Friday, February 7, 2014

ගුරු ගෝල කතා - සාපරාධි ෆේස් බුක් එකවුන්ට්ස්

පාසල් දැරියකගේ ෆේස් බුක් එකවුන්ට් එකක් [සහ ප්‍රේම සම්බන්ධයක්] ගැන විදුහල්පතිවරයෙක් ප්‍රසිද්ධියේ කුණුහරුපෙන් බැනවැදුණු නිසා දැරිය සියදිවි නහගනී. අදාල විදුහල්පතිට කේලම පවසා ඇත්තේ ගුරුවරියකි. බොහෝ විට විදුහල්පති ගුරුවරිය කියූ දේ ඇසුවායින් එහාට මේ ගැන කිසිම පරීක්ෂණයක් කරන්නට නැතුවා වන්නට පිළිවන.

මේ අපට අසන්නට ලැබුණු කතාවයි. කතාවේ පසුබිමේ අප නොදන්නා දේවල් තිබිය හැකි නමුත් අදාළ ගුරුවරුන් දෙදෙනා බරපතල වරදක් කල බව නම් ස්ථිරය. විශේෂයෙන්ම විදුහල්පති ගුරු බකමූණා ගේ වනචාරී ක්‍රියාකලාපය කෙසේවත් සාධාරණ කල නොහැකිය. මේ කතාව අදාළ කෙල්ලගේ පිට දමා "අපේ අවලම් කම" හෙවත් අපේ කම කියා හිතාගෙන ඉන්න එකේ ජාමේ බේරාගන්නට මේ මොහොතේ එහි බහිරවයින් ක්‍රියාත්මක වන බව පෙනේ. 


පාසල් දැරියක් නිල ඇඳුම කොටට ඇඳපු නිසා ප්‍රසිද්ධියේ වාටි කපපු කතාව මතක ඇතැයි සිතමි. එදා එතන දේශපාලන මැරයෙකු වූ දැරියගේ පියා කලාක් මෙන් මේ මෝඩ පිනාව ඒ ස්ටේජ් එක උඩටම නංවා පොන්නයා කියා බනින්නට දැරියගේ පියා දේශපාලන මැරයෙක් නොවීම කනගාටුවට කරුණකි. මේ වගේ ගුරු බකමූණන් විසින් බිහි කරන සමාජය අර දේශපාලන මැරයා සේ වියයුතුය. නොගලපෙන අයට පැවැත්මක් නැත.

ප්‍රධාන මාතෘකාව ඔතනම තබා අතුරු මාතෘකා කතා කරමු. ප්‍රධාන මාතෘකාව [හෙවත් කාලකන්නි පිනාට දඬුවම් කිරීම] තාවකාලික වන අතර අතුරු කතා දීර්ඝ කාලිනය.

- ලංකාවේ බොහෝ දෙනෙකු මුහුණු පොත යනු කවරක්දැයි නොදනිති. කෙල්ලට අම්බානට අප්සෙට් ගිය බවක් පෙනෙන්නේ තමන් නොදැමූ පින්තුර වලට‍ බැනුම් අහන්නට වීමයි [ලිපියේ එහෙම කියා ඇත]. එය සාධාරණ කනගාටුවකි. වරදකට දඬුවම් කරන්නා වරදෙහි ස්වභාවය ගැන දැනසිටිය යුතුය. මේක මේ වගේ සිද්ධි බොහොමයකට හේතු විය හැකිය. ගුරුවරුන්ට හමුදා පුහුණුව දීමට වඩා ගුරුවරුන්ට බේසික් අයි ටී යුසේජ් ගැන කියාදීම කාලින මාතෘකාවකි.

