Friday, December 29, 2017

ලංකාවේ විශ්ව විද්‍යාල වලට සිසුන් තෝරන ක්‍රමවේදය හද්දා මෝඩ ගණිතමය මිස්ටේක් එකකි

මේ බ්ලොග් සටහනේ මම වෙනස් දේවල් දෙකක් කියවන්නාගෙන් බලාපොරොත්තු වෙනවා

එකක් තමා මේ ලියන කරුණු වැරදිනම් ඒවා නිවැරදි කරන්න. දෙවනුව ඔබට හැකිතාක් මීට ප්‍රචාරය ලබා දෙන්න. මා දන්නා තරමින් මේක හරි ගස්සන්න පුළුවන් වැරැද්දක්.

මාතෘකාව වනුයේ ලංකාවේ උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙන ආකාරය. මගේ මේ ගැන අත්දැකීම් පරණ සහ අසම්පූර්ණ නිසා වරදින්න පුළුවන්. හැබැයි මේ තමා මා දන්නා තරමින් උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙන ආකාරය.

1. 40% පමණ ජාතික මට්ටමේ මෙරිට් ලිස්ට් එකකින්.

2. 5% පමණ විවිධ බාහිර ප්‍රමුඛතා

3. ඉතිරි 55% ඒ ඒ දිස්තිරික්කයේ මුළු ජනගහන අනුපාතය අනුව බෙදෙන කෝටාවකින්.

මෙතැනදී මම ෆෝකස් කරන්නේ අංක තුන හෙවත් ජන අනුපාතය මත කරන තේරීම ගැන. ඒ ඒ දිස්ත්රීක්කේ කටෝෆ් මාක් කියල එකක් එන්නේ මේ ස්ථරයෙන්.

දිස්ත්‍රික් ජන අනුපාතවලට විවි ප්‍රවේශ අවස්ථා දෙන්න තීරණය කල එක හේතුවක් වනුයේ අධ්‍යාපන අවස්ථා සෑම දිස්ත්‍රික්කයකම සමාන නොවීම. ඒ නිසා රටටම එකම කටෝෆ් එකක් දැම්මොත් පහසුකම් අඩු පළාත් වලට ලොකු ගැටලුවක් වෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය සහ ජාතික පාසල් සංකල්ප තියෙන නිසා විෂමතා වැඩි වෙනවා. ඒ නිසා වෙනස් කටෝෆ් කීපයක් දිගටම තියාගන්න වෙන බව ගැන විවාදයක් නෑ.

හැබැයි දැනට අපි මේකේ අසාමාන්‍යතාවයක් දකිනවා, එනම් කොළඹ මහනුවර වැනි දිස්ත්‍රික්ක කීපයක සිසුන්ට දරාගන්න බැරි තරම් අමාරු කටෝෆ් එකක් ලැබෙන්නේ. මේ නිසා ඒ දිස්ත්‍රීක්ක වල ඉහල ප්‍රතිපල ගත්ත සිසුන්ටත් රජයේ විවි අවස්ථා අහිමි වෙනවා. මේක ලොකු ගැටලුවක්. අපි උත්සහ කරන්නේ ඊට හේතු සහ හැකි තරමින් විසඳුම් ගැන කතා කරන්න.

ඇයි මේ සමහර දිස්ත්‍රික්ක වල කටෝෆ් අසාමාන්‍ය ලෙස ඉහල යන්නේ?

1. පළවෙනි හේතුව නම් පුදුමාකාර එකක්. එය තමා මේ කරන ගණනය ගණිතමය ලෙස වැරදි නිසා. දිස්ත්‍රික්කයක පාසල් වල සිසුන් ඒ දිස්ත්‍රික්කයේ ජන කෝටාවෙන් යවන එක නිවැරදි වන්නේ ඒ ඒ දිස්ත්‍රික්ක වල සිසුන් ඒ දිස්ත්‍රික්කයෙන් පිට පාසලකට නොයන තාක් පමණයි. හැබැයි යම් සිසුවෙක් තමන්ගේ දිස්ත්‍රික්කේ නැතුව වෙන දිස්ත්රික්කෙක පාසලක ඉගෙන ගතහොත් ඒ සිසුවාගේ සහ පවුලේ ජනගහන ඉලක්කම පිරෙන්නේ එක දිස්ත්‍රික්කයක වුනාට එයා පාවිච්චි කරන්නේ වෙන දිස්ත්රීක්කයක කෝටාව.

මේකට උදාහරණයක් තමා කළුතර ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ කටෝෆ් අඩු වෙලා කොළඹ ඉහල යාම. කළුතර ගම්පහ දෙකෙන් සැලකියයුතු   සිසුන් ප්‍රමාණයක් උසස් පෙළ කරන්නේ කොළඹ දිස්ත්රීක්කේ. ඒ දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල ජන සංඛ්‍යා  කළුතර හෝ ගම්පහ කෝටා ඉහල දැම්මට ඔවුන් විවි යන්නේ කොළඹ කෝටාවෙන්. කොළඹ කටෝෆ් වැඩිවෙන්න ප්‍රධාන හේතුවක් මේක.

