Thursday, May 25, 2017

එම්බා ගංගා දුවයනු දුවයනු දුවයනු දුවයනු ...

[(අ)ස්වාභාවික  විපත්ති  ම  වවාගෙන  කනවා  කියන උන්ට  තඩි  මැද  ඇඟිල්ලක්  හරිය]

ලංකාව වර්තමානයේ මුහුණදෙන මූලික අර්බුදයක් තමා තෙත් කලාපේ පදිංචි වෙලා වියලි කලාපිය චින්තනයෙන් සිතීම. ඔය සහලින් රට ස්ව්‍යන්පෝෂණය කිරීම වාරි සංස්කෘතිය අපේ පැරණි ගම, ඔය ඔක්කොම ඇවිල්ලා වියලි කලාපේ වියලි බව එක්ක ආපු දේවල්. පස්සේ මිනිස්සු ඒ පළාත අතහැර ගියා. ආපහු දැන් වියලි කලාපේ ඉන්නෙත් වැඩි හරිය තෙත් කලාපෙන් පහුගිය අවුරුදු 100 අස්සේ ආපු එවුන්.

ඉතින් දැන් වෙන්න ඕනේ අධික ජල ධාරිතා සහිත නිතර වහින වැස්ස හා සමගාමිව යන තෙත් කලාපිය පරිසර පද්ධතියේ නිර්මාණය කරගන්න පුළුවන් ශිෂ්ටාචාරය හදා ගන්න එක. එය මොකද්ද කියන එකවත් හිතා නැහැ. වියලි කලාපේ කළ වගාවම එද්දී උස්සගෙන ඇවිත් තෙත් කලාපේ අතුරාගෙන. කොටින්ම තෙත් කලාපේ වගා කොරනවද වෙළඳම් කොරනවද නිෂ්පාදන කොරනවද ටුවරිසම් කොරනවද ඔය වගේ මට්ටමකින් සුසමාදර්ශී වෙනසක් වෙන්න ඕනේ හරිනම්.

අසීරු පරිසරයක වගා කරන්න අවශ්‍ය සියුම් ජල තාක්ෂණයක් නිර්මාණය කිරීම මත දියුණු ශිෂ්ටාචාරයක් හදාපු ලාංකිකයාගේ පසු පරපුර ගංගා වල වතුර වැඩිනිසා ගංවතුර එනෝ එනෝ කියල කෑගහන එක අමු ජෝක් එකක්. අඩු වතුර ප්‍රමාණයක් නිසිලෙස බෙදාහරින්න බිසෝකොටු හැදුවානම්, කුඩා දිය මූලාශ්‍ර රාශියක ජලය විශාල පෙදෙසක බෙදා හරින්න සමෝච්ච රේඛාවක් දිගේ "දික් ගැස්සුණු වැවක්" වන යෝධ 'ඇල' හැදුවානම් ඒ වගේම සියුම් ආකාරෙට කළු කැළණි ගින් නිල්වලා ඇතුළු තෙත් කලාපිය ගංගා වල පිටාරයන් වලට තමන්ගේ තාක්ෂණික ක්‍රමවේද හදා ගන්න බැරි වුණේ ඇයි? තාමත් බැරි ඇයි? මේකත් වැව් හදාගෙනම ගොඩ දාන්න බෑ. වියලි කලාපයේ තින්කින් එකෙන් කරන්න බෑ.

