Friday, June 6, 2014

ගූගල් සහ කළුගල්

ශ්‍රී ලංකා රජය කළ  කිසියම්  නොමනා ඉල්ලීමක්  නිසා  ගූගල් සමාගම ලංකාවට  ගෙනා  කලාපිය  දත්ත  මධ්‍යස්ථානයක ආයෝජන  අවස්ථාවක් අහිමි  වූ බව ආණ්ඩු විරෝධී මාධ්‍ය හෙළි කල අතර ඒ බව විශ්වාස නැති නිසා කතා කලේ නැත. එහෙත් දැන් ආණ්ඩුවට කඩේ යන පිරිස ගූගල් වගේ සමාගම් මොකට ගෙන්න ගන්නවද කියා මිදී තිත්ත බව කියන්නට පටන් ගත් නිසා කතාව සත්‍ය යයි සිතන්නමු.

ඒ නිසාම වෙනත් සමූහයක පලකල අදහසක් නැවත මෙහි පළකරන්නට සිත් විය.

වරක් එක්තරා දේශපාලකයෙකුට ගුවන් තොටුපලකදී විදේශ ධන කුවේරයකු හමු වූ විටෙක දේශපාලකයා කරන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් නිසා එම ධන කුවේරයාගේ සමාගමේ පළමු විදේශීය ශාඛාව දේශපාලකයාගේ ප්‍රධාන නගරයේ ස්ථාපනය විය.

මේ දේශපාලකයා චන්ද්‍රබාබු නායිදු. හයිදරාබාදය මත ඉදිවන ඉන්දීය තොරතුරු තාක්ෂණ අධිරාජ්‍යයේ නියමුවා. ධන කුවේරයා බිල් ගේට්ස්.

බාබු ගේට්ස් හම්බු වුනේ 1997. මේ දෙවැනි හමුව 1998මේ සියල්ලට මුල වෙන්නේ හදිසියේ ගේට්ස් ව දැකලා බාබු හදන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකයි.

1995 දී ආන්ද්‍ර ප්‍රදේශ් කියන කෘෂිකාර්මික පසුගාමී ප්‍රාන්තයේ බාබු බලයට ඇවිත් සර්වේ එකක් කලාම දැක්කලු මුළු ප්රාන්තෙටම තියෙන්නේ කම්පියුටර් අසු දාහයි කියලා. මේ කෝටි අටක ජනගහනයකට. බාබු මේ ගැන ලජ්ජා වුනාලු.

ඒ අතරේ තමා බාබුට ගේට්ස් අහම්බෙන් හමු වන්නේ 97 දී. ගේට්ස් පිස්සු වැටෙන්නේ ආන්ද්රයේ ඇති කෙහෙම්මලකට නොවේ. එත් චීෆ් මිනිස්ටර්ගේ පරිගණක උනන්දුව හා ගේට්ස් වෙනුවෙන් දුන්නු කාලය ගැන. ඒ නිසා තමයි මයික්‍රොසොෆ්ට් වල පළමු පිටස්තර ශාඛාව හයිදරාබාදයට දෙන්නේ. එතනින් පටන් ගත්තු රැල්ල තමා හයිදරාබාදය ලෝකයේ අයි ටී හබ් එක දක්වා ගෙනගියේ. පහුගිය කාලේ ඇමරිකාව ආදී රටවල රැකියා හිඟයට පවා හයිදරාබාදය හේතුවක් කියා කියනවා. ඒ කාලේ ඉන්දියාවේ නොම්මර එකේ මිනිහා බාබු. ක්ලින්ටන් බ්ලෙයාර් වගේ මිනිස්සුත් ආවලු බාබු හම්බුවෙන්න. ලොව පුරා සම්මාන රාශියක් දින්නා වගේම නායිදු දිනය කියා දිනයක් පවා ඇමරිකාවේ සැමරුවා. නායිදු මොඩලය කියා ආර්ථික මොඩලයක් පවා තියෙනවා. බාබු තමන්ව හඳුන්වා ගත්තේ ආන්ද්රයේ මහා ඇමති ලෙස නොවේ. සයිබරාබාද් [cyber + hyderabad] සමාගමේ සී ඊ ඕ ලෙස.

මේ කතාවෙන් ගන්න තියෙන හරය මොකද්ද?


මේ බාබුලා තමා බටහිරට කත් අදින බටහිර සමාගම් වල ලාභ බැලන්ස් කරලා දෙන කාලකන්නි. ඕකුන් වගේ ද අපේ රත්තරන් දේශපාලකයෝ. ගූගල් ආවා ආපහු ගියා. අපි සැලෙයිද? අපි කළුගල් වගේ. හැමදාම එකතැන.

ප.ලි.

