Monday, May 18, 2015

මෙය යුද්ධයේ සමාප්තිය ගැන සැමරුමක් නොවේ

මෙය යුද්ධයේ සමාප්තිය ගැන සැමරුමක් නොවේ. මෙසේ කියද්දී එන මූලිකම ගැටලුව නම් මොන යුද්ධයද කියන එක.

ආක්‍රමණික ප්‍රංශ හමුදාව පරදවා මෙක්සිකෝ හමුදා දිනලා තියෙන්නේ මැයි මාසෙක. ඇන්සැක් හමුදාව ක්රීටයේදී දින්නලු වැදගත් සටනක් දෙවෙනි ලෝක යුද්ධයට. ඔහොම ලෝකේ පුරා ආගත නාගත යුද්ධ වෙලා තිබ්බට මැයි මාසයේ අපේ ජීවිත වලට බලපාන යුද්ධයක් වෙලා කියලා අපිට මතක නැහැ.

ලංකාවේ ත්‍රස්තවාදයත් සම්පුර්ණයෙන්ම පරාජය කලේ මොලයේ බලයෙන් සාකච්චා මෙසයකදී කියලයි කියන්නේ. ඒකෙන් සීයෙට පනහක් සැටලයිට් මැඩම් ඉවර කලාලු නේ. දැන් ඒ සමාප්තිය ගැන සමරන්න එයා ඒක කලේ කවද්ද කොහොමද සටන් බිමේද සාකච්චා මෙසේද දාම් බෝඩ් එකේද කියල කවුරුත් දන්නේ නැහැ.

ඉතින් මූලිකම ප්‍රශ්නේ සමරන්න සමාප්ත වෙච්ච යුද්ධයක් නැති එක.

දැන් සමහරු කියන්නේ එයාලා සමරන්නේ යුද්ධයේ සමාප්තිය කියලා නේ. අපි නොදැන මෙහෙම යුද්ධයක් තිබ්බත් එහි සමාප්තිය පවා සමරන්න හොඳ නැහැ.

මොකද ඔය යුද්ධ කියන්නේ බොහොම නරක එව්වා නේ. ඉතින් එව්වා ගැන කතාකරන්න හොඳ නැහැ මොකද අපේ හිත් මල් වගේ නිසා. යුද්ධ ගැන කතාකරලා ඒවා කිලිටි කරගන්න නරකයි. අපි කරන්නේ අරගල නේ. අරගල කියන්නේ හොඳ එව්වා. යුද්ධ නරක එව්වා. අරගලයක් යුද්ධයක් දක්වා ඇදෙනවා නම් රටක හමුදාවේ වගකීම එවෙලේම යටත් වීම.

ඉතින් යුද්ධ කියන්නේ හොඳ දේවල් නොවේ. ඒ නිසා යුද්ධයේ සමාප්තියවත් සමරන්න හොඳ නැහැ.

යුද්ධයක සමරන්න අවශ්‍ය ඒ වෙනුවෙන් ජීවිත පුද දුන් අංග විකල වුනු හමුදා සෙබළුන් හා ඔවුන් නිසා දුක් වින්ද පවුල්වල මිනිස්සු කියලත් කියනවා. හැබැයි ඉතින් ඔය හමුදාව කියන්නේ කවුද අමු මිනීමරුවෝ නේ. උන් ඔහේ ඉවක් බවක් නැතුව මරාගෙන යන එවුන්. උන් මැරෙන්නේ උන්ගේ ඕලමොට්ටලකමට අනික නොමැරී අපි වගේ ඉන්න උන්ට වත්කමක් නැති කමට. ඇයි උන්ට අපි වගේ අහින්සාවාදයෙන් ජීවත් වෙන්න බැරි. සල්ලි නැත්නම් කුලී වැඩක් හරි කරගෙන.