ලංකාවේ ජල කළමනාකරණය ගැන පරමාදර්ශය වන්නේ "අහසින් වැටෙන එක දිය බිඳක් වත් මිනිසාගේ පරිහරණයට නොගෙන මුහුදට නොයැවිය යුතුය" කියන පරාක්‍රමබාහු රජතුමා කිව්වා කියා හිතන කතාවනේ. දැන් මේකත් හද්ද වියලි කලාපිය එකක්නේ. කොටින්ම අපි දන්නවද ඒ ස්පීච් එකේ ඊට කලින් රජතුමා කිව්ව ටික. එයාගේ ස්ටේට්මන්ට් එක බේස් කරන කන්ටෙක්ස්ට් එක. පෙර වගන්තියේ තිබ්බද "මේ වියලි කලාපයේ" කියල කෑල්ලක්. මොකද එතුමාගේ කාලෙත් තෙත් කලාපේ වතුර ඔහොම කාටවත් පරිහරණය කර කර ඉන්න වෙලාවක් තිබ්බේ නැහැනේ. කොටින්ම පරාක්‍රමබාහු රජතුමාම ඊට කලින් කළුතර හරියේ ප්‍රාදේශීය රජෙක් වෙලා ඉන්න කාලේ කළුතර වැහි ජලය ස්ටෝර් කළ බවට අපි අහල නැහැ. එයා කරලා තියෙන්නේ කළු ගඟේ පිටාර තැනි වල වතුර බස්සපු එක. ඒ තාක්ෂනය සහ සැලසුම හාත්පසින්ම වෙනස්. 
අහසින් වැටෙන වතුර වගුරු වල පිරෙමින් මිනිසුන්ට කරදර කිරීම නවතා හැකි ඉක්මනින් මුහුදට බස්සවා ඒ වගුරු ගොවිතැනට ගත්ත. මේක ඔහුගේ ක්‍රියේටිව් කම. සුදුසු තැනට සුදුසු දේ. අපි අවු 1000 ට ආසන්න කාලයක් ගිහිල්ලත් තාම ඔහුගේ කියමනක එල්ලිලා ඉන්නවා

අපි මොහොතකට හිතමු අර අහසින් වැටෙන කතාව රජතුමාගේ පොදු මතය කියලා. හැබැයි එයා තෙත් කලාපේ ඉන්න කාලේ ඒ මතය වෙනුවට ප්‍රයෝගික බිමේ යතාර්තයට තමා විසඳුම් දීල තියෙන්නේ. ලංකාවට ඕනේ එහෙම මිනිස්සු. මේ වියලි කලාපික ජල කළමනාකරණ චින්තනය උඩු යටිකුරු කරලා තෙත් කලාපේ වතුර ඉක්මනට බස්සගන්න උත්සහ කරන්නන්. අවාසනාවට පරාක්‍රමබාහු ම තමා ඒ ලිස්ට් එකේ පේන්න ඉන්න අන්තිමයා.

කතාවට කියන්න වගේ, "එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ - කන්ද කපවු - ගල් පෙරළවු - වේලි බඳිවු - ගමන බිඳිවු - ගංගාවේ" කිව්වම කැළණි ගඟටත් හිතෙනවා ඇති ඉඳල හිටලා ඔය කියන එකේ ටිකක් නැවතිලා යන්න. "එම්බා ගංගා දුවයනු දුවයනු දුවයනු දුවයනු ගංගාවේ" තින්කින් එක එන්නේ කවද්ද?


---------------------------------------------------------------------


ප.ලි.: කතාව  දිග  ඇරෙන  තරමට  පසු  ලිවීම්  වැඩි  කරන්න  වෙනවා.  මූලික  පෝස්ට්  එකේ  මම  කතා  කරන්න  උත්සහ  කරන්නේ  චින්තන  වෙනසක්  ගැන.  එනම්  වියළි පෙදෙස්වල ජල   කළමනාකරණය  ජලය එකතු  කිරීම  වැනි  වියලි  කලාපයෙන්  අපි  සංස්කෘතිකව  උස්සගෙන  ආපු  චින්තනය  වෙනුවට  තෙත්  කලාපේ  වතුර  ටික  ඉක්මනින්  ම  කොහෙට හරි   බස්සන  එක  ගැන. එතකොට එන   කතාව  තමා  කොහෙටද  වතුර  බස්සන්නේ කියන එක. මේ අරමුණින් තෙත්  කලාපේ අතිරික්ත  ජලය   දළ වශයෙන් ගොඩවල්  දෙකකට  බෙදන්න  කැමතියි  ඒවා කොහෙටද  යවන්න  ඕනේ  කියන  එක  සළකා.

1. කඳු  සහිත  ඉහල  ප්‍රදේශ වල ගංගා  නිම්න  පෝෂක  ප්‍රදේශ  ආදියට වහින   වතුර. මෙතන මට  වැදගත් කාරණය තමා උස  නිසා  එන  ජල-හිස  හෙවත්  වෝටර්  හෙඩ්  එක.  මේ  දත්තය  මත  ඒ  වතුර  කැමති  දිහාවකට  හරවගන්න  පුළුවන්. මේවා  පවතින  ගංගා  දිගේ  මූදට  යවන්න  බැහැ,  එතකොටනේ  ගංවතුර  එන්නේ.  ඒ  නිසා  මේවා  වෙන  කොහෙට  හෝ  හරවා  යවන්න  වෙනවා. එය මේ සටහනේ  අග කතාවට  ගන්නවා.