- ලංකාවේ පාසල් ළමයින් අතර හුවමාරුවෙන ෆෝන් එක හා අන්තර්ජාල ක්‍රියාකාරකම් ගැන පාසල් ගුරුන් දක්වන්නේ පුදුම අවුලකි. ෆෝන් එකක හුටප්පරෙකට කොළඹ පාසලක ගුරුවරුන්  කෙල්ලක් බියගන්වා ඇය පාසලේදීම ගෙල වැල දා ගත් කතාවක් මීට පෙර අසන්නට ලැබුණි. මීට හේතුව සරල වනචාරි කමයි. හැටේ දශකයේ දරුවන් බයිසිකල් පදින විට දෙමව්පියන් එය නසරානි වැඩක් සේ සලකා දඬුවම් කල බව අසා තිබේ. හෙන ඉස්සර කාලේ සුද්දගේ රේල් පාරේ කෝච්චි දුවන විට ඒවා මහා නරක දේවල් කියා බිය වී ගම්වැසියන් වන වැදුණු බවද අසාතිබේ. තමන් ඉන්නා යුගයට මේ යල්පැනගිය ගුරුන් යාවත්කාලින කිරීම දෙවන කාරණයයි.

- දරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් කිරීමේ වරද අපි කුරුණෑගල දිහාවේ නිල ඇඳුමේ වාටි කපාපු කේස් එක වෙලාවේ ද කතා කළෙමු. නැවත ඉස්මතු කරන්නට ඇත්තේ මේ වනචාරි දඬුවම් ක්‍රමයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් පිළියම් යෙදිය යුතු බවයි.

- ගුරාගේ හැසිරීමෙහි දක්නට ඇත්තේ සමාජ විරෝධි මානසික ආතතියකින් පෙලෙන මනුස්සයෙකුගේ හැසිරීමකි. මෙහෙම වීමට මිනිසුන්ට සැහෙන හේතු ඇත. ලංකාවේ පාසල් වල තමන්ගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න නිසා ලමයින්ගෙන් පලිගහන සහ ඇතැම්විට බීමත්ව පැමිණෙන ගුරුහු සිටිති. මෙය තවත් ගැටලුවකි.

- සිසුවියගේ ලිපිය කියවූ විට එහි මූලික කරුණු දෙකක් පෙනුනි. පලමු වන්න නම් හොඳ ළමයා කියන අයිඩලය මේ දරුවන්ගේ සිත් වලට කෙතරම් නරක බලපෑමක් කරන බවයි. අයිඩියලිස්ටික් රාමුවක් දරුවන්ට බලෙන් එබ්බීමෙන් එම රාමුවෙන් අපගමනය වන තැනදී දරුවා මානසික ආතතියකට ලක්වේ. සිද්ධිය තුල එහෙම ගතියක් මට පෙනේ.

- දෙවැන්න නම් පාසල් මව කියන මල කෝලම මේ ළමයින්ට කෙතරම් බලපාන බවයි. ලංකාවේ සියලු පාසල් තමන් පාසල් මවක් ලෙස දරුවන්ගේ සිතට කාවද්දයි. එම හරහා බාහිර ක්‍රියාකාරකම් වලට හැකිතාක් පිරිස අද්දවා ගනියි. මේ දැරියත් එවන්නියකි. එහෙම කෙනෙකුට පාසල තුල මෙවැනි කෙනෙහිල්ලක් සිදුවීම දරාගන්නට අමාරුය. මේ වගේ කෙනෙහිලි අප බොහෝ දෙනෙකුට සිදු වුවද මෙතරම් මානසිකව නොවැටෙන්නේ අම්මා පටලාගෙන නැති නිසාවෙනි. පාසලට ගරු කිරීම හා බැඳීමක් තිබීම යහපත් වන නමුත් පාසලේ කෙහෙම්මල් වලින් දිවි නහ ගන්නට උවමනා නැත.

- අනික් වැදගත් කාරණය නම් ගැහැණු දරුවන් මල් මෙන් හදන කාලය අහවර කලයුතු බවයි. වේසි කිව්වම පරවෙන සුමට මල් වෙනුවට පල පොන්නයෝ යන්න කියා අනිත් පැත්තට කියන රළු පරළු කෙල්ලන් අවශ්‍යය. මෙතනත් අපි ඉන්නේ අතීත යුගයක සිරවෙලාය. වර්තමාන ලෝකයේ ඔය මල් ප්‍රභේද වලට අවශ්‍ය පාරිසරික තත්වයන් නොමැත. පාරේ යනකොට වේසි කියා කියන එක බොහෝ විට හෙට දිනයේ සාමාන්‍ය දෙයක් වනු ඇත.