ඉන්නම අමාරුනම් අපි වගේ මයිග්රේට් කරන්න බැරි. මොකද ඔය යුද්ධ වෙන තැන්වල හිටියමයි ඔව්වට අහුවෙන්නේ. අපි වගේ මයිග්රේට් කලානම් අහින්සාවාදයෙන් දෙන්න තිබ්බ රඹටි හැලෙන්න.

උන්  මැරුම් කන්නේ අපි  වෙනුවෙන්  නොවෙයි. උන් මිනි මරන්නේ අපි වෙනුවෙන් නොවෙයි. උන් අතින් මියයන අය අපිව මරන්න එන අය නෙවෙයි. අපි කොහොමත් යෙහෙන් වැජඹෙන මිනිස්සු. අහින්සාවාදයෙන්. මයිග්රේට් කරලා. අරුන් මිනි මරුවෝ. අපි සමරන්න නොවේ ලජ්ජා වෙන්න ඕනෙ ඕකුන් ගැන.

උන්ගේ අතින් මැරුණු මිනිස්සු උඹලට අමතකද? කොටි සංවිධානය කිව්වට පර්සියන් පූසෝ. ඒ අය සමහර විට එහා පැත්තේ කවුරුහරි කියපු බහට රැවටිලා ආයුධ ගත්ත තමයි. ඒත් එයාලා හරිම සුන්දර මිනිස්සු. තමන්ගේ "රට" වෙනුවෙන් ජීවිත පූජාකළ. උඹලට සමරන්නම කෙනෙක් නැතිනම් ඒ කොටි මහවිරුවන් සමරපල්ලකෝ. ඇත්තෙන්ම එයාලව සමරන්න දවසක් අවශ්‍යයි නේද?

දැන් මෙතන පරස්පරයක් පේන බව අපි දන්නවා. සැමරුමක් එපා කියල පටන්ගෙන සැමරුමකින් කතාව ඉවර කරන එක. එහෙම තමයි ගැඹුරු දේශපාලන කතා. පරස්පර එක්ක යන දේශපාලනය ගැඹුරුයි. බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. කොටින්ම කියන අපිටත් තේරෙන්නේ නැහැ. හැබැයි අපි කියනවා.

ඉවර කරනවා කිව්වට ඉවර කරන්න තව දේවල් තියෙනවා. දැන් මේ පරස්පර අස්සේ හිරවෙලා කෙස්ස කඩාගෙන කල්පනා කරන තත්වෙට එනවනම් මෙහෙමත් කීවහැකිනේ. ඔය සමරනවා කියන එකට විවිධ ආස්ථාන තියෙන්න පුළුවන්. කැමතිවෙන්න පුළුවන් අකමැතිවෙන්න පුළුවන්, ඉන් බිට්වීන් හෝ ඉන්ඩිෆරන්ට් වෙන්න පුළුවන්. සමහරු හිටගෙන වෙන්න පුළුවන්, සමහරු ඉඳගෙන වෙන්න පුළුවන්. සමහරු පෙරලීගෙන, තව සමහරු බඩගාගෙන. ඔච්චරද? නැහැ. තව සමහරු තනි කකුලෙන් හිටගෙන සමහරු ඔලුවෙනුත් හිටගෙන. දැන් මේ ඕනෑම විදියකට ඉන්න තියෙන එක නිදහසක් නේ. ඉතින් කට්ටිය එහෙම ඉන්නවා.

එච්චරයි. එක්සයිටින් අවසානයක් නැහැ. දැන් ඔහොම කිව්වම කිසිම දෙයක් අමුතුවෙන් කියවෙනවද? නැහැ. හැබැයි ඒ නොකියවීම තුල කොච්චර දේවල් කියවෙනවද? මෙන්න මේ හරිය ගුප්තයි. අපි ආසයි ගුප්ත වෙන්න.