2. තෙත්  කලාපයේ   පහත්බිම්  වල  පවතින  ගංගා  පෝෂණ  ප්‍රදේශ  වලට වහින  වතුර. මේවා ඉතාම  අඩු  ජල  හිසකින්  යුක්ත  නිසා  ඒ වතුර කොහෙ
වත් දුර පළාතකට යවන්න බැහැ. කළ හැකි එකම දේ ආසන්න සාගරයට ඉක්මනින් යවන එක. ඒකත් වෙන්නේ නැත්තේ ජල හිස ඉතාමත් අඩු නිසා. වඩාත් ක්‍රියේටිව් අදහසක් අවශ්‍ය මෙතැනදී. මේක කුඩා කෙටි දුර ඇල මාර්ග සහ උමං පද්ධතියක් වෙන්න පුළුවන්. හදිසියට  පුරවන්න  වගුරු  වගේ  පද්ධති  තියාගන්න  වෙන්න  පුළුවන්.  මේ පද්ධතිය හදන්න ඕනේ භුමිය අධ්‍යන කරලා ස්වීට් ස්පොට් තෝරා ගැනීමෙන්. [පරාක්‍රමබාහු රජතුමා පස්දුන් රටේ කළා කියන ඉපැරණි ක්‍රියාදාමයත් අයිති වෙන්නේ මේ ගණයට. දැනටත් කළු ගඟේ ඉඳල බොල්ගොඩට කවුරු හෝ   කනෙක්ෂන් එකක් දාල තියෙනවා. මේ ඇලවල් පුරාන කාලේ කපපු ඒවා. ]

ඔය පළවෙනි එකේ කිව්ව ඉහල ජල හිසක් සහිත වතුර බස්සන එක ගැන දිගු විස්තරයක් කලකට පෙර ෆේස්බුක් පෝස්ට් එකක් ලෙස දැම්මා. මේක ඒ කාලේ ආණ්ඩුව කළ ව්‍යාපෘති වලට ගැලපුනා. මේ ඒ කතාව.



වසර පහකට දහයකට වරක් දැවැන්ත නියඟයක් එන රටක් ලංකාව. ලංකාවේ තියෙන අර්බුදය නම් අරීයව විසිරුණු ජල පරිවහනයක් සහිත රටක් නිසා වියලි කලාපයට තෙත් කලාපයේ අතිරික්ත ජලය ස්වාභාවිකව ගලා නොයාම. මේ නිසා තෙත් කලාපයේ ගංවතුර ඇතිවී මාසයකින් දෙකකින් වගේ වියලි කලාපයේ නියඟය.

මෙච්චර කාලයක් වෙනත් ක්‍රම වලින් මේක පිරිමහ ගත්ත වුනත් දැන් මේ ගැන අලුතෙන් හිතන්න කාලය ඇවිත්. තෙත් කලාපයේ අතිරික්ත ජලය වියලි කලාපයට අරගෙන යාම ගැන ලංකාවේ අදාළ බුද්ධිමය සර්කල් වල කතා වෙන්නේ නැද්ද? මේක මහලොකු වැඩක් නොවේ කිමි දෙතුන්සීයක ඇලක්. ලංකාව මෑත කාලයේ කල ප්‍රොජෙක්ට් වල වියදම් හැටියට මේක කරන්න බැරි වැඩක් නොවේ. එක අතකට ලැජ්ජාවට කාරණයක් මෙච්චර පොඩි රටකට මේක කරගන්න බැරි ඇයි කියන එක.

ෆේස්බුක් එකේ මේවා කතාකලාට වැඩක් නැහැ තමයි. එත් මේ කතාබහ පත්තරේකවත් වෙන බවක් නොදකින නිසා, ලංකාව තාමත් මේ වැඩේ බ්ලයින්ඩ් ස්පෝට් එකක තබා තියෙන නිසා මේක ගැන අපි කතා කලාට වරදක් නැහැ මගේ හිතේ. සමහරවිට විෂය දැනුම සහිත අයගෙන් ලොකු දායකත්වයක් ලැබෙයි.

