියට එරෙහිව ද?

Thursday, March 22, 2018

වර්ගවාදී කෝලාහල වල පසුබිම

මේක ගෙවීගිය  සති  කීපයේ (2018 මහනුවර  සිංහල  මුස්ලිම් ගැටුමේ) පසුබිම ගැන කෙටි සටහනක්. ෆේස්බුක්  එකෙ ලිව්වට බ්ලොග්  කලේ  ටිකකට  පස්සේ,  ඊට  එක  හේතුවක්  තමා  තත්වය  කොහෙට  හැරේද  කියා ඒ දවස්වල ෂුවර්  නැතිවීම. කෙසේ  වෙතත් දිගට ලියන්න අදහසක් නෑ.

ඇයි  මෙහෙම  වෙන්නේ?

1. වීදි ප්‍රචණ්ඩත්වය:

මම දකින ලෙස මූලික ගැටලුව මේක. වර්ගවාදී ගැටුම් කියල කිව්වට වර්ගවාදය ගැටුම් දක්වා යන්නේ වීදි ප්‍රචණ්ඩත්වය නිසා. රෝගය වීදි ප්‍රචණ්ඩත්වය, වර්ගවාදී ගැටුම් එහි සිම්ටම් එකක්, පොකට් ගහපු ගෙවල් කඩපු උන් අල්ලලා මැරෙනකම් ගහල පොලිසියට බාරදෙන තැන පවතින ප්‍රචණ්ඩත්වයේ අවුල ම තමා අනෙක් තැන්වලටත් යන්නේ. පොලිසිය සහ නීති පද්ධතිය ඒ ගැන තදින් ක්‍රියා නොකලා ම පස්සේ එය වර්ගවාදී ගැටුම් වලදීත් යොදා ගන්නවා.

මම හිතන්නේ ලංකාවේ පාරේ ඇවිදින බොහෝ මිනිස්සු සත්‍ය හෝ මවාගත් හේතුවක් මත ඒ පාරේම ඉන්න තව එකෙකුට ගහල මරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු. මිනිස්සු එහෙම හිතන අය වෙන්නේ ඇයි කියල හිතුවොත් මේ ගැටලුවට මුල පෙනෙයි. මිනිස්සු නීති පොලිසි ගැන විස්වාස කරන්නේ නෑ, ප්‍රාථමික මට්ටමේ වෛරී හැගීම් නඩත්තු කරනවා. වීදි ප්‍රචණ්ඩත්වයේ මුල තියෙන්නේ එතන. 58, 83 ඇතුළු ලංකාවේ බොහෝ වර්ගවාදී ගැටුම් වලට ප්‍රධානම හේතුව වීදි ප්‍රචන්ඩත්වය

2. නූගත්කම/නොදැනුම/වැරදි දැනුම:

කිසිත් නොදන්නා කෙනෙකුට වඩා දෙයක් හරියට නොදන්නා කෙනෙක් භයානකයි. ලංකාවේ පවතින මූලික ගැටලුව දැනුම ගැන හරි කියවීමක් නැති කම. ඒ මතට අන්තර්ජාලය වගේ සීමා විරහිත මාධ්‍යයක් පතිත වුණාම මිනිස්සු මොන මොනවා කොහොම අවබෝධ කරගන්නවාද කියන එක හිතාගන්න බෑ. අනික දැන් පුවත්පත් වගේ මාධ්‍ය උනත් හෙවිල්ලක් නැතුව ගන්නේ ඒ අන්තර්ජාලෙන්. මෙන්න මෙහෙම වැරදි දැනුම එකතුවන්න හා සංසරණය කරන්න ලැබෙන අවකාශය සහ එය වටහා ගන්න තරම් අවබෝධ ශක්තිය අහිමි වීම තමා දෙවෙනි ප්‍රධාන හේතුව.

ලංකාව පාරම් බානවා අපි ඉහල සාක්ෂරතාවයක් සහිත රටක් කියල. හැබැයි ඒ ඉහල සාක්ෂරතාවය එන්නේ මිනිස්සු සබුද්ධික වෙලා ඉගෙනීම ලබාගෙන නෙවි. සුද්ද සහ දේශීය විද්වත් සමාජය හදල පස්සේ රජයෙන් පූර්ණ ලෙස නොමිලේ ලබාදුන් විශාල අධ්‍යාපන පද්ධතියක් තියෙන නිසා. මිනිස්සු ඒ අධ්‍යාපන පද්ධතිය දෙන සාක්ෂරතාවය දරන්න තරම් බුද්ධියෙන් මෝරා නෑ. බුද්ධිය මෝරා නැති සමාජයක සාක්ෂරතාවය ඉහල යාම එක අතකට අනතුරුදායක තත්වයක්. ඒ සමාජයට අන්තර්ජාල පහසුකමත් ආවාම ...

