Saturday, July 14, 2012

ගෝල්ඩ් ෆිෂ් හෙවත් ලංකාවේ චන්ද දායකයා



ඉහත පින්තුරයේ පනින්නේ ශ්‍රී ලාංකික චන්ද දායකයෙකි. පිහිනන්නෝ ද ඔවුහු ම වෙති.

පින්තුරයේ ටැංකි දෙකක් තිබේ. එකක් එපා උනාම අනිකට පනින්න පුළුවන. ආපහු දවසක් මුල් එකට පනින්නට වනු ඇත. ගෝල්ඩ් ෆිෂ් ලා නිසා මතක නැහැනේ කොහොමත්. ලංකාවේ දේශපාලනයේ ඇත්තේ මාළු ටැංකි දෙකක් පමණි. ටැංකි දෙකේම ඇත්තේ එකම වතුරය. මදි උනාම එකකින් අනිකට හලා ගැනේ. ගස් නැත. වටේ පිහිනමින් ඉන්නට පුළුවන.

මෙහෙම කිව්වාම අපේ "ක්‍රම වෙනස් කරන" සෙට් එකට මාර ආතල් වනු ඇත. ඇත්තෙන්ම පින්තුරයේ නොපෙනන තරම් කුඩා ජෑම් බෝතලයක් ද තිබේ. ටැංකි අතර පනින ගෝල්ඩ් ෆිෂ් ලාට ක්‍රම වෙනසක් කර එම ජෑම් බෝතලයට පනින ලෙස ඉල්ලීමක් තිබේ. ඇත්තටම එය ක්‍රම වෙනසකි. හැබැයි පැනපු විට තේරුම යනු ඇත්තේ එම ජෑම් බෝතලයේ සීමා සහිත ඉඩේ ඉන්නට ගෝල්ඩ් ෆිශ්ලාට බැරි බවයි. ඊටත් එහා ගැටලුව නම් එහි වතුර නොමැති වීමයි. එවිට වතුර ලැබෙන තුරු වීදුරුව හැරීමේ විප්ලවීය යුග මෙහෙවර පැවරෙන්නේද හුස්ම හිරවූ ගෝල්ඩ් ෆිෂ්ලා ට ය.

ඒ හැරෙන්නට විවිධ ජාතිවාදී තීන්ත කුප්පි ද තිබේ. තීන්ත මාළුන්ට විස නිසා ඒවාට පනින එවුන් විස වැදී දඟලති. මහා පාරේ ඩෙගා නටති. කිලෝ ග්‍රෑම් වලින් බර කිරන මේ යුගයේ ෂයිලොක් මෙන් මස් රාත්තල ම ඉල්ලති.

තවත් පිරිසක් සිටිති. ඔවුහු ගැඹුරු තියරියකින් තැනු සිහින් කේශික නල අල්ලා ගෙන නන් දොඩවති. තියරි ගැඹුර වැඩි වන තරමට නලයේ කේශික සිදුරේ විෂ්කම්භය කුඩා වේ. නලය සිහින් වන තරමට ඒවා කෑලි කැඩී අලුත් කේශික නල බිහිවේ. කිසිම මාලුවෙක් ඒ දිහාට නොපනිති. අප්පිරියාව පමණක් නොවේ.
සම්මන්ත්‍රණ හා පොත් හරහා තෙල් වෙළඳාම ලොරි ගානට කලත්, ගෝල්ඩ් ෆිෂ් කේශික නලයට පනින ආකාරය කාටවත් වැටහෙන ලෙසින් ඔවුන් විස්තර නොකරන බැවිනි. එම තෙල් වලින් කේශික නල පුරවා කැම්පස් වල පිටි පස්සේ අත දරුවන්ට පොවනු ලැබේ. ඇප බේරන්නට වත් එය මදිය.

කලින් කලට මාළුන්ට කෑමදාන අය බිහිවේ. තරු හතරේ කෙනෙක් වරක් කෑම දැම්මද දැන් තරුත් නැත. කෑමත් ඉවරය. හිස් පැකට්ටුව අතේ තියාගෙන ඔහු වටේ ඇවිදියි.

මේ සමග ලස්සන ස්ටේට්මන්ට් එකක් ඇත. ඒක මාර මෙව්වා කියා හැමෝම කියති. එහෙත් එහි පින්තුරයට කිසිම සම්බන්ධයක් නැත. මං හිතන්නේ ඒ බලයට එන්න ඉන්න පක්ෂයේ "මුදල් නොගෙවා හොරෙන් දැමු" දැන්වීමක් පමණි. ඕවා කියවන ගෝල්ඩ් ෆිෂ් ලා ටැංකි අතර පනිමින් කාලය ගෙවා දමනු ඇත.

කන්ක්ලුෂන් එකක්  නොමැත. හෙටත් අනිද්දාත් ඊට පසුවදාත් හිරු පායා බැස යනු ඇත.


[පින්තුරය දුන් දිල් ට ස්තුතියි]

11 comments:

  1. ඔය ගෝල්ඩ් ෆිෂ් ලා පිහිනන්නෙත් ඔය තරම් පිරිසිදු ජලයේ නෙවේ. මඩ වතුරේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මාලුවා පෙනෙන ගානට පින්තුරය සුද්ද කරලා. හොඳින් බැලුවොත් නිල් පාට මඩ පෙනෙනවා.