විදෙස් උදාහරණ නම් එමටයි. මුලින්ම නයිල් ගඟෙන් ඇලක් කපලා පහත්බිමක කෘතීම ජලාශයක් හදන්නේ ඉපැරණි ඊජිප්තුකාරයින්. පර්සියාවේ ඛනාත් වගේ දේවලුත් උදාහරණ. අපේ යෝධ ඇල කුඩා පරිමාණයෙන් මේ වැඩේට ගත්ත උත්සාහයක්. වැඩේට ගන්න තියෙන හොඳම උදාහරණය නම් ලෝකයේ දිගම ඇල වන චීනයේ "මහා ඇල" කිමි දහස් ගානක් දුර ගෙවාගෙන මහා ගංගා කීපයක් පහු කරගෙනයි මේ ඇල යන්නේ. චීනුන් මේ වෙද්දී උතුරු-දකුණු ඇල පද්ධතිය නමින් දකුණු චීනයේ ගංවතුර ජලය ඇතුළු මොන්ගොලියාවට ගෙනයන දැවැන්ත ප්‍රොජෙක්ට් එකක් කරමින් ඉන්නේ. චීනුන්ටත් වසර 50ක් යාවි ලු.

මේ ගැන හරි කතිකාවක් ඇති වුනොත් රජය මේකට අතගහන්න ඉඩතියෙනවා මොකද එයාලට අවශ්‍ය දේවල් ඔක්කොම මේ වගේ මෙගා ප්‍රොජෙක්ට් එකක තියෙනවා. ලංකාවේ වැඩ සිද්ධ වෙන කලාව බලලා කිව්වේ. අනික චීනුන්ට මේ ගැන සර්ප්ලස් දැනුමක් තියෙන නිසා උනුත් කැමති වේවි කොහෙට හෝ ආයෝජනය කරන්න

මගේ සත දෙකේ අදහස නම් යෝධ ඇල ආදර්ශයට ගෙන කැළණි ගඟේ සිට වියලි කලාපය පැත්තෙන් රවුමට දකුණේ ගින් ගඟ දක්වා පමණ වට රවුම් ඇලක් 200m-500m අතර සමෝච්ච රේඛාවක ගහන්න කියලා. අතිරික්ත ජලය කැමති අතකට බෙදාගන්න පුළුවන්.

23 comments:

  1. අපිට හිතාගන්ඩවත් බැරි ලොකු වැඩක් වෙයි මේක

    ReplyDelete
    Replies
    1. අර සමෝච්ච රේඛාවේ යන වට රවුම් ඇල නම් එහෙම වෙයි, හැබැයි ගංගා වල වතුර මූදට බස්සන එක එතරම්ම ලොකු එකක් නොවේ

      Delete
    2. ඔය සමෝච්ච රේඛාවට ලොක්කෙකුගෙ ඉඩමක් අහුවෙච්ච ගමන් ඉන්වර්ටඩ් සයිෆන් ගහන්න වෙයි.

      Delete
  2. යෝධ ඇල ආදර්ශයට ගෙන කැළණි ගඟේ සිට වියලි කලාපය පැත්තෙන් රවුමට දකුණේ ගින් ගඟ දක්වා පමණ වට රවුම් ඇලක් 200m-500m අතර සමෝච්ච රේඛාවක ගහන්න කියලා. අතිරික්ත ජලය කැමති අතකට බෙදාගන්න පුළුවන්.///// ++++++++++

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක ආයිත් වෙනස් කළා. දැන් පැහැදිලියි ඒ කතා දෙකම

      Delete
  3. ඔය එක ජල බිඳුවක් හෝ වගේ ඔ්‍රකාශ ඒ කාලේ ජනප්‍රිය වෙන්න කරපු දේශපාලන සටන් පාඨ වෙන්න ඇති. මොකද, ජල බින්දු අපතේ ගියේ ම නැද්ද?

    මතකනේ වසර 2000 දී සැමට සුව සෙත, සැමට සෙවන වගේ කතා.

