Thursday, February 23, 2017

ග්‍රහලෝක හතේ විකාරය

 මෙය අසත්‍ය වීඩියෝවකි


ග්‍රහලෝක හතක් සොයාගෙන තිබේ. නාසාව මාධ්‍ය ඇමතීය. ගූගලය ඩූඩලයක් තැනීය.

අපේ සූර්යය සහ මර්කරි අතර ඇති කුඩා ගැප් එකේ පොලොව සයිස් ලෝක හතක් ඒ කුඩා හිරු වටා කැරකේ. ඒ ඒ ලෝක අතර දුර පොලොව සහ සඳ වැනි ආසන්න මට්ටමේය. මතුපිට උෂ්ණත්ව අප දන්නා අගයන්ගේය. ආලෝකය බොහෝ සෙයින් අඩු මට්ටමක විය යුතුය.

ටෙලස්කොපයක ඇඳි තිත් හතක් [හෝ තාරකාවක ආලෝක කදම්බයේ බ්ලයින්ඩ් ස්පොට් හතක් ] ගැන නිශ්චිතව දන්නා කාරණා එපමණකි.

ඒ මත නිර්මාණය වන ජලය පර්වත ජීවින් ආදිය හුදෙක් විකෘති ඉමජිනේෂන් එකක් පමණි, හරියටම අර පරිනාමය ගැන බාගෙට උගෙන වානරයින් හා මානවයින් පේලියක් ඇන්ද මාධ්‍යවේදියාට සමානය.

අනික මේ ගෙඩි ආලෝක වර්ෂ හතළිහක් හෙවත් කිමි ට්‍රිලියන පන්සීයක් වගේ දුරකය. මිනිසාට සාපේක්ෂව මේ දුර අනන්තයට වඩා වෙනස් වන්නේ ඇබින්දකි.

දැන් ඉතින් අපි කුමක් කරන්නද? අපි කල හැකි දේ කරමින් සිටිමු. චිත්‍ර ශිල්පියෝ චිත්‍ර අඳිති. ග්‍රැෆික් කාරයෝ ග්‍රැෆික් හදති. මාධ්‍යය විසින් බුල් කෙලින නිසා දෝ සෙස්සෝ කවි ලියති.

නරුම සත්‍යය නම් වෙන කරන්න පුළුවන් මොකුත්ම නැතිකමයි.

කිමි ට්‍රිලියන පන්සීයක් ඕනේ නැත. මිලියන දෙසිය පනහක් බැගින් අපට දෙපැත්තෙන් පොලොව සයිස් ජලය සහිත රොකී ග්‍රහලෝක දෙකක් ගමන් කරති. කිමි ලක්ෂ හතරට මෙහා ඊට ටිකක් පොඩි ලෝකයක් පොලොව වටේ කැරකේ.

ඔලිම්පික් දුවන්න කලින් ගම හරහා වත් දුවල ෆිනිෂ් කරමුද?


ප. ලි.
"ජීවය පැවතිය හැක්කේ" පොලොවට සමාන තත්ත්ව තුල ය කියන මතය මිත්‍යාවක්. ඕක වහගන්න ලයිෆ් ඈස් වී නෝ ඉට් හෙවත් ගොල්දිලොක්ස් සෝන් කියල මතයක් හයිප් වෙනවා. මෙහි අර්ථය නම් අප දන්නා විදිහේ හෝ අපට සමාන පරිසරයක පවතින ජීවය ගැන පමණක් කෙරෙන ෆෝකස් එකක් බව. එහෙත් පොදුවේ ජීවය කියන එක අපේ තත්ත්ව තුල ම පැවතීම ඉතා අඩු සම්භාවි දෙයක්. විශ්වයේ  වැඩි  හරියක් ද්‍රව්‍ය  පවතින්නේ එක්කෝ  උණුසුම් ප්ලාස්මා  ලෙස,  නැතිනම් සීතල  දූලි/වායු වලාවන් ලෙස. වඩාත් ගතික ක්‍රියාකාරකම්  සිද්ධ වන්නේත්  ඊට  අවශ්‍ය  ශක්තිය  ලැබෙන්නෙත්  මේ  තත්ත්ව  තුල. මහ පොලොව  සහ  මිනිසා ගේ  පරිසරය විශ්වයෙන් අතිශය කුඩා ප්‍රතිශතයක්. එය  හුදෙක් ව්‍යතිරේඛයක්. ජීවය  ඔය  ඉතා කුඩා  ව්‍යතිරේඛය  අස්සේ සෙවීම  අමු  විකාරයක්. 