එක්සයිටින් මදිනම් අපි දානවා ඔලුවෙන් හිටගන්න එක අනිත් ඒවාට වඩා අමාරු නිසා අපි කැටගරිකලි ඒ වගේ අමාරු දේවල් වලට පොඩි අත්පොලසන් නාදයක් දෙන බව. දැන් ශේප්.

දැන් මොකද්ද මේ සමරන්නේ එතකොට. අපි නම් සමරන්නේ මෙන්න මේක. මේක ලිව්වේ ප්‍රවීන මාධ්‍යවේදී මානි මහත්තයා. මේක ඒ මහත්තයා ලීවේ 2009 මැයි මාසේ දවසක. මානි මහත්තයා මේක ලියල මේ වෙද්දී වසර හයක් ගෙවිලා. අපි සමරන්නේ අන්න ඒක.
දැන් දැන් විසිගණන් වල කොල්ලන්ටත් හතලිස් ඇඳිරිය බව ඔප්පුවෙන නිසා මේක දානවා තඩි ඉමේජ් එකක් ලෙස.  [ඉමේජ්  එක  හොරෙන් ඉස්සුවේ  ලක්ෂාන්  වික්‍රම  මහත්තයගෙන්  නිසා  එයාටත්  පොඩි  ස්තුතියක්  එක්ක]. 

පොඩි අවුලකට තියෙන්නේ ප්‍රවීන මාධ්‍යවේදී මානි මහතාට ජන හද ගැහෙන රාවය ඇහෙන්නේ හොරට වීම. අවුරුදු විසිපහේ ගේම හයෙන් ඉවර කල ප්‍රෞඩ සමාජයක් අපි.






ප.ලි: මේ  ගැන  මුහුනුපොතේ  කෙරෙන  කතා බහත්  එකතු කරලා  පොඩි  නෝට්  එකක්  ලියන්නේ  කීප  දෙනෙක් ප්‍රශ්න කල නිසා. මෙම පොස්ටුවේ  විවේචනයට ලක්වෙන  පිරිස  මාර  ආකර්ශනීය  හොඳ  කතා  කියන  නිසා සමහරු  ආසයිලු  එයාලට. ඇයි  අහනවා  අපි  මෙහෙම  කියන්නේ.

මේ කතාවට දිග ඉතිහාසයක් තියෙනවා. හුදෙක්  කටවචනයේ  ආකර්ෂණයට  රැවටෙන  එක  ඒ  ඒ  අයගේ  වැඩක්.  හැබැයි  මේ පිරිස්  දශක  ගානක  දේශපාලන ඉතිහාසයක  තමන්ගේ  යටි  අරමුණු  වෙනුවෙන්  විවිධාකාරයෙන්  කැපවුණු  අය.  2001  කාලේ  ටීවී  එකේ  ඇවිදින්  දෙමලාගේ  හමුදාවට මිනි  මරන්න  ඇති  අයිතිය  ගැන පෙනී  උන්නු  අය. 
කිසිම මිනිහෙක් මැරිලා ඉපදිලා නැහැ. ඔක්කොම ඉන්නේ විවිධ මුහුණුවරින් තම තමන්ගේ සැලසුමට වැඩ කරමින්. 

2001 සාමකතා කාලේ ලස්සන සිංහල පත්තරයක් තිබ්බ දකුණේ. ඒකෙ සාමය ගැන සුන්දර කතා තිබ්බා. උතුරු දකුණු සහෝදරත්වය ගැන කතා තිබ්බා. දෙමලයි අපියි එකට හිනාවෙන දවස ගැන සිහින තිබ්බා. ඒ තරම් ඔය මාතෘකාව ගැන ලස්සනම කරුණු තියෙන මට එකඟ වෙන්න පුලුවන් පත්තරයක් දැකලා නැහැ මම. පත්තරේ නමත් ලස්සනයි දේදුන්න.