      Delete
  2. මේක තමයි සත්‍යය. අපි හිතමු මේ සත්‍යය සියලුම චන්ද දායකයො තේරුම් ගත්ත කියල. ඒත් අපිට කල හැකි මට්ටමින් විසදුමක් තියනවද මේ ක්‍රමය වෙනස් කරන්න?

    ReplyDelete
    Replies
    1. ඒකනේ කන්ක්ලුෂන් එකක් නැත්තේ.

      හැබැයි ලෝකේ මේ වගේ රටවල් තිබ්බනේ. ඒ රටවල් වල ක්‍රම වෙනස් කිරීමෙන් උනේ යහපතකට වඩා අයහපතක්. එහෙත් මේ තියෙන සිස්ටම් එක ඇතුලෙන් සුද්ධ කර ගත්තු රටවල් ගොඩ ගියා. අහල ඇතිනේ 1900 මුල කාලේ අමර්රිකාව කෙතරම් කුණු ගොඩක් ද කියා. අද වෙනකොට ඔවුන් තමන්ගේ සිස්ටම් එකම ක්‍රමිකව වෙනස් කරගෙන් ඇතැම් සදාචාරයන් හඳුන්වා ගෙන තියෙනවා. 1940 ගණන් වල සත්තු වගේ කා ගත්තු යුරෝපය අද වෙනකොට බොහොම වැදගත් තාලෙට ඉන්නේ.

      මට හිතෙන්නේ අසීරු වුනත් එකම පාර තමා මේ සිස්ටම් එක පිරිපහදු කර ගන්න එක. කියන තරම් ලෙහෙසි නම් නැහැ.

      Delete
    2. තව දෙයක් එකතු කරන්න ඕනේ. ඔය රටවල් ඔක්කොටම ඇතිවෙන්න සල්ලි තිබ්බා. රිසෝසස් තිබ්බා. ඒ වගේම අදටත් ඔවුන් තම රටවල සාධාරණ පාලනයක් කලාට ලෝකේ අනික් රටවලින් සම්පත් හා ශ්‍රමය සූරා කනවා. ඉතින් ලංකාවට ඔය මොකුත්ම නැහැ. ඒ නිසා ලංකාව හදන්න යන පිරිවැය එන්නේ කොහෙන්ද? මේ ප්‍රශ්නයට උත්තරේ තියෙන්නේ ලෝකේ රටවල් කීපයක විතරයි. සිංගප්පුරුව වගේ. වැඩේ තවත් අමාරු බව තමා කියන්න තියෙන්නේ.

      Delete
  3. මේ ලිපියටනම් සම්පූර්ණයෙන්ම එකඟයි. සරළව ලියා තිබුණත් ඉතාමත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයක්.

    මේ න්‍යාය ශ්‍රී ලංකාවට විතරක් නොවෙයි ඇමරිකාවත් ඇතුළුව ද්වීපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන හැම රටකටම අදාල බවයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක ගැන සෑහීමකට පත් විය හැකියි. ලංකාවේ එහෙම නැහැ. රටක් සංවර්ධිත ද කියන කාරණාව විවාදාත්මක වුවත්, රටවල් හැටියට ඇමරිකාවයි ලංකාවයි නම් තියෙන්නේ දෙතැනක.

      අනික ඇමරිකාවේ ටැංකි අතර වතුර හුවමාරු වන්නේ නැති අතර ටැංකි දෙකේ පැහැදිලි මතවාදී වෙනසක් තිබේ.

      Delete
  4. සුජීවම වරක් කිව්ව වගේ බුකියෙ දාන ඒව එදාට විතරයි. බ්ලොග් එකක එහෙම නෙමෙයි.

    ඉතින් මගෙ යෝජනාව තමයි බුකියෙ පොලිටිකල් ගෲප් වල දිග හෑලි ලිවීමට කාලය වැය නොකර මේ බ්ලොග් එකේ මේ වගේ හොඳ පෝස්ට් ටිකක් දාන්න කියන එක, ඊට පස්සෙ වෙබ් සයිට් එකකට දෙන්න. එමගින් ජනතා දැනුවත් කිරීමක් සිදුවෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. "වෙබ් සයිට්" එකක් කරන්න තරම් "සල්ලි නැහැනේ". :)

      ඔබ හරි. අපි දිග කතන්දර මෙහෙම තැනකට වත් ගෙනෙමු. මුහුනුපොත් කියන්නේ ඊට ගැලපෙන තැනක් නොවේ.

      මේ දවස් වල සංකීර්ණ ප්‍රශ්න වගයක් නිසා ඔක්කොම ටැපලිලා. ඉක්මනින්ම ඒවා නිරවුල් කරගෙන් බ්ලොග් ටික සින්ඩි වලට දාන්න ඕනේ.

      Delete
    2. දිරිගැන්වීමට ස්තුතියි

      Delete
  5. සුජීව, දැන් වැඩිපුරම ඔය ටැංකි දෙකේ ඉන්නෙ ගෝල්ඩ්ෆිෂ්ල නෙවෙයි. මඩකනයි, දියබරි සහ පොඩි උන්ට කෙලින් යන්න කියල පොර ටෝක්ස් ඉෂූ කරමින් හරහට යන කකුලුවෝ.

    හැබැයි ටැංකිය සුද්ද කරන්න හම්බ වෙන චාන්ස් වලදි සුද්ද නොකර පිස්සු කෙලින්නෙත්, කොහෙවත් ඉන්න අජූත මාලුවන්ව ටැන්කියට ගෙනත් දාන්නෙත් අපිම තමයි.

    ReplyDelete