19 comments:

  1. Replies
    1. සමාවෙන්න ඕනේ මම මෙහෙම කෙලින්ම විවේචනය කරන එකට . ඔබේ ලිපිය වගේ මතවාද නිර්මාණය වීම තමා මම දකින ලොකුම ගැටලුව. "ජීවය පැවතිය හැක්කේ" පොලොවට සමාන තත්ත්ව තුල ය කියන මතය මිත්‍යාවක්. ඕක වහගන්න ලයිෆ් ඈස් වී නෝ ඉට් හෙවත් ගොල්දිලොක්ස් සෝන් කියල මතයක් හයිප් වෙනවා. මෙහි අර්ථය නම් අප දන්නා විදිහේ හෝ අපට සමාන පරිසරයක පවතින ජීවය ගැන පමණක් කෙරෙන ෆෝකස් එකක් බව. එහෙත් පොදුවේ ජීවය කියන එක අපේ තත්ත්ව තුල ම පැවතීම ඉතා අඩු සම්භාවි දෙයක්.

      ඔය හේතුව නිසයි මම කියන්නේ මේක සයන්ස් නෙවි. මේක ඇවිල්ලා ආට්ස්. ලස්සන චිත්‍ර, මාරු ග්‍රැෆික්, ෆැන්ටසි රයිටින්. පතරංග හයිප් තඩියක් .

      Delete
    2. // "ජීවය පැවතිය හැක්කේ" පොලොවට සමාන තත්ත්ව තුල ය කියන මතය මිත්‍යාවක්. // මම හිතන්නේ නැහැ මේක මිත්‍යාවක් කියල. එයට හේතුව බිග්බැන් වල ඉඳන් ලෝකය සහ ජිවය ඇතිවීමේ ක්‍රියාවලිය ඉගෙන ගත්තම එන අදහසක් ඒක. ඔබ ඔය කියන මතය (වෙන විධිහකින් ජිවය තියෙන්න පුළුවන් කියන එක) කියන අදහස ලෝකයේ ඉන්න මුළු නොයෙක් ප්‍රමාණ ජිව සමුහයන් ගැන හිතලද කියන්නේ? අර අංශක 500 වගේ උස්හන්ත්වයක මුහුද යට ගිනිකඳු හරියේ ඉන්න බැක්ටීරියා ගැන හිතුවද? මිලියන් 8.7 ජිවින ජාති ඉන්නවා. ඔය හැම එකක්ම ජීවයක්. ජිවියෙක්ක් කිව්වම් මිනිහෙක් ම අදහස් වෙනෙන් නැහැ. හැමෝම ඔතන පටලව ගන්නවා.
      https://www.theguardian.com/environment/2011/aug/23/species-earth-estimate-scientists

      Delete
    3. //. එහෙත් පොදුවේ ජීවය කියන එක අපේ තත්ත්ව තුල ම පැවතීම ඉතා අඩු සම්භාවි දෙයක්.//මේක තමයි අනිත් වැරදි මතය. අපේ තත්ත්ව කියන්නේ ඕන තත්වයද කියන එක? ඔය හබිටබල් සීමාව කියන්නේ ඉතා විශාල පරාසයක්. මේ විවාදය මගේ යහළුවෙක් සමගත් ඊයේ පෙරේද කලා. ඔහුගේ අදහස වුනේ මේ විධිහට නොව වෙන තත්වයකට ජිවය පැවතිය හැකි බව. එතකොට මෙන් මේක ඔයගොල්ලෝ ඉවත් කරනවා. 1. අප දන්නා විශ්වය තුල මන්දාකිනි (ගැලෙක්සි ) ට්‍රිලියන් 2 විතර තියනවා. ඔකේ බිලියන් 100 විතර තරු තියනවා. අපි අවුරුදු 20 කට කලින් දන්නේ අපේ සුර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අට විතරයි. 1995 වෙනකොට තව එකක් ගැන දන්නවා. දැන් දන්නවා 3000 කට වැඩිය.
      එනිසා ඔය බිලියන් 100 තුල කොපමණ සම්භාවිතාවක් තියනවද ජිවය තිබෙන්න?
      2. ඊළඟට බලනන මෙහම. තාරකාවලින් අපි ඉන්න ග්‍රහලෝකය හැදුනේ අහම්බෙන්. ඒ ග්‍රහලෝකයේ මුල් ජිවය හැදුනේ අහම්බෙන්. ඒ අහම්බයේ පරිණාමය තමයි මිනිසා ඇතුළු අනිකුත් සතුන්. (මම මේ ලිපි මාලාව පටන් ගෙන ලියාගෙන ගියත් වෙන වැඩක් නිසා නැවතුන මෙතනට එන්නේ නැතිව) .ඉතින් ඒ අහම්බය ඒ විධිහටම වෙන්න පුළුවන් හරියටම අපි ඉන්න දුරින් ම තව ග්‍රහ ලෝකයක් හොයා ගත්තොත්. ඒක තමයි මේ කරන්නේ.