දන්නවද ගැහුවේ කවුද කියලා. කොටි සංවිධානය. එයාලා දකුණට ඒ සුන්දර සිහින විකිනුවට උතුරට වික්කේ වෛරය. ලේ පලිය. මරාගෙන මැරෙන හැටි. සයනයිඩ් හා සුයිසයිඩ් කිට්ස්.

ඔහොමයි වැඩ සිද්දවෙන්නේ.

දැන් මේ මොහොතේ ඔය කියන සහෝදරත්වයේ දිනය ඇයි සමරන්න බැරි මුල්ලිවයික්කාල් වල. හෝ උතුරේ තැනක. දෙමල ජනය එක්ක. දෙමල දේශපාලකයින් එක්ක. ඇයි එහෙ කට්ටිය එයාලගේ මැරිච්ච සෙබළු වෙනුවෙන් "මහවිරු" සැමරුමක් කරන්නේ? ඇයි එයාල හැගීම්බර කතා කරන්නේ දෙමලාගේ නැතිවූ නිජබිමේ අයිතිය ගැන.

 මේ  දකුණු සැමරුම ඒ උතුරු සැමරුමෙන් ස්වායත්ත නැහැ. ඒ දෙක එකම වැඩසටහනක් කොටස් දෙකක්. හරියටම දේදුන්න පත්තරේ වගේ.

ඉතින් කිසිවක් නොවුනා වගේ තොත්ත බබාවෙලා පෝස්ටරයක සුන්දරත්වය එක්ක ඔවුන් සමග ප්‍රේම කිරීම ඔබට බාරයි. අපිට ඒ කට්ටියත් එක්ක කතාවක් තියෙන නිසා අපි කතා කරන්නේ. ඒ  කතාවට  දිගු  ඉතිහාසයක්  තියෙනවා.




13 comments:

  1. උබ මේ කතා කරන්නේ කොහේ තිබුණු යුද්දයක් ගැනද?

    ReplyDelete
    Replies
    1. ඒක තම අ මාත් කල්පනා කලේ.

      දැන් මේ කට්ටියක් කියනවා යුද්ධයේ ජයග්‍රහණයක් නැහැ කියලා. ඒ ගමන්ම කියනවා අ ජයග්‍රහණය හිමි වන්නේ සෙබලාට නොවේ කියලා. ජයග්‍රහණයක් නැත්නම් කාටහරි හිමිවන්නේ කොහොමද? ඒ වගේම යුද්ධයක් නැතුව යුද්ධයට ජයග්‍රහණයක් තියෙනවා අ වෙන්න බැරිද?

      සොරි එක ටිකක් ටපලෙන අවස්තාවක්.

      ඇත්තෙන්ම ලංකාවේ යුද්ධයක් තිබ්බද ?

      Delete
  2. මානිගෙන් අහන්න බැරි නිසා සුජීවගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. පෙර රජ දවස ස්කොට්ලන්ත බෙදුම් වාදීන්, බ්‍රේව් හාට් ෆිල්ම් එකේ පෙන්නන තරම් පීඩනයට පත් හා ඒ නිසා කුරිරු සටන් කාමීන් වූ අයද, එහෙම නැත්තම් දැන් මේ එල්ටීටීය ඇති වුනා වගෙ තත්වයක් තුල බිහිවූ කුරිරු ත්‍රස්තවාදීන්ද කියල අපි දන්නෙ නෑ. උන් සෙට් එක එල්ටීටීයට හපන් වෙන්න පුලුවන්. දැන් ඊට අවුරුදු සිය ගානකට පස්සෙ ඒකීය බ්‍රිතාන්‍යක් තුල "බ්‍රෙව් හාට්" ෆිල්ම් එක පෙන්නනවා. ලන්ඩන් වල ඉන්න ස්කොට් ජාතිකයොත් ඉන්ග්‍රීසි ජාතිකයොත් දෙගොල්ලොම හොටු පෙරාගෙන අඬමින් බ්‍රෙව් හාට් ෆිල්ම් එකේ සංවේදී අවසානය එකට නරඹනවා. දැන් මේ මානි (හා සුජීව ) කියන්නෙ බැරිවෙලාවත් අන්න එහෙම තත්වයක් ඇතිවීම වැලක්වීම සඳහා අපි මේවා ඔක්කොම ගානට නූලට මතක තියාගෙන අවුරුද්දක් ගානෙ මතක් කරමින් පවත්වාගත යුතුයි කියලද?