පනහ හැට දශක වල අප සංසන්දනය වුනේ ජපානයටය. හැටේ දශකයේ සිංගප්පුරුව අපේ තැනට එන එක ඉලක්කයක් කර ගත්හ. ඊට පසු සිංගප්පුරුව, මැලේසියාව, එවකට "කොරියාවක් බඳු" කොරියාව, චීනය හා ඉන්දියාව පවා අප ඉක්මවා ගොසිනි. තායිලන්තය වියට්නාමය මේ ලිස්ට් එකට ළඟදී එකතු විය. ඒ අතර අප්‍රිකාවේ උගන්ඩාව ඉතියෝපියාව ආසියාවේ බංග්ලාදේශය බුරුමය වගේ මානව ඛේදවාචක වූ දේශයන් පවා ක්‍රමයෙන් අප දිහාට එමින් සිටිති.

අපි මේ අය පෙරට ඇදෙන මාර්ගය අයිනේ පොඩි අම්බලමක් හදාන ඒකෙ කුලල් කා ගනිමින් පගා ගහමින්, බටහිරයාට අම්ම මතක් කර බනිමින්, බනින්නට අවැසි තරම් තිතට මත්වෙමින් ඔන්න ඔහේ සිටිමු. අපි හෙන කළුගල්ය. නොසැලෙමු. නොදුවමු. අව්වට වැස්සට වේලි වේලි තපින්නෙමු

5 comments:

  1. ඕවා මේ අඬුව විතරක් කරන ඒවා කියලා හිතන්න එපා. ඔය ඉන්දියාවේ තියෙන කෝලීන් සෙන්ටර්ස්. ඩේඩා කොන්ට්‍රෝල් සෙන්ටර්ස් ඉස්සෙල්ලාම ඉන්වෙස්ට් කරන්න ආවේ මෙහේ. ඒ තරම් කාළකන්නි ඉන්න රටක් මේක. අම්මගේ දේශප්‍රේමේ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පනහ හැට දශක වල අප සංසන්දනය වුනේ ජපානයටය. හැටේ දශකයේ සිංගප්පුරුව අපේ තැනට එන එක ඉලක්කයක් කර ගත්හ. ඊට පසු සිංගප්පුරුව මැලේසියාව, එවකට "කොරියාවක් බඳු" කොරියාව, චීනය හා ඉන්දියාව පවා අප ඉක්මවා ගොසිනි. තායිලන්තය වියට්නාමය මේ ලිස්ට් එකට ළඟදී එකතු විය. ඒ අතර අප්‍රිකාවේ උගන්ඩාව ඉතියෝපියාව ආසියාවේ බංග්ලාදේශය බුරුමය වගේ මානව ඛේදවාචක වූ දේශයන් පවා ක්‍රමයෙන් අපි දිහාට එමින් සිටිති.

      අපි මේ අය පෙරට ඇදෙන මාර්ගය අයිනේ පොඩි අම්බලමක් හදාන ඒකෙ කුලල් කා ගනිමින් පගා ගහමින්, බටහිරයාට අම්ම මතක් කර බනිමින්, බනින්නට අවැසි තරම් තිතට මත්වෙමින් ඔන්න ඔහේ සිටිමු. අපි හෙන කළුගල්ය නොසැලෙමු. නොදුවමු. අව්වට වැස්සට වේලි වේලි තපින්නෙමු

      Delete
  2. සචිත්‍රගේ ක්‍රිකට් ප්‍රශ්නය හරහා බ්ලොග් ලියන සාමාන්‍ය ජනතාවගේ ද 'බටහිර අපිට කෙලවන්න එන සැටි සහ අපේ කොල්ලෝ නොසැලී සුද්දන්ට දුවන්න දීම' ගැන යම් අදහසක් ගත හැකිය. අපිට කෙලින්න එන සුදු රටවල් සමග ක්‍රිකට් ගැසීමෙන් වැලකුණොත්, අපේ ක්‍රීඩකයන් කිසිම ප්‍රශ්නයක් නැතුව ලෝක පූජිත වන්නෝය.

    ReplyDelete
  3. අප මුලින්ම වැරදි දෙකකින් අත්මිදිය යුතුය.එකක් නම් අප ගැන මහන්තත්තකමක් ඇතිකර ගැනීමයි.ඇත්තටම එහෙම දෙයකට අපට සුදුසුකම් නැත.අප අපගේ පුංචි බව වටහා ගතහොත් එය අනාගතයට හොඳය.
    අනෙක නම් අතීතකාමයයි.අතීතය යනු ජනතාව වහලුන් සේ තබාගත් වැඩවසම් රජුන්ගේ හා රදලයන්ගේ කතාවයි.අපේ මුතුන් මිත්තන් ගේ දීන අතීතය අපට මහමෙරක් වීම කණගාටුවකි.
    අපට ඉදිරියට යාමට අවශ්‍ය නම් අප ලැජ්ජා විය යුතු අතීතයෙන් මෑත් විය යුතුය

    ReplyDelete