මේ වැඩේ වැරදියි, අසාධාරණයි නෙවි ගණිතමය ලෙස ම වැරදියි. මම හිතන්නේ විවි ප්‍රවේශය සම්බන්ධයෙන් කල යුතුම සහ ලෙහෙසියෙන් කල හැකි වෙනස්කමක් වන්නේ මේ වැරැද්ද හදන එක.

කොහොමද මේක වෙන්න ඕනේ? විවි ප්‍රවේශයට අදාළ මුළු කුලකය කවුද? උසස් පෙළ ලියන ළමයි. එහෙමනම් අනුපාත හදන්න ඕනේ ඒ ඒ දිස්ත්රීක්කෙන් උසස් පෙළ අයදුම් කල සිසු ගණන් වලින්. මුළු නියැදිය යම් ගණනක් නම් ඒ අනුපාතයට අපි අවස්ථා බෙදනවා. එතකොට ඒ නියැදියෙන් වඩාත් නිරවද්‍ය උප නියැදි තේරෙන්න පුළුවන්. උසස් පෙළ සිසුන් ගණනේ අනුපාතයට අවස්ථා බෙදලා කෝටා හැදුවනම් තමා නිවැරදි. එහෙම කලොත් ඔය අසාමාන්‍ය ලෙස වැඩි කටෝෆ් තියෙන දිස්ත්‍රීක්ක වල කටෝෆ් අඩුවෙනවා.

මේක කරන්න බැරි එකක් නෙවි. වැඩියෙන් වියදමක් යන එකකුත් නෙවි. සිම්පල් ගණිත ගැටලුවක් පමණයි ඒකත් කරන්න කිසිම අමාරුවක් නෑ.

මේක කියවන හැමෝගෙන්ම තදින්ම ඉල්ලා සිටිනවා මේ සරළ වෙනස වත් කරගන්න උත්සහ කරන්න කියල. මොකද මේක අසාධාරණයක් දේශපාලන මතයක් නෙවි. මැතමැටිකලි කරන වරදක්.

2. දැන් මේ දිස්ත්‍රීක් පදනම භාවිතයේදී කරන උපකල්පනයක් තමා දිස්ත්රීක්කයක පාසල් ඔක්කොම එකම ගානේ ඇති වෙනත් දිස්ත්රීක්කයක ඒවා අනිකට වඩා එක පිටින් වෙනස් කියල. ඉස්සර එහෙම ඇති.  දැන් ඕනෙම දිස්ත්රීක්කෙක ඉතා හොඳ පාසල් රාශියක් තියෙනවා. ඒ වගේම කාලයක් මේ සිස්ටම් එක දුවලා ඉතාම අවුල් ජරා පාසල් පවා හැම දිස්ත්රීක්කෙම තියෙනවා. කොළඹ දිස්ත්රීක්කෙම තියෙන සැහෙන ප්‍රමාණයක් පාසල් ගන්නම දෙයක් නෑ. තව දුරටත් මේ දිස්ත්‍රීක් මත තීන්දු වෙන ක්‍රමය තාර්කික ද? මම හිතන්නේ දිස්ත්රීක්කේ වෙනුවට වෙන වෙනම පාසල් තමා සැලකෙන්න ඕනේ. පාසල් වල තත්වය බලල තමා කටෝෆ් එන්න ඕනේ. පාසලෙන් පාසලට වෙනස් කටෝෆ්.

3. එහෙම පාසලින් පාසලට බලන්න අමාරු නිසා වඩාත් ලෙහෙසියි සෝන්ස් හෙවත් කලාප ක්‍රමයක් ගෙනෙන එක. වාර්ෂිකව පාසල් වල තත්වයන් සලකා ඒවා විවිධ කලාප වලට වර්ගීකරණය කරනවා. කැමති කලාප ගණනක් තියා ගන්න පුළුවන්. ඒ ඒ කලාප වල උසස් පෙළ කරන මුළු සිසු ගණන් බලල ඒ අනුපාතයට කලාප අතර විවි ප්‍රවේශ තීන්දු කල හැකියි. දැන් තියෙන විදිහමයි. හැබැයි දිස්ත්‍රික්ක වෙනුවට රටේම පාසල් අතර හැදෙන කලාප. ඒ ඒ කලාපයේ සිසු අයදුම්කරුවන් ගණනේ අනුපාතයට ඒ කලාපයට ලැබෙන විවි කෝටා එක තීන්දු වෙනවා. මේක තමා පාසල් අතර අසාධාරණය අඩුකරන්න තියෙන හොඳම විදිහ. මේක කෙරුනොත් ජනප්‍රිය පාසල් වලටම රිංගන ලෙඩෙත් තරමක් සුව වෙන්න පුළුවන්. මොකද එතරම් හොඳ නැති පාසලක උසස් පෙළ කටෝෆ් එක එතරම් වැඩි නෑ.