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ ආකාරයෙන්ම උතුරු අයර්ලන්තයේ සටන් වදින කතෝලික ත්‍රස්ත කල්ලියක "වීර ක්‍රියා" ඒ එංගලන්තේ පෙන්නන්න බැරි මොකද

      එහෙමත් නැතිනම් ඔසාම නම් වීරයා ගැන ඇමරිකාවේ ෆිල්ම් එකක් හදන්න අපහසු ඇයි කියලත් ගලපා ගත්තනම් වෙනස තේරෙයි නේද?

      Delete
    2. ගලප ගන්න දෙයක් නෑ. බ්‍රෙව් හාට් සීන් එක වෙලා අවුරුදු සියගානක් ගිහිල්ලා. අනෙක් සීන් මේ ලඟකදි වෙච්ච ඒවා. ඔසාමාගෙ කතාව වෙනස් නිසා ඒක හලන්න. ඔසාමා ඇමෙරිකාවට අයිති කෑල්ලක වෙනම රාජ්‍යයක් ඉල්ලුවෙ නෑනේ. අයර්ලන්ත සීන් එක ගැන දැනටමත් ඊට වඩා පුලුල් කියැවීමක් ඇතිවෙලා තියෙනවා. තව අවුරුදු විස්සකින් තිහකින් 'බ්‍රේව් අයර්ලන්ඩ් හාට්' ගැන ෆිල්ම් හැදෙන්නත් පුලුවන් ඒවා එංගලන්තෙ පෙන්නනත් පුලුවන් වෙයි....... හරි, බැරි උනයි කියමුකෝ? සුජීව කියන්නෙ එහෙම බැරිවෙන එකද හොඳ පුලුවන් වෙන එකද?

      Delete
  3. එකක් නං බුදු ෂුවර්! මානිගෙ පුතා නෙවේ මුනුපුරාගෙ කාලෙදිවත් සිංහල දෙමල සමගියක් නං ඇති නොවෙන බව.

    ReplyDelete
    Replies
    1. මුන් දෙගොල්ලෝ එකතු කරන එක කරන්න බැහැ. බැරි ඇයි කියල දන්නවද? එකතු කරන එකේ සබ් කන්ට්‍රක්ට් එක හැමදාම ගන්නේ යටින් ඉඳගෙන බෙදා විසුරුවන එකාලා. ඉතින්කොහොමද එකතු කරන්නේ

      Delete
  4. නිහතමානි මහත්තයා හිතන් ඉන්න තරම් මන්දගාමී ජාතියක් නෙමෙයි අපි!

    ReplyDelete
    Replies
    1. මානි මහත්තයගේ පුතාට මොකට දෙන්නද මානි මහත්තයටම මේක දෙන්න පුළුවන්

      Delete
  5. ප.ලි: මේ ගැන මුහුනුපොතේ කෙරෙන කතා බහත් එකතු කරලා පොඩි නෝට් එකක් ලියන්නේ කීප දෙනෙක් ප්‍රශ්න කල නිසා. මෙම පොස්ටුවේ විවේචනයට ලක්වෙන පිරිස මාර ආකර්ශනීය හොඳ කතා කියන නිසා සමහරු ආසයිලු එයාලට. ඇයි අහනවා අපි මෙහෙම කියන්නේ.