      Delete
  2. අනික ජලාය් තියනවා කියල හොයන්න එතනට් යන්න ඕනේ නැහැ . වර්ණාවලි වලින් හොයත හැකි. ළඟ තියන ඒවල ජිවය නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි තවම එහෙම හොයාගෙන නැහැ. එය පිරික්සන්න අවශ්‍ය දත්ත එකතු කරමින්. ජලය බොහෝ ග්‍රහ ලෝක වල තියෙනවා

      ළඟ තියෙන ඒවාවල ජීවය නැහැ කියන්නවත් පුලුවන්ද? අපිට එතරම් හෝ තාක්ෂණයක් තියේද? අපි ආලෝක වර්ෂ හතළිහක් එහා බලද්දී යුරෝපා වගේ පද්ධතියක් ගැන දන්නේ මොනවාද?

      Delete
    2. ළඟ තියන ඒවා යනුවෙන් අදහස් කලේ හඳ සහ අඟහරු. අඟහරු වලත් කියන්න බැහැ. යුරෝපා සහ ගැනිමීඩ් වල ජලය තියෙන්නේ පුළුවන්. මොකද අයිස් තියනවා කියල එවන ඡායාරුප වල තිබෙන නිසා.
      https://www.wired.com/2016/09/jupiter-moon-europa/

      Delete
  3. මට නම් අභ්‍යවකාශ ගවේශනයේ ප්‍රයෝජනයක් නැහැයි කියල හිතෙන්නෙ. වැයවන මුදලයි ශ්‍රමයයි එක්ක සැසඳුවම. සුජීවගේ අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මිනිසා කරන බොහෝ දේවල් වල ප්‍රයෝජනයක් නැහැ. එහෙමනම් ආයුධ නිෂ්පාදනයේ ප්‍රයෝජනය මොකද්ද? සයිබරය වගේ දෙයක ට යෙදෙන මුදලට සාපේක්ෂව ඇති පලය ඉතා කුඩා එකක්.

      අභ්‍යවකාශය කියන්නේ ප්‍රයෝජ්‍ය අගයට වඩා කුතුහලය නිසා අපට නොවැලැක්විය හැකි මානයක්. එහි දීර්ඝකාලින් ප්‍රයෝජන තියෙන්න පුළුවන්. ඒ වගේම විද්‍යා දැනුම එකතුවේ වැඩි හරියක් ඍජු ප්‍රයෝජ්‍ය අගයක් නැති දේවල්. හැබැයි තාක්ෂනය බිහි වන්නේ එහි අතුරු පල ලෙස. එවැනි අතුරුපල රාශියක් අභ්‍යවකාශ ගවේෂණය නිසා ඇතිවෙනවා. උදාහරනෙකට පරිගණක තාක්ෂනය ප්‍රවාහනය වගේ එව්වට එහි බලපෑම් වෙලා තියෙනවා.

      තෙවැන්න අනාගතය. ප්‍රයෝජ්‍ය වටිනාකමක් ගන්න එක්තරා ත්රෙශෝල්ඩ් එකක් පනින්න ඕනේ. ඒ මට්ටම පන්නම අපිට ගන්න පුළුවන් ප්‍රයෝජ්‍ය අගයන් ඕනෑතරම් කියන්න පුළුවන්.

      මේ ග්‍රහලෝක හත ගැන කෙරෙන විද්‍යා පර්යේෂණ ගැන මගේ කිසිම අමනාපයක් නැහැ. මට මල පාන්නේ සුරංගනා කතා ෆැන්ටසි සහ අනිකුත් මල විකාර එක්ක. සාමාන්‍ය ජනයා දන්නේ එච්චරයි.