කෙසේ නමුත් මෙයට විසඳුම දැනුම හෝ දැනුම් මාධ්‍ය සීමා කිරීම නොවේ. එහෙම සීමා කිරීමක මුලින්ම සීමා වන්නේ නිවැරදි දැනුම මිස වැරදි දැනුම නොවේ. මෙයට විසඳුම ජනයාගේ කොමන් සෙන්ස් වැඩි දියුණු කිරීම පමණයි. ඒ සඳහා පදනම වෙන්න ඕනේ පවතින ආගමික වාර්ගික සංස්කෘතික පද්ධති. ඒ පද්ධති වලට ටීවී එකෙන් හූ කියල මිනිස්සු දැනුවත් කරන්න බෑ. ජනයා දැනුවත් කරන්න තාමත් තියෙන හොඳම මාධ්‍යය පන්සල් පල්ලි කෝවිල් තමා.

3.වර්ගවාදය:

ඔව් වර්ගවාදය තුනට දැම්මේ හිතා මතාම. මොකද පෙර කී කරනු දෙක වර්ගවාදයට වඩා වත්මන් අර්බුදයට හේතු වෙනවා. වර්ගවාදය රෝපණය වන්නේ ඒ හේතු දෙක විසින් ලේ හැලීම් සහ ගැටුම් වලට සමාජය දක්වන ප්‍රතිශක්තිය හීන කල පසුබිමක. මේ පසුබිමේ වර්ගවාදී වෙන්න එපා කිව්වට වැඩක් නෑ.

වර්ගවාදය කියන එක මම දකින්නේ රියක්ෂන් එකක් ලෙස. හැබැයි වර්ගවාදී කණ්ඩායම් රාශියක් ඉන්න නිසා එකිනෙකා ගේ ක්‍රියා, කල බවට සැක හිතන ක්‍රියා සහ නූගත් කම එක්ක මේ වර්ගවාද රියක්ෂන් එක අන්‍යොන්‍ය ලෙස වර්ධනය වෙනවා.

හැබැයි ලෝකේ බොහෝ තැන්වල වර්ගවාදී අදහස් හිත්වල කඩදාසි වල මිය ගියාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. වීදි ප්‍රචන්ඩත්වය ඒ වර්ගවාදී අදහස් වලට සරු බිමක් සපයනවා

උයාල වර්ගවාදී වෙන්න එපා ෆෙන්ස් කියල ලියල වැඩක් නෑ. වර්ගවාදී ක්‍රියාවලට බලපාන පසුබිම් සිද්ධි බාහිරයෙන් එන අන්තවාද , විවිධ දේශපාලන කල්ලි සහ විවිධ විකාර නීති පද්ධති ඉවත් වෙන්න ඕනේ සක්‍රිය සෙකුලර් තනි නීතියක් ලබාදෙන සුරක්ෂිතබව වර්ගවාද යටපත් වෙන්න හේතුවෙයි.

ඒ මිසක වර්ගවාදීන්ට කුණුහරුපෙන් බැන්න කියල උන්ගේ වර්ගවාදී සිත් නිවී පහන් වෙන්නේ නෑ.

4. පාර්ශ්වික මානවවාදය:

කට්ටියකට අනුව සුළු ජාතින් තොත්ත බබ්බු. තව කට්ටියකට අනුව සුළු ජාතීන්ට ප්‍රචණ්ඩව හැසිරෙන්න පරම අයිතියක් තියෙනවා. මේ මතවාද කියන්නේ බොහෝ දැන උගත් තමන් මානව ප්‍රේමින් ලෙස හඳුන්වන පිරිස්. එහෙත් මේ පිරිස් වක්‍රව කරන්නේ ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමීමක්. මෙයාල ප්‍රධාන ප්‍රවාහය ග්‍රහනය කරගන්නේ නෑ. මෙයාල මහජාතිය තියා සුළු ජාතියටවත් ආමන්ත්‍රණය කරන්නේ නෑ. මෙයාල කරන්නේ උන් තවත් අවුලන එක. ප්‍රකෝප කරන එක.

මේ සෝ කෝල්ඩ් මානවවාදීන් කියන ආකාරයෙන් ම ඔවුන් කරන්නේ සිය කේන්තිය පිටට දැමීමක්. ඒ උදෙසා පාර්ශ්වීය ලෙස ප්‍රකෝපකාරී කතාවක් ලියනවා. උන්ගේ කේන්ති සහගත කතා ප්‍රශ්නය තවත් අවුලනවා.

අනික ඔවුන් මෙසේ කරන්නේ ගැටුම සමතයට පත්කරන අරමුණින් නොවේ. තම කේන්තිය පෙන්වීම, තමන් ලොකු මානවාවාදියෙක් කියා පෙන්වීම, තමන්ගේ පොරභාවය ප්‍රදර්ශනය කිරීම සහ දේශපාලන ඇරියස් ඇල්ලීම තමයි අරමුණු වන්නේ. මේම අර්බුදයේ භයානකම සහ දුෂ්ටම පාර්ශ්වය මොවුන්.

5. වාරණය:
සමාජ මාධ්‍ය  වාරණය කරලා රටේ කෝලාහල නැති කරන්න බෑ. මාධ්‍ය නොවන තනි පුද්ගලික සන්නිවේදන ක්‍රම සක්‍රීයයි. අවශ්‍ය නම් එස් එම් එස් වගේ ක්‍රම වලින් ඊමේල් වලින් සංවිධානය වෙන්න පුළුවන්. ඒ ඔක්කොම නැති අවස්තාව සියල්ලට වඩා භයානකයි මොකද එතන සක්‍රිය වන්නේ කටකතා පමණයි.