    මේ කතාවට දිග ඉතිහාසයක් තියෙනවා. හුදෙක් කටවචනයේ ආකර්ෂණයට රැවටෙන එක ඒ ඒ අයගේ වැඩක්. හැබැයි මේ පිරිස් දශක ගානක දේශපාලන ඉතිහාසයක තමන්ගේ යටි අරමුණු වෙනුවෙන් විවිධාකාරයෙන් කැපවුණු අය. 2001 කාලේ ටීවී එකේ ඇවිදින් දෙමලාගේ හමුදාවට මිනි මරන්න ඇති අයිතිය ගැන පෙනී උන්නු අය. කිසිම මිනිහෙක් මැරිලා ඉපදිලා නැහැ. ඔක්කොම ඉන්නේ විවිධ මුහුණුවරින් තම තමන්ගේ සැලසුමට වැඩ කරමින්.

    2001 සාමකතා කාලේ ලස්සන සිංහල පත්තරයක් තිබ්බ දකුණේ. ඒකෙ සාමය ගැන සුන්දර කතා තිබ්බා. උතුරු දකුණු සහෝදරත්වය ගැන කතා තිබ්බා. දෙමලයි අපියි එකට හිනාවෙන දවස ගැන සිහින තිබ්බා. ඒ තරම් ඔය මාතෘකාව ගැන ලස්සනම කරුණු තියෙන මට එකඟ වෙන්න පුලුවන් පත්තරයක් දැකලා නැහැ මම. පත්තරේ නමත් ලස්සනයි දේදුන්න.

    දන්නවද ගැහුවේ කවුද කියලා. කොටි සංවිධානය. එයාලා දකුණට ඒ සුන්දර සිහින විකිනුවටඋතුරට වික්කේ වෛරය. ලේ පලිය. මරාගෙන මැරෙන හැටි. සයනයිඩ් හා සුයිසයිඩ් කිට්ස්.

    ඔහොමයි වැඩ සිද්දවෙන්නේ.

    දැන් මේ මොහොතේ ඔය කියන සහෝදරත්වයේ දිනය ඇයි සමරන්න බැරි මුල්ලිවයික්කාල් වල. හෝ උතුරේ තැනක. දෙමල ජනය එක්ක. දෙමල දේශපාලකයින් එක්ක. ඇයි එහෙ කට්ටිය එයාලගේ මැරිච්ච සෙබළු වනුවෙන් "මහවිරු" සැමරුමක් කරන්නේ? ඇයි එයාල හැගීම්බර කතා කරන්නේ දෙමලාගේ නැතිවූ නිජබිමේ අයිතිය ගැන.

    මේ දකුණු සැමරුම ඒ උතුරු සැමරුමෙන් ස්වායත්ත නැහැ. ඒ දෙක එකම වැඩසටහනක් කොටස් දෙකක්. හරියටම දේදුන්න පත්තරේ වගේ.

    ඉතින් කිසිවක් නොවුනා වගේ තොත්ත බබාවෙලා පෝස්ටරයක සුන්දරත්වය එක්ක ඔවුන් සමග ප්‍රේම කිරීම ඔබට බාරයි. අපිට ඒ කට්ටියත් එක්ක කතාවක් තියෙන නිසා අපි කතා කරන්නේ. ඒ කතාවට දිගු ඉතිහාසයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //දන්නවද ගැහුවේ කවුද කියලා. කොටි සංවිධානය. එයාලා දකුණට ඒ සුන්දර සිහින විකිනුවටඋතුරට වික්කේ වෛරය. ලේ පලිය. මරාගෙන මැරෙන හැටි. සයනයිඩ් හා සුයිසයිඩ් කිට්ස්.///