12 comments:

  1. ඕනවට වඩා හැඳි ගාන්නට ගොස් හොද්ද ඉහිරිම වගේ වැඩක් .

    ReplyDelete
    Replies
    1. හොද්ද හැඳි ගානවද නැතිනම් හැඳි ගාන්න කම්මැලි කමට හොදි හට්ටියට පයින් ගහලද?

      "හැඳි නොගා හදන හොද්දයි ගහන්නේ නැතුව හදන දරුවායි ඒක වගේ" කියන කියමන යල්පැනගිය නිසා "හැඳි නොගා හදන හොද්දයි දඬුවමක් නැතුව හදන දරුවායි ඒක වගේ" කියා ඒක යාවත්කාලින කරගෙන නේද? මම හිතන්නේ හොදි හන්දිගාන කතාව මීට අදාළ වන්නේ නැහැ. විදුහල්පති කල දෙයක් දඬුවමක් නොවේ. පලිගැනීමක්.

      Delete
  2. අපේ වැඩිහිටි පරම්පරාවෙ සමහරු ෆේස්බුක් කියන වචනෙ කියනවා ඇහුණත් බලන්නෙ වපර ඇහෙන්.එවන් තත්වයක් මත මෙවන් සිදුවීම් ඇතිවීම වැළැක්විය නොහැකියි.නමුත් ඔය කියන දැරියත් සුදු චරිතයක් නොවන බව පෙණුනා.එසේම සියල්ලෝම ගුරුවරු,විදුහල්පතිවරුන්ගේ අපහාස හමුවේ සිය දිවි නසා ගත්තේ නම් මේ ලෝකෙ ජනගහනයෙන් සෑහෙන ප්‍රතිශතයක් මේ වෙනකොට නෑ.

    ReplyDelete
    Replies
    1. දැරිය ගැන දකින්න ලැබුණු සාධක හා මුහුණු පොත් පිටුවෙන් නම් මහා වරදක් පෙනෙන්න නැහැ. ඒත් මෙතන විදුහල්පති කරපු දෙය සරල අපහාසයක් නොවේ. ඒක ඒ මට්ටම ඉක්මවා යන්නක් නොවේද? ඒක පලිගැනීමක් වගෙයි මට තේරෙන්නේ

      Delete
  3. //වේසි කිව්වම පරවෙන සුමට මල් වෙනුවට පල පොන්නයෝ යන්න කියා අනිත් පැත්තට කියන රළු පරළු කෙල්ලන් අවශ්‍යය.//

    හරියටම හරි අම්මල තාත්තල චෝයිම චෝයිම චෝයි බබාල හන්ඩ යන එක තමයි මෙතන තියන අවුල

    ReplyDelete
    Replies
    1. කෙල්ලගේ පවුල් පසුබිමේ මීට වඩා ගැටළු තියෙන බවක් පසුව දැනගන්න ලැබුනා. ඔන්න ඕකයි කියන්නේ කෙනෙකු සරල විදිහට දකින දෙයක් තවකෙක් ට බරපතල අවුලක් විය හැකියි. ලෝකේ ඉන්න ඔක්කොම එකම මානසික මට්ටමක නැහැ.

      එත් ඒ හැමෝටම ලෝකේ ජීවත් වෙන්න නිදහස අවශ්‍යයි. හිංසනයෙන් තොරව. විදුහල්පති ගේ හැසිරීම ගැටලුවේ කේන්ද්‍රය බවට පත්වෙන්නේ එතනින්. මට පෙනෙන අවුල ඔහු මේ දැරියට කල හිංසනය. එය දඬුවමක් කියන වචනයට වත් සුදුසු නැහැ