එපමණක් නොවේ. වාරණය සමග කෝලාහල වලට පෙළඹෙන අයට හැගීමක් දෙනවා තත්වය මීට බරපතලයි ඒ නිසා තමා වහන්නේ කියල. ඒ නිසා වහල දැම්මම උන් තවත් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා, කල යුත්තේ පුවත් වේගවත්ව ජනයාට ලබාදීම. ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීම.

6. මිත්‍යා:

මේ සමග කතිකාවට ගන්නවා මම දැක්ක මිත්‍යා වාරණය කල යුතුයි කියල. මිත්‍යා කියන්නේ මොනවාද? මිත්‍යා තීන්දු කරන පද්ධතිය කුමක්ද? මිත්‍යා තීන්දු කරන්නේ ආණ්ඩුවෙන්ද? ආණ්ඩුවේ මතය නොවන සියල්ල මිත්‍යා කියල කිව්වොත් මොකද කියන්නේ? මේ වගේ නිසි අර්ථ දැක්වීමක් දෙන්න බැරි දේවල් වලට 
වාරණ ලයිසන්  ලබාදීම හරියට හිස් කොලේක අත්සන දාල දෙනවා වගේ වැඩක්.

මිත්‍යාවට එරෙහිව කියල ලංකාවේ කරන්නේ මිනිස්සුන්ට මැද ඇඟිල්ල පෙන්නලා රෙද්ද ඉස්සීම තමා. එව්වා නිසා වෙන්නේ මිනිස්සු තවත් විකර්ෂණය වීම පමණයි. අර යතා රූප කියල කොමිටලයක් ගියේ මං පොර සමාජ විරෝධීන්ට මිනිසුන්ට සරම උස්සන්න ග්‍රවුන්ඩ් එකක් හදාපු. ඔව්වයෙන් වෙන්නේ මිත්‍යාව පැතිරීම නැවතීම නෙවි මිත්‍යාවට ගොදුරු වෙච්ච එකා ප්‍රකෝප වීම.

Tuesday, March 20, 2018

ගැටී කතා [සාපරාධි ජූරි තීන්දුවක් ගැන මෙතෙක් හෙළි නොවූ අභිරහසක් සමග]

මේ සීන්ස් එක වෙද්දී මට වයස දහයක් දොළහක් වගේ. ඒ කාලේ මම නර්ඩ්වරයෙක් ලෙස අධ්‍යාපනය ගැනම කාලය යොදමින් ලොකු ඉස්කූල්ස් එකකට යන්න සිස්සත්තේ කොරගෙන යන කාලේ [මේක ලොකු ඉස්කූල්ස් ගැන නෙවි, ඒ වුනාට නෙවිත් නෙවි]

පොතේම ඇලිලා ඉන්න නිසා අම්මලා බලෙන්ම වගේ හන්දියට එලෙව්වා [ඔව් අපි එහෙමයි] කඩෙන් මොනවදෝ අරගෙන එන්න කියල. ඒ යද්දී මගේ හිතෙසිවන්ත කොමට අහල පහල ගෙවල් වල සමවයස් බුවාස් ලා කීපෙකුත් මාත් එක්ක ආවා. මුන් ඇත්තෙන්ම මගේ සපිරිවර ලෙස සලකන්නට ඕනා.

ඔය සන්දියේ ඒ හරියේ එක ගෙදරක පියා විදෙස ගත වූ බැවින් සහ ඒ නිසාම එයාලට සල්ලි තියෙන බැවින් ඒ ගෙදර "බබාලා" බලාගන්න දුර පලාතකින් "කොලුවෙක්" අරගෙන ඇවිත් තිබ්බ "සකලබුජන්" ධූරයට. දැන් මේ හරියට කොටු දාලා ඩිස්ක්ලේමර් දාන්න ඕනේ මේක නීති විරෝධියි, ඩෝන්ට් ට්‍රයි ඇට් හෝම් කියල. ඒ වුනාට ඉතින් එක්කගෙන ඇවිත් තිබ්බ. ඌ අපිට වඩා පොඩි ගානක් වැඩිමල් ඇති, ටිකක් උස මහත එකා. ඌ ගැන දැනගන්න ඌ ඉස්කොලේකටවත් ආවේ නැහැනේ. ඉතින් අපේ ගමේ ඉස්කූලියන්ස් වරු අතර ඌ ගැන තිබ්බේ හරියටම ඉහල ශික්ෂණයක් සහිත ඉස්කූලයක ඉස්කූලියන් කෙනෙක් එහෙම ශික්ෂණයක් නැති පාසලක අනන්‍යතා නාම රහිත එකෙක් ගැන තියෙන්නා වගේ පිටසක්වල ෆීලින් එකක්.