      මේක ඇත්ත - හැබැයි මේව විකුණන්න උත්ප්‍රේරක වුනේ නේපාම් ප්‍රහාර , සාමාණ්‍ය වැසියන් ඝාතනය කිරීම්, ස්ත්‍රී දූෂන වගේ දේවලුත් බලපෑව බව අපි අමතක කරන්න හොඳ නෑ -
      හැබැයි එහෙම කියල කොටි කරපු දේ සාධාරණය වෙන්නෙත් නෑ
      ඒත් යුද්ධයෙන් පසු ට්‍රයම්ෆලිස්ම් එකෙන් එහාට බලන්න පුළුවන් කමක් තිබුන නම් හොඳයි මම හිතන්නේ
      යුද්ධය නිමා වීමේ සැහැල්ලුව හා ඊට දායක වූ මිනිසුන් (හමුදාවන්) , ඒ නිසා මිය ගිය අය දේශපාලනික නොව මානුෂික අර්ථයෙන් සැමරීමේ වරදකුත් නෑ ( හැබැයි ඒක පිට දාලා සිංහල ජාතිකවාදී හරි ‍දෙමළ බෙදුම්වාදී හරි ව්‍යාපෘති පටන් ගන්න එකයි වැරැද්ද) 

      - ලක්ෂාන්

      Delete
    2. එකඟයි ලක්ෂාන්. යුද්ධයේ සමාප්තියේ කිරිබත් කාපු කෑම ගැන මට තිබ්බ විවේචන කොහේදී හරි කතාවෙන්න ඇති කියා හිතනවා. ඒ වෙලාවේ ඒ බ්ලොක් එකේ සිට එකපාරට අංශක 180 හැරුනම මිනිස්සු මට තර්ජන පවා කළා. ඒත් දහස් ගානක් මරාගෙන ඉවර වුනු යුද්ධය අවසානේ බලෙන්ම මිනිසුන්ට කිරිබත් කවන එක අවලම් වැඩක්. විශේෂයෙන්ම දමිළයන්ට බලෙන් කිරිබත් කැවීම.

      යුද්ධයේ සමාප්තිය සැමරීම ගැනත් කියන්න තියෙන්නේ එහෙම දෙයක්. එක සැමරිය යුතුයි, හැබැයි තොපිට අපි ඇරපු දවස ලෙස නොවේ.

      යුද්ධයෙන් මියගිය හමුදා සෙබළු සැමරීම ගැන විවාදයක් නැහැ කියා හිතෙන නිසා ඊගාව කොටස වන මියගිය කොටි සැමරුම ගැන කතා කළොත් ; මම කොහෙත්ම විරුද්ධ නැහැ ඔවුන් සමරනවාට. හැබැයි එය ඒ පවුල්වල අය කොහොමත් කරනවා. ගැටලුව ඒ සැමරුම දේශපාලනික අර්ථයකින් එලියට ගන්න එකට. මේ ලියමනේ ප්‍රස්තූතයට ආවොත් තුන්සිය හැට හතර දවසක් දෙමල බෙදුම්වාදෙට කඩේ යන එවුන් එදා බොරු සහෝදරත්වයක් සමරන එකට. එහි අරමුණ අර කට්ටිය සමරන මුවාවෙන් ඒ දේශපාලනය නැවත ඇවිස්සීම.

      එහි ඉන්වර්ස් එකත් වලංගුයි සිංහල අන්තවාදයට. පෙර කී ලෙසම මේ සැමරුමෙන් උන්ගේ ස්වෝත්තමවාදී නරුම ආතල් හෙවත් තොපිට අපි ඇරපු දවසේ ආතල් එක ගණන් දෙනවා නම් වැරදියි. සමරන්නේ යුද්ධයේ සමාප්තිය වෙන්න ඕනේ. එහි වාසිය යහපත හැමෝටම උරුමයි. සමරන්න ඕනේ අන්න ඒක.

      Delete
  6. සින්හලයෝ දෙමලු මේ මිනී මරා ගත්තේ එකම එක අරමුනක් සඳහා....

    ඒ අරමුන නම්: පොන්සේකට තරු පහ සමග ඔහු ගේ බාර්යාවටරනවිරු සේවා අදිකාරියෙ මුල් පුටුව ලබාදීමයි

    ReplyDelete