--------------

ඔය තමා දැනට පවතින සිස්ටම් එක එහෙමම තියෙද්දී ඉලක්කම් එක්ක සෙල්ලම් කරන අමාත්‍යංශ  වල නෝනා මහත්තුරුන්ගේ ගණන් හදන ක්‍රම පමණක් වෙනස් කරලා වඩාත් නිරවද්‍ය සහ සාධාරණ ක්‍රමවේදයක් හදන ක්‍රම.

උසස් පෙළ පවත්වන  හැටි හොඳද? විවි අධ්‍යාපනය නිකම් දෙන්න ඕනෙද? විවි ප්‍රවේශය මිස් වෙන සිසුන්ට වෙන්නේ මොකද්ද? ඔය වගේ බරපතල ප්‍රශ්න කතාවෙන් අහක දැම්ම.

මේ ටිකවත් කෙරුනොත් ලොකු දෙයක්.

6 comments:

  1. හොඳ අදහසක් ...
    ජයවේවා ..

    ReplyDelete
  2. හොඳ අදහසක් ...
    ජයවේවා ..

    ReplyDelete
  3. ඉස්කෝල සෝන්ස් වලට ලේසියෙන් කඩා ගන්න පුළුවන් ශිෂ්‍යත්ව කටෝෆ් මාක් එක රිෆර් කරානම්.. හැබැයි වැඩිම ඉල්ලුම තියෙන ඉස්කෝල වලම නෙවෙයි ගොඩක් වෙලාවට හොඳම ඒ ලෙවල් රිසල්ට්ස් දාන්නේ..

    ඔය ඉසෙඩ් ස්කෝර් එකත් මටනම් පැහැදිලි නෑ. මේක ගැන මිට වඩා කතාකරන්න දැනුම තිබ්බනම් වටිනවා.. ෆීල්ඩ් එකෙ ඉන්න ටික දෙනෙක් එක්ක බෙදා ගත්ත.. බලමු ප්‍රතිචාර.. :)

    ReplyDelete
  4. ඉස්කෝලේ සෝන්ස් කඩන්න අවශ්ය් දැනුම අමාත්‍යංශයට නැත්නම් ඉතින් ඕක වහල දාන්න වෙනවා. මොකද පාසල් වල තත්වය ගැන එයාල තරම් කිසිකෙනෙක් දන්නේ නෑනේ. මොකක් හරි පොයින්ට්ස් සිස්ටම් එකක් හද්දාගත්ත නම් ශිෂ්‍යත්වේ ඉල්ලුම ඒ ලෙවල් ඔක්කොම ගලපා ගන්න තිබ්බ.

    ඉසෙඩ් කියන්නේ මෙහෙම එකක්. කිසියම් විෂයකට ළමයි ගන්න ලකුණු තියෙන්නේ. ඒ ලකුණු වල සාමාන්‍ය අගය අරගෙන එතන ඉඳල මේ ළමයා කෙතරම් වැඩි/අඩු ලෙස ලකුණු අරන් ද කියල ගණනය කරනවා. ස්ටාන්දර්ඩ් ඩීවියේෂන් එකෙන් ඒ සඳහා අගයක් ලැබෙනවා. ඒ අගයෙන් කියන්නේ සමූහයෙ සිසුන් විසිරියේ හරි මැද ඉඳල මෙයා කොච්ච්ර දුරින් ද ඉන්නේ කියල. එතැනදී හැම ළමයාගේ ම ලකුණු මේ ගණනයට සහබාගි කෙරෙනවා. ඒ අනුව එක්සෑම් අමාරු ලේසි ඕනෑම තත්වයක පොදු සාමන්යකරණයක් සිද්ද වෙනවා. එහෙම සබ්ජෙක්ට් වලට එන ඉලක්කම් අරගෙන ඒවා එකතු කරලා ඒවායේ සාමාන්‍ය ගන්නවා. එතැනදී කෙලින්ම එකතු නොකර සමහර සබ්ජෙක්ට් වලට වැඩි භාරයක් දෙනවලු. ඒ වගේ විස්තර නම් දන්නේ නෑ.

    ස්තුතියි ප්‍රචාරේට. ඔය පලවෙනි ඒකවත් වෙනවානම්. ඕනෙනම් ගිය අවුරුද්දේ කටෝෆ් ආයේ හදල බලන්න පුළුවන් මම කියන ක්‍රමයට වඩාත් සාධාරණයක් වෙනවද කියලත්

    ReplyDelete