අපි කඩේට ගිහින් ආපහු එද්දී ඌවත් නෝනා කඩේ යවලා ඌ අපිට තරමක් පස්සෙන් එමින් උන්නේ. සාමාන්‍යයෙන් උගේ සමාජ තත්වය පහල වැටී තිබීමත් සමහරවිට ඌ අපේ ඔක්කොටම වඩා හයේ හතරිෂ් වීමත් නිසා අපේ එවුන් ගැන්සිය ඌට වීලු කොරන්න ගත්ත. මම සාමාන්‍යයෙන් එහෙම එව්වට සහබාගි වෙන්නේ නැහැ හැදියාවම නෙවි අනාගතේ දවසක මුන් ටික නැතිව ඌව තනියම මගදී හමුවීමේ සම්බාවිතාවය ඔලුවේ කොනක කීක් ගාන නිසා. හැබැයි මට ගටක් තිබ්බේ නැහැ මුන්ට එපා කියන්නත්. මම අර වික්ටර් බැන්ද සීන් එක වගේ මේක ඉග්නෝ කරලා මුනුත් එක්ක ආවා. මුන් එන්න එන්නම ඌට නොහොබිනා දේවල් කිව්වා. උගේ නික්නේම් සියල්ල ද වැඩකාරයා කියන පහත්කුල වදනද තව කුණු හබ්බද ඌට දෙසන්න ගත්ත.

අර කොලුවට කියන්න දෙයක් තිබ්බේ නැහැ. ඌ සියල්ල ඉවසා දරා ඉඳලා එක මොහොතක පාරේ තිබ්බ ජම්බෝලයක් විතර සයිස් ගල් ගෙඩියකින් අපිට ගැහුවා. ඇත්තෙන්ම ඒක ලොකු ගලක් නිසා ආවේ බම්ප් වෙවී. ඒක අපේ එකෙකුගේ පිටේ හැපුණා. ඒ වෙද්දී සැහෙන ස්ලෝ වෙලා තිබ්බේ හැබැයි ඒත් ඌ වැටුනා.

මේ දක්වා සිද්ධිය ඉග්නෝ කළ වැඩිහිටියන් වහාම පොලිසිය බවට පත් වුනා. ඒ සමගම ගල් පාර කාපු එකාගේ අම්මා ආඩපාලි කියාන ආවා. කොලුවගේ නෝන ඇන්ටිත් දුවගෙන ආවා.

කොලුවා විත්තිය වශයෙන් දිගටම කිව්වේ අපේ ගැන්සිය ඌට කියූ අසමජ්ජාති කතා. ඌ වේදනාවෙන් හඬමින් දිගටම එව්වා කිව්වා. මගේ පිරිවර ක්ෂණික බෝධි වෘක්ෂ වී ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. පාරේ කිසිවෙක් මේක නෝටිස් කරලත් නැහැ.

අවසානේ වුණේ කොලුවාගේ නෝනා ඇන්ටි තීන්දුව දෙන්න ජූරිය වශයෙන් මාව පත්කිරීමයි. ඒකට හේතුවක් තිබ්බ. මොකද අපි ඒ කාලේ මැච් බලන්න ගියේ ඔය ගෙදරට [ගමටම ටීවී ඕනෙනම් දෙකක් තියෙන්න ඇති] ඒ අවස්ථාවල කීකරුව අහිංසකව ඉන්න මම වගේ හොඳ දරුවෙක් රිලයබල් කියල ඒ ඇන්ටි හිතුවා. ඉතින් ඒ නිසා කෙලින්ම කිව්වේ "පුතා කියන්න මෙයාට අරගොල්ලෝ නරක කතා කිව්වද කියල"

නෝනාවරුනි මහත්වරුනි, ගැට්ටක සාමාජිකයෙක් වීමේ අර්බුදය පටන් ගත්තේ ඔතනින්. මම මුලුහිතින්ම කොලුවා ගැන දුක් වුනා. මගේ ගැට්ටේ උන්ගේ අමන ක්‍රියා මට කොහෙත්ම එකඟ විය නොහැකි බවත් තේරුනා. හැබැයි උන් මගේ ගැට්ට. උන් ආවේ මම නිසා, මාත් එක්ක. මගේ සපිරිවර. ඉතින් මම කොහොමද කියන්නේ ඔව් ඇන්ටි මුන් මග දිගටම "නරක කතා" තමා කිව්වේ කියල. මම "නැහැ" කිව්වා.

මගේ ජූරි තීරණයෙන් වරදකාරයා වෙච්ච ඒ කොලුවා ටික දිනකින්ම උගේ ගමට එළවා දැම්ම බව මට ආරංචි වුනා. ඊට පස්සේ හැමෝම සන්තෝසෙන් ජීවත් වුනා.

කොලුවා ඇරෙන්න. ඇත්තෙන්ම ඒක මම දන්නේ නැහැ, ඒ වුනාට මම එහෙම හිතුවා. ඌ උගේ තාත්තාගෙන් රීප්ප පටි පාරවල් කාල බඩගින්නේ ඉන්න හැටි මගේ හිතේ අවුරුදු ගානක් වද දුන්නු ප්‍රශ්නයක්.

ඔකේ ගැටලුව තියන්නේ මම ගැට්ටක උන්නු එකේ. ගැටී කියන්නේ සංකල්පීය කුට්ටි. දැන් මේ සෙට් එක මගේ පිරිවර වීම සංකල්පීයයි. කෙනෙක් අහවලියන් කෙනෙක් වීමත් සංකල්පීයයි. ගැට්ට ගැන්සිය පාසල ජාතිය ආගම වගේ එව්වා පවතින්නේ නැහැ. මිනිස්සු නිර්මාණය කරනවා. පාසල කියන්නේ බිල්ඩින් ගුරුවරු සිසුන් උපකරණ වගේ ද්‍රව්‍යමය දෙයක් නෙවි. එව්වා සියල්ල බාහිර ලෙසයි සම්බන්ධ වන්නේ පාසල තියෙන්නේ හාට් එකේ තනිකර සංකල්පීයව. සියලු ගැටී එහෙමයි.