      Delete
  4. //අනික් වැදගත් කාරණය නම් ගැහැණු දරුවන් මල් මෙන් හදන කාලය අහවර කලයුතු බවයි. වේසි කිව්වම පරවෙන සුමට මල් වෙනුවට පල පොන්නයෝ යන්න කියා අනිත් පැත්තට කියන රළු පරළු කෙල්ලන් අවශ්‍යය. මෙතනත් අපි ඉන්නේ අතීත යුගයක සිරවෙලාය. වර්තමාන ලෝකයේ ඔය මල් ප්‍රභේද වලට අවශ්‍ය පාරිසරික තත්වයන් නොමැත. පාරේ යනකොට වේසි කියා කියන එක බොහෝ විට හෙට දිනයේ සාමාන්‍ය දෙයක් වනු ඇත.//

    මේ ටික ඇති වෙන මක්කත් ඕන නෑ..

    ඉන්දික උපශාන්ත කියලා මේ පැත්තේ ආවේ.. අනාරාධිතවම සින්ඩියේ එල්ලුවා.. දිගටම ලියපන්.. මේ නම මට හොඳට හුරුයි..

    ReplyDelete
    Replies
    1. ඔය ටික මම හිතන්නේ නිකම් පොදු අදහසක් පමණයි.පාසල් අධ්‍යාපනය තුල ඇති හිංසනය තමා ප්‍රධාන මාතෘකාව විය යුත්තේ.

      Delete
  5. පාසල් මව කියන මිත්‍යාව ගැන ඔබ කතා කරපු එක සතුටුයි

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විවිධ සන්දර්භ වල සිදුවන ගෝත්‍රික හැසිරීම් ගැන බොහෝ තැන්වල කතාවෙන ඒක යකා දැක ඇතැයි සිතමි. මගේ මතය අනුව මේ ගෝත්‍රික චින්තනයේ මූලය ඇත්තේ පාසල් මාතාව තුල බවයි. පලවෙනි වතාවට කිසිම තාර්කික හෝ යුකතිගරුක පදනමකින් තොරව තමන් නියෝජනය කරන කඳවුරක් බදා ගන්නටත්, එහා කඳවුරේ උන්ට එලෙසින්ම අහේතුකව අම්බානට නෙලන්නටත් දරුවන්ට කියා දෙන්නේ පාසල කියන ගෝත්‍රික රාමුව තුලය. ගොත්රිකත්වයට විරුද්ධ ව කතා කරන අය පවා පාසල වෙනුවෙන් ගෝත්‍රික වනු දැක ඇත. වයස පනහේ පමණ උපාධි දෙක තුනක් සහිත මිනිසුන් කතා බහ කරද්දී මම රෝයලිස්ට්, තෝමියන්, පීටරයිට්, ආනන්දියන්, රාජන්, දේවන් [ඉතිරි ඒවාද ඔයිට නොදෙවෙනිය, කාන්තා පාසල් ද ඇතුළුව] කියා කියනු මට ඇසී ඇත. එමෙන්ම තම දෙවන පෙළ සේවකයෙකු උසස් කරද්දී ඔහු තමන්ගේ පාසලේ කෙනෙකු බව උජාරුවෙන් පවසනු ඇසී ඇත. එහෙත් මේ කියන නෝනා/මහත්වරුන්ගේ සී වී එකක වත් ඔය පාසල සඳහන් කරන්නට තරම් නොවටියි.

      ලාංකිය ගොත්රිකත්වයේ මූලය පාසල් මවයි.

      Delete
  6. කොහොමත් ලිංගික කුහකත්වය පූජනීය කරපු සමාජයම මේවට වගකියන්න ඕනේ.

    ReplyDelete
  7. - අනික් වැදගත් කාරණය නම් ගැහැණු දරුවන් මල් මෙන් හදන කාලය අහවර කලයුතු බවයි. වේසි කිව්වම පරවෙන සුමට මල් වෙනුවට පල පොන්නයෝ යන්න කියා අනිත් පැත්තට කියන රළු පරළු කෙල්ලන් අවශ්‍යය. ++++++++++++++++++++++++++

    සහතික ඇත්ත.

    ReplyDelete