    මට සිහිවුනේ ඌව පළාත ගැන වර්ණනාකරමින් ලිපියක් ලියූ සමන්ත විද්‍යාරත්න එහි ඇති විනාශ වුණු වැව් අමුණු ගැන කියූ කතාවයි.

    ඌවේ ඇති හෝ තිබුණු වැව් අමුණු මොනවාද කියා ඇසූ විට ඔහුට පිළිතුරු දෙන්න බැරිවුණා! මග හැර ගියා!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, 100% නොකලට ඒ දිහාටනේ වියලි කලෑ උත්සාහය ගියේ. හැබැයි ඒ රජතුමාම තෙත් කලාපේ කරන කාලේ කලේ අහසින් වැටෙන වතුර වගුරු වල පිරෙමින් මිනිසුන්ට කරදර කිරීම නවතා හැකි ඉක්මනින් මුහුදට බස්සවා ඒ වගුරු ගොවිතැනට ගත්ත එක. මේක ඔහුගේ ක්‍රියේටිව් කම. සුදුසු තැනට සුදුසු දේ. අපි අවු 1000 ට ආසන්න කාලයක් ගිහිල්ලත් තාම ඔහුගේ කියමනක එල්ලිලා ඉන්නවා

      Delete
  4. කොළඹ ගංවතුර ප්‍රශ්නෙටනම් කරන්න ඕනෙ කැලැනි ගඟ අවට අඩුම තරමින් මීටර් 50 ක දුරකට සියලුම ගෙවල් ඉවත් කර මි. 50 සීමාවේ ගඟට සමාන්තරව මීටර් 7,8ක් උස පස් වේල්ලක් බැඳීම. ඒක පාරක් වශයෙන් පාවිච්චි කරන්නත් පුලුවන්. එතකොට ඕනැම වැස්සකට ගඟ ඉතුරුවත් අර වේල්ල දක්වා ඇවිත් ඒකත් උඩින් දාන්න ඉතින් මුරුගසන් වැස්සකටම විතරයි.
    ගඟක් කියන්නෙ ඒ වගේ නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනැ.
    ගඟට හුකන්න යන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. ගගට එකතුවෙන ඇලවල් වලට මොකද කරන්නෙ . ඒකට විසදුමක් තියනවද

      Delete
    2. නැහැ එය සාර්ථක වන්නේ නැහැ. කැළණි ගඟේ හංවැල්ලේ වෝටර් හෙඩ් එකත් මීටර 10 ට අඩුයි. ඉතින් වේලි සිස්ටම් එකක් දැම්ම කියල වතුර වේගෙන් බහින්නේ නැහැ. උඩින් වේගෙන් එනකොට [උඩ වෝටර් හෙඩ් එක වේගයෙන් වෙනස් වෙන නිසා] පහල කොහෙට හෝ පිරෙන්න ඕනේ. ඉතින් වේලි සිස්ටම් එකක් දැම්මොත් ඒ වේලි වලට ඉහත්තාවෙන් ගඟ උතුරනවා.

      කොටින්ම ඔය දැනට ග්‍රෑන්ඩ් පාස් නාගලගම් හරියේ තියෙන බැමි ටික දාල තියෙන්නේ කොළඹ පැරණි නගරය බේරන්න. එහෙම කලාම ඔරුගොඩවත්ත සිට කඩුවෙල දක්වා යට වෙනවා. එහෙම හිතාමතාම වෙන් තමා දාල තියෙන්නේ. ඒ කාලේ ඉහල පැලැන්තියේ නාගරිකයා බේරන්න ග්‍රාමීය ප්‍රත්‍යන්ත පෙදෙස් බිලිදීම.

      වැඩි විස්තර මෙතනින් ගන්න. ගිය අවුරුද්දෙත් අපි උන්නේ කැළණි ගඟේ ම නේ.

      කැළණි ගංවතුර - I (අතීතය සහ වර්තමානය)

      කැළණි ගංවතුර - II (කැළණි ගඟ දකුණට හරවමු !!!)