මම දැන් කියන්නේ මම සියලු ගැටී ප්‍රහීන කළ උදාන පාටය නොවේ. අපි හැමෝම මොකක් හෝ ගැට්ටක් ගහගන්නවා. මම සැලකුවත් ලංකාව කියන ගැට්ටත් ක්‍රිකට් ටීම් එක කියන ගැට්ටත් එහෙමයි. හැබැයි අපි අපිවත් විවේචනයට ඇතුළු කරලා කතා කලොත්, ඔය ඕනේ ගැට්ටක ඉන්නකොට හැසිරෙන්න වෙන්නේ මම ජූරිය ලෙස දුන්නු ඒ අමන කෲර තීන්දුව වගේ තමා.

ඔය ගැටී  වාදේ  ලංකාවේ  ලේ  වලම තියෙන  එකක්.

තව සීන්  එකක්  කිව්වොත්; ඉස්සර මම කාලයක් ගෙදර සිට කොළඹ ඔෆිස් ට්‍රැවල් කළා. ඒ කාලේ නැග්ගේ හයට ඉස්ටෙසමට එන ස්ලෝ කෝච්චියේ. ඔකේ ඉන්න බුවාලා හතට එන එක්ස්ප්‍රස් එකත් එක්ක අමු තරහයි. මොකද සමහර දාට හතේ එක ස්ලෝ එක ඕවටේක් කරනවා. ඒ නිසා හයේ එකේ එවුන් පතන්නේ හත කැඩිය කියලා.

ඊට පස්සේ බෝඩිමක් හොයාගෙන මම සඳුදට එද්දී ආවේ හතේ එකේ. ඒ කාලේ දැනගත්ත පරිදි හතේ එකේ එවුන් හයේ එකත් එක්ක තරහයි. උන් පතන්නේ හය කැඩිය කියල.

ඕවටේකින් දෙකෙන්ම වෙනවා අරු මූව නැවත මූ අරුව. ඒ හැම විටම ඉස්සර වෙන එකාගේ උන් අනික් උන්ට හූ කියනවා.

ඒකත් කමක් නැහැ කියමුකෝ. එකම පලාතක නිසා සෝෂල් ලයිෆ් එකේදී උන් මුණ ගැහෙනවා. අන්න ඒ හමුවීම් වලදී හයේ ගැට්ට හා හතේ ගැට්ට ඉන්නේ වෙනම. අනිත් ගැට්ට සමග ෆිට් වීම ඉතාම නොහොබිනා දෙයක් ලෙස සැලකෙනවා.

මේ අවුරුදු තිහ   හතළිහේ එවුන් ඕයි. පිස්සු ලෝකයක්.

නිකන් ලිව්වේ ... ඒත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දවස්සල මොකද්දෝ ටෙලි නාට්ටි දෙකක් අල්ලාගෙන කට්ටිය නටන නාඩගමක් අළලා දැම්ම කියල. 

Saturday, March 17, 2018

ගැහැණු ළමයි කතාවේ කුසුම් නොදුටු විශ්ව ගම්මානය

මේ  ෆේස්බුක්  මිතුරියකගේ  පිටුවෙන්  උස්සන  පින්තුරයක්.  ස්තුතිය  රාධා  ලියනගේ  ඔබට.



පොත කියවා නැති නිසා මේක පොතේ කොටසක් දැයි ටක්කෙට දන්නේ නෑ. එහෙම නොවුනත් මට කියන්න ඕනේ දෙයට බාධාවක් නෑ.

මේක 1960-1990යුගය ගැන කියවීමක්. ලංකාව සහ විශ්ව ගම්මානය ගැන එක්තරා යුගයක ශේෂ වූ කතාවක්.

මෙහි පර්ස්පෙක්ටිව් එක පමණක් සළකා සරළ ලෙස කැඩුවොත් 60 දශකය කියන්නේ විශ්ව ගම්මානේ නැති කාලේ ලංකාව ඔහේ කාත් කවුරුත් නැතුව කාත් කවුරුත් නොදැන ජීවත් වෙච්ච දශකයක්. 70 දශකය කියන්නේ ලෝකය ක්‍රමයෙන් සම්බන්ධකම් හදාගෙන ඒ විශ්ව ගම්මානේ හදාගෙන එන කොට ලංකාවේ අම්ම බය වෙලා ගේට්ටුව ලොක් කරලා දොර ජනෙල් වහල ළමයි ටිකත් තුරුල් කරගෙන ගේ ඇතුලේ බඩගින්නේ ලැගපු කාලයක්. 80 දශකය කියන්නේ අම්ම ගෙයි දොර ලොක් කල නිසා ලොක් එක කඩල ඒ මදිවට දොරත් කඩල ඒත් මදිව ගේත් කඩල කුලෑටි ලාංකිකයා අමු නිරුවතින් ඉසට හෙවනකුත් නැතුව ලෝකෙට නිරාවරනය කරාපු කාලයක්.