      Delete
    2. ඔන්න ඔය කතාව නිසා තමයි බ්‍රිතාන්‍යය ආදිය මුදල් යෙදෙව්වේ නැත්තේ. නමුත් ඔවුන් දැන් ගොඩක් කණගාටු වෙනවා. හැබැයි EU එකෙන් අයින් වෙච්ච නිසා අයිත මුදල් අඩු වෙලා. මේකේ නාසා විස්තරයක් දෙනවා.
      https://www.nasa.gov/sites/default/files/files/Benefits-Stemming-from-Space-Exploration-2013-TAGGED.pdf
      ලංකාවේ වගේ රටක බෙනිෆිට්ස් පෙනෙනවා අඩු ඇති.
      - බෙහත් හොයාගෙන තියෙනවා - අජටාකාශ ගමින්ට ඕන නිසා
      - මුල්ම කොම්පියුටර්ස් (සෝවියට් දේශයේ පවා) ආවේ අභාවකාශය නිසා. ස්පුට්නික් එකේ මුලම් කොම්ප්යිටරේ මෙගාබයිට් 20 ද කොහෙද. සෝවියට් දේශය මිනිසුන්ට දෙන්න හිතුවේ නැහැ. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය හිතුව. එනිසා ඒ තාක්ෂනය දියුණු වුන. අපි මෙහෙම ටයිප් කැරැල් ලියන ගානට.
      අබාධිත අයට වඩා හොඳ පහසුකම් ලැබුනේ (කෙලින්ම අජටකාශ ගාමින්ට හැදු ඒවා නිසා.)
      ඇමෙරිකාව, රුසියාව ඉන්දියාව - නව රැකියා සහ ආයෝජන
      සන්නවේදන තාක්ෂනය පිමි කිහිපයක්ම පැන්න . චන්ද්රිඅක් තාක්ෂනය් සහ රොකට් තාක්ෂනය වැඩි දියුණු වීම නිසා. ලංකාවෙත් යැව්වා නේද?
      තව ලියන්න පුළුවන්. ගුගල් එකේ බලන්න.

      Delete
  4. බුධ, සිකුරු, අඟහරු, බෘහස්පති, සෙනසුරු යන ග්‍රහවස්තු බොරු.
    දැන් මේ හොයාගෙන තියෙනවා කියන ග්‍රහවස්තු හත බටහිර විද්‍යාඥයන් විසින් ඔවුන්ගේ උපකරණවල පාඨාංක පැහැදිලි කිරීමට ගොතනලද පට්ටපල් බොරු 7ක්
    (ග්‍රහයා සහ ග්‍රහ වස්තු යනු දෙකක් බව මතක තබා ගන්න)

    ReplyDelete
    Replies
    1. විද්‍යා කතාවලදී නලින් මහත්තයව ඉග්නෝ කරනවා අප්පා. ඒ අනවශ්‍ය කාල නාස්තියක්.

      Delete
    2. ජගත් පතිරණ ඔප්පු කරන්න පුලුවන්ද ඒ ගණනයන් බොරු කියල?

      Delete
    3. ඒ පර්යේෂණ පත්රිඅක්ව බාගන්න පුළුවන් මම හිතන්නේ.
      https://arxiv.org/archive/astro-ph/Astrophysics

      Delete
    4. පර්යේෂණ පත්‍රිකාව වශයෙන් නිවැරදි විය යුතුයි.

      Delete
  5. තව දෙයක්. විශ්වයේ වැඩි හරියක් ද්‍රව්‍ය පවතින්නේ එක්කෝ උණුසුම් ප්ලාස්මා ලෙස, නැතිනම් සීතල දූලි/වායු වලාවන් ලෙස. වඩාත් ගතික ක්‍රියාකාරකම් සිද්ධ වන්නේත් ඊට අවශ්‍ය ශක්තිය ලැබෙන්නෙත් මේ තත්ත්ව තුල. මහා පොලොව සහ මිනිසා ගේ පරිසරය විශ්වයෙන් අතිශය කුඩා ප්‍රතිශතයක්. එය හුදෙක් ව්‍යතිරේඛයක්. ජීවය ඔය ඉතා කුඩා ව්‍යතිරේඛය අස්සේ සෙවීම අමු විකාරයක්.

    ReplyDelete
    Replies
    1. අපේ පොළොවේ ජිවය පටන් ගත්තේ කෙසේ දැයි සෙවීම ග්‍රීක, ඉන්දීය , චීන , ඊජිප්තු අතීත දාර්ශනිකයන්ගේ කාලයේ සිටම මිනිසා කල දෙයක්. වෙනත් ග්‍රහලෝක වල ජිවය සෙවීම පටන් ගනුනෙත් එහිම ප්‍රතිඵලයක් ලෙස. සමහරුන්ට විකාරයක් ලෙස පෙනන්න් දෙයක් තවත් සමහරුන්ට ජිවන දර්ශනයක් විය හැකියි.
      https://kolambagamaya.blogspot.co.uk/2017/02/blog-post_27.html

      Delete
  6. විශ්වයේ වැඩියෙන් සිටියයුතු ජීවී ස්වරූප ගැන අදහසක් දෙන්න පුළුවන්ද?

    ReplyDelete