      Delete
    3. මීටර පනහක බෆර් සෝන් එකක් දිගටම දුන්නොත් තරමක් සාර්ථක වෙයි. හැබැයි මෝදර ලං වෙද්දී පුලුවන්ද? එක තැනක නැතොත් එතන බොට්ල් නෙක් එකක් වෙනවා

      Delete
    4. ජපානෙ මම දැකපු හැම ගඟකම ඔය ක්‍රමය තියෙනවා, අඩුම තරමින් 20mක් වත්සි බෆර් එකක් සමග වේල්ලක්. ඒක කන්ද ගාවට යනකල්ම තියෙනවා.
      ඊටාමතරව ගඟේ වැලි කන උන්, ගඟට ජරාව පිට කරන ෆැක්ටරි නැති නිසා නගරය මැදදි උනත් බොන්න පුලුවන් ගානට වතුර පිරිසිදුයි

      Delete
    5. එතකොට ගගට එන ඇල පාරවල් වෙනමම හදාපු ඇලකට හරවනවද

      Delete

  5. //කුඩා දිය මූලාශ්‍ර රාශියක ජලය විශාල පෙදෙසක බෙදා හරින්න සමෝච්ච රේඛාවක් දිගේ "දික් ගැස්සුණු වැවක්" වන යෝධ 'ඇල' හැදුවානම් ඒ වගේම සියුම් ආකාරෙට කළු කැළණි ගින් නිල්වලා ඇතුළු තෙත් කලාපිය ගංගා වල පිටාරයන් වලට තමන්ගේ තාක්ෂණික ක්‍රමවේද හදා ගන්න බැරි වුණේ ඇයි?//
    ප්‍රශ්නෙට උත්තරේ ඔයාම දීල තියනවා:
    . අපි අවු 1000 ට ආසන්න කාලයක් ගිහිල්ලත් තාම ඔහුගේ කියමනක එල්ලිලා ඉන්නවා
    . කැළණි ගඟ ගංගා තුන හතරකින් පටන් අරන් සීතාවක හරියේ නේද එකතු වෙන්නේ. ඊට පස්සේ හරියෙන් හරහර කැළණි ගඟ , මා ඔය හා දැදුරු ඔය ට එනකන් හරස් ඇලක් කපලා වැඩි වතුර ඒ පැත්තට යවන්න ඕනේ. මේක සෑහෙන්න දිගයි. බෝට්ටුත් යයවන්න පුළුවන් විධිහට හැදුව නම් හරි. වැඩි වතුර යවන්න.

    ReplyDelete
    Replies
    1. no sinhala available.

      the problem has two perspectives. Upper stream water has to be diverted. what you suggest is a good one, you need a reasonable water head at least say 100m for the water to drain at a significant speed to north. I think there is a plan to do exactly what you said coming from 1960. Cost and population density in the region is pushing back the project.

      Second isssue is local and low-lying. Regions below 100m height still gather significant amounta of water. The water head is not good enough to drain to distant regions. This layer has to be drained to ocean. The can use other water ways like Bolgoda by connecting they with tunnels and canals. Also they can use direct canals, more of them to connect rivers to ocean. They can also use the vast wetlands of wet zone as a buffer. Lower riverine flooding should be dealt separately with many creative ideas.

      Delete
    2. that is a pretty good article. // think there is a plan to do exactly what you said coming from 1960. Cost and population density in the region is pushing back the project.// I did not know that. I was looking at the map and thought that would help the normal 6 month draft in puththalam region as well. But if there was a study then it is perfect. Someone has to tell the government planners. But then they would check what profit they can get from it rather than solving a problem. We will hit the wall.

      Delete
  6. !
    වතුර වේලෙන්නත් කලින් අන්න පත්තෙරෙත් දාලා!
    http://www.divaina.com/2017/05/30/feature01.html

    ReplyDelete
    Replies
    1. Didn't even know it. And they have done some editing too on my crappy write up. OK as long as the meaning and idea is not distorted. If it is worth wider audience so be it. But it would be nicer if they asked me

      Delete
  7. ඇත්තටම හොඳ අදහස්..මෙව්ව කරවන්ඩ පුළුවං මිනිස්සු නිස්සබ්දයි නොවැ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලංකාවේ මෙව්වා කෙරෙන්නේ සුපුරුදු දූෂණ එක්ක. එහෙම හරි කෙරෙනවනම් ලොකු දෙයක්. මගේ හිතේ ඉස්සර 10% 30% වගේ ගහපු එවුන් දැන් 100% ම ගහනවද කොහෙද, මොකද දැන් හැදෙන මොකුත් නැහැ වියදම විතරයි

      Delete