දැන් මේ කාලය තුල ලංකාවට එළියෙන් සිංගප්පුරුව ස්වෙට් හවුස් දාල ධනවාදේ අන්ත නරක ක්‍රමේට හැදුනා. චීනය වහල් කඳවුරු දාල සංස්කෘතික විප්ලවේ කරලා ඊට පස්සේ විශේෂ ආර්ථික කලාප දාගෙන එක්තරා කොමිනිස්ට් රාමුවකින් ඇවිත් ධනවාදය එක්ක මුහු වෙලා හැදුනා. කොරියාව සාම්ප්‍රදායික බර කාර්මික රාමුවෙන් තායිවානය ලුහු කර්මාන්ත වලින්.

ඔය මුළු කාලෙම ලංකාව ගෙව්වේ එකම මෝඩ කුණු මුල්ලක. සිම්ප්ලි ලෝකය එක්ක අනුගත නොවෙන කුණු මුල්ලක.

ඉතින් ලංකාවේ බොහෝ කුසුම් ලට ඉස්කෝලේ ඉගෙන ගන්න තිබ්බේ ආට්ස් විතරයි. ඊට පස්සේ යන්න තිබ්බේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල විතරයි,. ඊට පස්සේ ආණ්ඩුවේ රස්සාවක් නොලැබෙන්න ඉතිරි වෙලා තිබ්බේ වහබොන්න විතරයි.

ආ තව එකක් තිබ්බ. ඒ තමා මාක්ස්වාදී දේශපාලනය. ඒ හරහා එක්කෝ පොෂ් වාම ක්‍රියාකාරියෙක් වෙන්න. නෙවිනම් ජවිපෙ එක්ක විප්ලව කරන්න. මේ සටහනේ අපි දකින්නේ ජවිපෙ තිඹිරිගෙය. ජවිපෙ බිහි වූ සත්‍ය හේතු. එකල සමාජය තුල තිබ්බ විකාරය.

78 ගේ කඩා දැම්මම මිනිස්සු යුද්ද දෙකකත් පැටලුනත් 90 දශකේ වෙද්දී ලෝකේ තිබ්බ දේවල් ලංකාවට ආවා. ලංකාව විශ්ව ගම්මානේ මොන කුණු මුල්ලක් වුනත් ගමේ තැපැල් කන්තෝරුවෙන් ලියුම් ටික බෙදෙන නිසා ගමේ කඩපිලෙන් කන්සියුමර් ප්‍රොඩක්ට්ස් ගෙදරට ලැබෙන නිසා මිනිස්සු වෙනස් වුනා. අද වෙද්දී ළමයෙක් ආට්ස් ම කරන්න ඕනේ නෑ. කැම්පස් ම යන්න ඕනේ නෑ. ආණ්ඩුවේ රස්සාවක් ම කරන්න ඕනේ නෑ.

අද වෙද්දී කියල ලෙහෙසියක් වෙලා නෑ. ඉස්සරටත් වඩා අමාරුයි. එහෙම වෙන්නත් ඕනේ මොකද වැඩිවන ජනගහනය එක්ක ජීවිතේ අමාරු තමා වෙන්නේ. හැබැයි එදා තිබ්බ ඒකාකාරී විකල්ප රහිත ජීවිතය අද නෑ. අද මිනිසුන්ට මහන්සි වුනොත් කරන්න දේවල් තියෙනවා.

කවුරුත් අපිට කොරල දීල නෙවි. අපි අපිට කොරගෙනත් නෙවි. නිකම්ම නිකම් වෙච්ච වෙනසක්. විශ්ව ගම්මානේ නිසා.

හැබැයි අදටත් විශ්ව ගම්මානේ ලියුම් බෙදන්නේ රටේ කොටසකට විතරයි. එහි කන්සියුමර් ප්‍රොඩක්ට්ස් වලට ඇක්සස් තියෙන්නේ කොටසකට විතරයි. එනයින් විශ්ව ගම්මානෙට සෙට් වෙන්නේ රටෙන් කෑල්ලක් විතරයි. අන්න ඒ කෑල්ලෙන් එපිටහ රටේ ඉතිරියේ තාමත් ඉස්කෝලේ ඉගෙන ගන්න ඇත්තේ ආට්ස් විතරයි. ඊට පස්සේ යන්න ඇත්තේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල විතරයි,. ඊට පස්සේ ආණ්ඩුවේ රස්සාවක් නොලැබෙන්න ඉතිරි වෙලා තියෙන්නේ වහබොන්න විතරයි. නෙවී නම් ජේ වී පී කරන්න.

විශ්ව ගම්මානේ ජීවිතේ වටිනාකම එය ලෙහෙසි නිසා නොවේ, එය ඔබට සපයන දහසකුත් එකක් විකල්ප නිසා. දහසක් අවස්ථා නිසා, සිම්ප්ලි ඒකෙ අස්සේ අනාත වෙන්නේ නැති නිසා. ගැහැණු ළමයි කතාවේ කුසුම් ගේ මේ ජීවිත අබග්ගය තුල ඇයට අවශ්‍ය ජීවිතේ ලෙහෙසි කරදීම නොවේ ජීවිතේ අවකාශයන් විකල්පයන් අවස්තාවන් හැකිතාක් විවර කරදීම.

Saturday, January 27, 2018

පෙර පාසල් සහ බස් හෙවත් රාජ්‍ය යාමනයේ මුග්ධ භාවිතා

පෙර පාසල් කියන්නේ මට ටිකක් සමීප සබ්ජෙක්ට් එකකි. ඒ නිසා මේ ගැන ගණන් ඉලක්කම් සමග කතා කල හැකිය. සිඩ්නි නගරයේ පෙරපාසල් පවත්වාගෙන යන්නේ දිනකට එක්තරා මුදලක් දරුවෙකුගෙන් අය කිරීමෙනි. මව පියා දෙදෙනාටම රස්සා නොකර ඉන්න බැරි ගානට දුවන නගරයක් නිසා ඉතාම කුඩා අවධියේ සිටම ළමයින් ඉන්නේ මේ පෙරපාසල් වලය. ඒ නිසාම ඒවායේ තත්වය උසස් ලෙස පවත්වා ගන්නට අවැසි ය. තද යාමන නීති පද්ධතියක් මෙන්ම රජයෙන් ඒ සඳහා විශාල මුදලක් ද වැයවන්නේ එබැවිනි. මුදල ගෙවන්නේ පෙරපාසල් බිලෙන් කොටසක් ලෙස මව්පියන්ටයි.

රජය විසින් ද පෙරපාසල් පවත්වාගෙන යයි, ඒවායේ මිල ගණන් ස්ථාවර ඉලක්කමක පවතී. එහෙත් පුද්ගලික අංශයට වෙනත් පෙර පාසල් පවත්වා ගන්නට බාධාවක් නැත. එසේම ඒවායේ මිල ගණන් අඩු හෝ වැඩි කරන්නට ද බාධාවක් නැත. එසේම ඒවායේ ලබාදෙන දේවල් වල නීතිමය සීමා ඇත්තේ පහල අන්තයට පමණි. අඩුම තරම ලෙස හඳුනා ගන්න කිසියම් සේවා මට්ටමක් ලබාදීම අනිවාර්ය වේ. ඊට වැඩියෙන් දෙන ඒවා ගැන ඇත්තේ දරුවන්ගේ ආරක්ෂාව යහපත ආදිය සම්බන්ධ සීමිත කොමන් සෙන්ස් නීති පමණි [උදාහරණයකට පෙර පාසලක සත්වෝද්යානයක් හදන්න හෝ බාර් එකක් දාන්න බැරිය]

පුද්ගලික අංශයේ පෙර පාසල් වලට ආදායම වැඩි කරගැනීමට අවශ්‍යය. රිසි සේ මිල ඉහල දැමිය නොහැක්කේ රජයෙන් එක්තරා මිලකට සේවා සපයන නිසාය. ඒ නිසා ඒ ගණන දෙපැත්තේ එක්තරා මට්ටමක් තුල රැඳෙන්නට ඔවුන්ට සිදුවේ. මේ නිසා පුද්ගලික අංශය එක්කෝ සේවාව කුණු කොල්ලයට දී දරුවන් ගණන වැඩි කරගන්නට බලති. එහිද ප්‍රායෝගික සීමා ඇත. එක ගානකට වඩා අඩුවෙන් බිස්නස් එක වයබල් නැත. ආණ්ඩුව ඉන්නේ ඒ ගණන ආසන්නයේමය.

අනෙක් ක්‍රමය නම් වැඩිපුර ෆීචර්ස් දීමයි. ඒ අනුව එක්කෝ වැඩි ෆීචර්ස් මගින් වැඩි දරුවන් පිරිසක් එකතු කරගන්නට හෝ වැඩි ෆීචර්ස් වෙනුවෙන් වැඩිමිලක් අයකරන්නට පිළිවන.

මේ අනුව මා දන්නා එක පෙර පාසලක් යෝගා, සංගීතය, විවිධ භාෂා, ලෙගෝ [බිල්ඩින් බ්ලොක්ස්] ආදී පහසුකම් සපයා දිනක මිලට 30% පමණ එකතු කරන්නට පවා පෙළඹුණි. මෙහි සාර්ථකත්වය තවම නොදන්නා නමුත් මේ ගැන මාධ්‍ය හරහා ලොකු හා හෝවක් ඇතිවිය.

සමහර මාධ්‍ය වෙදිනියකට අනුව සමහර දරුවන්ට බේසික් දේවල් ලැබෙද්දී මේ දරුවන්ට අසාමාන්‍ය දේවල් ලබා දීම වරදකි. එහෙත් මේවා පාලනය කරන හෝ ඉවත් කරන නීති වැටුණේ නැත. මේ වෙනස්කම් කොහෙන් හෝ ඇතුළු වීම වැදගත් ය. මේම ව්‍යාපාර සැලසුම සාර්ථක වුවහොත් බොහෝ දෙනෙකු මේ පහසුකම් කොපි කරනු ඇත. ඒ අනුව කාට හෝ නැති නිසා හැමෝටම නැති කිරීම වෙනුවට, කාට හෝ ලැබීම නිසා හැමෝටම හෝ වැඩි පිරිසකට අනාගතේ ලැබෙන තත්වයක් නිර්මාණය වේ. දියුණුව කියන්නේ එහෙම එකකි. අර මාධ්‍යවේදිනිය නෙගටිව් තින්කර් කෙනෙක් ලෙස එදාම නම් කරන්නට අනෙක් අය ඉදිරිපත් විය.

අප රාජ්‍ය යාමනය අගයන්නේ රාජ්‍ය යාමනය සහ සම්මත මිලට දෙන රාජ්‍ය අංශයේ සීමිත සේවාව නැතිනම් පෙර පාසල් ඉතාම අප්‍රසන්න කොලිටියක් නැති අධි මිල ස්ථාන වන නිසාය. එහෙත් ඒ මූලික සේවාව සහ යාමනයෙන් එහාට රජය අවශ්‍ය නැත. ඒ මත නිදහස් වෙළඳපොල නිර්මාණය විය යුතුය. ඒ මත වැඩියෙන් සේවා සපයා වැඩියෙන් කස්ටමර්ලා අද්දා ගන්න හෝ වැඩි මිලක් අය කරන්න නිදහස දිය යුතුය.

සටහන ලිව්වේ ලංකාවේ පුද්ගලික දුරගමන් බසයක් නොමිලේ වයිෆයි සහ ශීතකරණ සේවා ලබා දීමට එරෙහිව උසාවි නියෝගයකින් ඒවා ඉවත් කරවීම අළලා ය [
සමහරවිට රියල්  සිද්ධිය වෙන එකක්  වෙන්නට  ඉඩ ඇති මුත් දැනට  දන්නේ  එහෙමය].   

මේක බස් එකක පොඩි සීන් එකක් වුනත් මේ රාජ්‍ය යාමනය වැරදි ලෙස යොදා ගන්නා අවස්ථාවකට කදිම උදාහරණයකි. රජය කල යුතුව තිබ්බේ බසයක වයි ෆයි හෝ ශීතකරණ පවතීනම් ඒවා පවත්වාගතයුතු ආකාරය නීතිගත කිරීම මිස එකතැන පල්වෙන අනික් ඒවායේ පහල තත්වයට මේ සේවාව බලෙන් ඇද දැමීම නොවේ.

ඔස්ට්‍රේලියාව සහ ලංකාව විශාල රාජ්‍ය අංශ සහිත සුබසාධක රාජ්‍ය දෙකකි. එකක් දියුණුව දෙසටත් අනික පරිහානිය දෙසටත් යන්නේ භාවිතාවේ වෙනස නිසාය.

Saturday, January 13, 2018

සිංගප්පුරු කතන්දර - 1 කොටස

සිංගප්පූරුව වකිමි හත්සිය ගානක ජනගහනය මිලියන දහයක් පමණ වන ඉන්දුනීසියා සහ මැලේසියා රටවලින් වටවූ දූපතකි. ලෝක සිතියමක් ගෙන එකවරක් බලා මේ දූපත දැකගන්න බැරිය. විශාලත්වය අඩු කමත් වඩා පැහැදිලි වෙනත් දූපත් මැද අහුමුල්ලක් වීමත් නිසාවෙනි.

ලෝක සිතියමක් අතට ගෙන බලන ඕනෑම කෙනෙකුට නොවරදි පෙනෙන ඉන්දීය සාගරයේ මැද වගේ පිහිටි සිගප්පුරුව වගේ සිය ගුණයක් පමණ විශාල දෙගුණයක් පමණ මිනිසුන් සිටින පැහැදිලි දූපතක් ඇත. අනාදිමත් කලෙක සිට ලෝ වැසි බොහෝ ජනයා විවිධ නම් වලින් ඒ දූපත හඳුනා ගත්තේ ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන කාටත් එය වැදගත් සන්ධිස්ථානයක් බැවිනි. ටොලමි ගේ මුල් සිතියම් වල එය ඉන්දියාව තරම්ම ලොකුවට සටහන් වූයේ එහි ස්තානිය වැදගත්කම ටොලමිගේ යුගයේ උන්ට දැනෙන ආකාරය නිසාය. අන්න ඒ දූපත ශ්‍රී ලංකාව බව මේ ඇපල් හෙල්ප් ලයින් එකට දැන්විය යුතුවේ.

Image may contain: text

ලංකාව සංවර්ධනය කිරීමට දේශීය ස්ව්‍යන්පෝෂිත කෘෂි කොමියුනිස්ට් ලිබටේරියන් ජර්මන් රුසියන් ඇමරිකන් බ්‍රිතාන්‍ය ආදී විවිධ සුරංගනා කතා දේශනා කරන උදවියට අප කියා සිටි එකම දෙයනම්, වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පුරුව ගිය දුරෙන් 1/10 යාමට මුළු ලංකාවම නොව එහි එක නගරයක් සූදානම් කරන්නේ නම් සංවර්ධනය යනු නොවැලැක්විය හැක්කක් බවයි. ඒ කතාවට සාක්ෂියක් ලෙස මේ පින්තුරය ලබා දිය හැකිය. 2018 [හෝ 2017] දවසක කෙනෙක් මෙසේ විමසන තැනට අප අපව පත්කර ගත්තේ මන්දැයි විමසන තැන ඒ සංවර්ධන කතාව බේස් කල යුතුය.